අකාලයේ සමුගත් සොඳුරුත ම මාධ්‍යවේදියා; හේම නලින් කරුණාරත්න.

හේම නලින් කරුණාරත්න; මේ නම ඇහෙද්දී ම අපට මතක් වෙන්නේ සරළ වචනයෙන්, ඔහුට ම අනන්‍ය වුණු කතා විලාසයකින් කතා කරන සොඳුරු ජනමාධ්‍යවේදියෙක් ව. ලංකාව පුරා ඉන්න දසදහස් ගණන් රූපවාහිනී රසික රසිකාවියන්ගේ හිත් දිනාගත් ඔහු, ඊයේ (ජුනි 5 වෙනිදා) කාටත් නොකියම ජීවිතයෙන් සමු අරගෙන ගිහින්. අකාලයේ අපි අතරින් වෙන් වෙලා ගිය ඔහුගෙන්, අපේ රටේ ජනමාධ්‍ය ට සිද්ධ වෙන අඩුව මෙතෙක් කියලා නිම කරන්න බැහැ.

Image source: newsfirst.lk

1962 අවුරුද්දේ අගෝස්තු 27 වෙනිදා උපන්න ඔහු, ප්‍රාථමික අධ්‍යාපනය හැදෑරුවේ මතුගම ශාන්ත මේරි විද්‍යාලයේ. ඊටපස්සේ ඔහු කොළඹ රෝයල් කොලේජ් එකට ඇතුළත් වුණා. ඉස්කෝලේ යන දවස්වල ඉඳලම, ජනමාධ්‍ය ක්ෂේත්‍රයේ රැකියාවකට යන්න ඔහුට තිබුණේ ලොකු ආසාවක්. ඒ නිසා ම, පාසලේ කලා කටයුතුවල අත්දැකීමුත් පෙරදැරි කරගත්ත තරුණ හේම නලින්, ගුවන් විදුලියේ හෝ ප්‍රෙස් එකක රැකියාවකට යන්න තීරණය කළා. මොකද ඒ කාලේ රූපවාහිනිය තිබුණෙත් නැහැනේ.

කොහොමින් කොහොමහරි, 1983 වසරේදී ජාතික රූපවාහිනියට සම්බන්ධ වෙන්න ඔහුට පුළුවන්කම ලැබුණා. එයින් පටන්ගත්ත රූපවාහිනී මාධ්‍ය දිවිය තුළ, අපට රස වින්දනය ලබාදෙන්න ඔහු කරපු මෙහෙය අප්‍රමාණයි. අන්න ඒ නිසා ම, ප්‍රේක්ෂක ජනතාවගේ හිත් ඇද බැඳ තබාගත්ත, හේම නලින් මහත්මයා ඉදිරිපත් කරපු ජනප්‍රිය ම වැඩසටහන් 6ක් ගැන කතා කරන්න අපි කල්පනා කළා.

නමයයි පහ

වාර්තාමය වැඩසටහනක් වුණු "නමයයි පහ", ජාතික රූපවාහිනියෙන් විකාශය වුණු අද්විතීය නිර්මාණයක්. මේ වැඩසටහන ජනප්‍රිය වෙන්න ප්‍රධානම හේතුව වුණෙත් හේම නලින් මහත්මයාගේ සොඳුරු හඬ, ඒ කතා විලාසයමයි. ඔහු මේ වැඩසටහන පටන්ගත්තේ Beyond 2000, Lonely Planet වගේ ජාත්‍යන්තර වශයෙන් ජනප්‍රිය වුණු වාර්තාමය වැඩසටහන් නැරඹීමෙන්, සහ ඒ ගැන ගැඹුරු අධ්‍යනය කිරීමෙන් පස්සෙයි.

එදිනෙදා ජීවිතයේදී අපට දකින්න ලැබෙන අරුම පුදුම දේවල් තමයි ප්‍රධාන වශයෙන්ම නවයයි පහ වැඩසටහනෙන් දකින්න ලැබුණේ. ඉරිදා රාත්‍රියට, බිත්ති ඔරලෝසුවේ 9.05 සනිටුහන් වෙද්දීම, අපි පවුල් පිටින්ම රූපවාහිනිය ඉස්සරහ ඉඳගත්තේ ඒ දේවල් රස විඳින්න.

යාත්‍රා

තුමුළ නමුණුකුල ගිරි හිස – උදුල සඳ මඬල දුටු නෙතරැවටුනා තමයිකිම‍ ද මේ තරම් ඒ ගැන – හිනැහෙන්නට කාරණාමුහුණ රතු වෙලා දෙනෙතින් – කදුළු පනින තුරු එලියටඔහොම හිනා‍වෙනකොට උඹ – ‍ලස්සනයි උමා

මේ ගීතය ඇහෙද්දීම ඔයාලට මතක් වෙයි මේ වැඩසටහන මොකක්ද කියන එක. "යාත්‍රා" ; ඒ කාලේ ජාතික රූපවාහිනියේ විකාශය වෙච්ච ප්‍රාසාංගික වැඩසටහන් අතරින්, හොඳටම ජනප්‍රිය වුණු වැඩසටහනක් විදියට හඳුන්වන්න පුළුවන්. ඇත්ත ම කිව්වොත්, මේක තවත් එක සංගීත වැඩසටහනක් නොවී, රූපමය කාව්‍යක් බවට පත්වුණේ, හේම නලින් මහත්මයාගේ ලයාන්විත ඉදිරිපත් කිරීම නිසයි.

සමන් ජයනාත්ගේ මේ ගීතය විතරක් නෙවෙයි, ඉමාන් පෙරේරාගේ "වසන්තයේ මල්", අප්සරා ද සිල්වාගේ "ඉවාන් පවුලූෂා" වගේ ගීත, ඒවායේ රූප රචනාවන් පවා අදටත් මතක හිටින තරමට, මේ වැඩසටහන අපට සමීප වුණා.

සුන්දර සෙනසුරාදා

ජාතික රූපවාහිනියෙන් පස්සේ හේම නලින් මහත්මයාගේ රූපය අපට ආයෙත් දකින්න ලැබුණේ ස්වර්ණවාහිනියෙන්. නිවේදකයෙක්, මාධ්‍යවේදියෙක් විදියට වගේ ම, වැඩසටහන් අධ්‍යක්ෂවරයෙක් විදියටත් ඔහුගේ දක්ෂතාවයන් අපට දැකගන්න ලැබුණේ මේ කාලයේදී.

ඉතින් බොහෝ දෙනා නිවාඩු පාඩුවේ ගෙදරට වෙලා ඉන්න සෙනසුරාදාව සුන්දර ම දවසක් කරන්න, හේම නලින් මහත්මයා ඉරිදිපත් කරපු සුන්දර සෙනසුරාදා වැඩසටහනට පුළුවන් වුණු බව නිසැකයි.

හතට හිතට හදවතට

වාර්තාමය වැඩසටහන් ගැන හේම නලින් මහත්මයාගේ තියෙන ලැදියාව සහ හැකියාව තවත් වරක් පෙන්නුම් කරපු වැඩසටහනක් තමයි මේ. එදිනෙදා ලංකාවේ වෙන අපූරු සිදුවීම්  මේකෙන් ඉදිරිපත් කෙරුණා.

නමයයි පහ තරමට නැතත්, හැමදාම උදේ හතට විකාශය වුණු මේ “හතට හිතට හදවතට”, 2008 අවුරුද්දේ ස්වර්ණවාහිනියේ විකාශය වුණු හොඳ ම වැඩසටහන් අතරින් එකක්.

හිත ළඟ හත

හේම නලින් මහත්මයාගේ කලාත්මක හඬ විලාසය, සංගීතමය වැඩසටහන් මෙහෙයවන්න ම හදපු එකක් වගේ. ජාතික රූපවාහිනියේ යාත්‍රා, ස්වර්ණවාහිනියේ හංස විලෙන් පස්සේ, ඒ රසාස්වාදය අපට ආයෙත් දැනුණේ ඔහු ඉදිරිපත් කරපු හිත ළඟ හතෙන්. ජාතික රූපවාහිනියේ විකාශය වුණු මේ වැඩසටහන, ඔහු මිය යන්නට කලින් සම්බන්ධ වුණු අවසාන නිර්මාණ අතරින් එකක්.

පිටපත් රචකයෙක්, ජනමාධ්‍යවේදියෙක්, ගවේෂකයෙක්, අධ්‍යක්ෂවරයෙක් වුණු ඔහුගෙන් ගුරුහරුකම් ලබා, මාධ්‍ය ක්ෂේත්‍රයට බිහි වුණු ශිෂ්‍ය ශිෂ්‍යාවනුත් බොහොමයි. පාසල් වෙත ගිහින් මාධ්‍ය උගන්වන්න තරම් ඔහු නිහතමානී වුණා.

නොසිතපු විදියට ජීවිතය හැර ගිය හේම නලින් මහත්මයා, තමන්ගේ අවසාන කාලයේදී රැකියාව කළේ හෙරිටේජ් ටීවී ආයතනයේ ප්‍රධානියා විදියටයි. දශක 3ක් තිස්සේ තමන් එක්කාසු කරගත්ත දැනුම, සහ අත්දැකීම් සමූහය, හෙරිටේජ් ටීවී ඔස්සේත් ඉදිරිපත් කරන්නට ඔහුට හැකි වුණා. ලංකාව පුරා ඇති ගස්කොළන්, සතා සීපාවන්, දිය ඇලි ආදී අපේ උරුමය මිනිස්සු අතරට ගෙනියන්න ඔහු කටයුතු කළේ ඒ විදියට.

ඉදින්, "9.05"න් "යාත්‍රා" කර, "හිත ළඟ හත" නතර කරවූ, අපේ "උරුමය" රූපවාහිනියටද ගෙනා සොඳුරු හිතැත්තාණනි, ඔබට සුබ ගමන්!!

Share on facebook
Share on twitter
Share on whatsapp

Highlights.

Latest.

KAMU.

Marine Spice: Colombo’s Global Fusion Gem

Indulge in a culinary journey at Marine Spice, Colombo's latest Indian-inspired restaurant. Open daily from

Kamu Trending

Oktoberfest 2023 at Hilton Colombo

The oldest and by far, the most authentic of the Oktoberfest is back with a

Highlights Kamu Trending

“Delightful Vegan Feast: Savor the Flavors of Compassion and Health”

Indulge in an expertly crafted meal featuring an amazing array of fresh healthy and delicious

Highlights Kamu

Sri Lankan flavors with a Mexican Twist at Taco Shack

See here Tacos but make it Lankan? A legacy that began in the humble confines

Kamu Test

Keells : Your one-stop destination for quick meals and more

By Shamrina C In the fast-paced world we live in today, convenience is key, especially

Highlights Kamu

Exploring rich Italian Pasta and Pizza at Penne

By Sahasni Gamage Ambiance Penne Colombo offers a captivating aesthetic ambiance with soft, ambient lighting

Highlights Kamu

Trending.

Courtyard by Marriott Colombo partners with Magzter to become Sri Lanka’s first Smart Reading Hotel

With sustainability increasingly taking centre stage in the hospitality industry, hotel chains worldwide are implementing

Trending

Mount Lavinia Hotel hosted the grand Christmas tree lighting ceremony

Mount Lavinia Hotel hosted the grand Christmas tree lighting ceremony on 26th November 2023. Dignitaries,

Trending

Gary Mehigan: Celebrity Chef and Former MasterChef Australia Judge is finally here in Sri Lanka

Internationally acclaimed Celebrity Chef and former MasterChef Australia judge, Gary Mehigan, has officially arrived in

Trending

Quick Chat with Celebrity Chef Gary Mehigan

Former MasterChef Australia Judge talks about the Culinary Extravaganza awaiting in Sri Lanka! Colombo, 21st

Trending

Unveil the Enchantment of the Tropics: Festive Luxury with Minor Hotels Sri Lanka

An unparalleled host of festive celebrations and getaways await you with Minor Hotels Sri Lanka,

Trending

The most inspired Christmas Tea Gifts from t-Lounge by Dilmah.

Embracing the festive season, and just in time for your Christmas shopping, t-Lounge by Dilmah's

Highlights Trending

Yamu Guide.

“Deck the Halls: Christmas Decor Roundup”

“Top 5 Destinations for Your Christmas Shopping Spree.”   Edys.lk: Unwrap the Magic Edys.lk is

Yamu Guide

11 Reasons not to miss Daraz’s 11.11 Mega Sale!

By Shamrina Carim Are you ready for a shopping extravaganza like no other? Daraz's 11.11

Highlights Yamu Guide

Yaal Virindu – Jaffna Food Festival: A Culinary Journey of Joy

In collaboration with My Sister’s Kitchen by Thushara & Danu Innasithamby By Shamrina C Sri

Highlights Yamu Guide

Where to buy the iPhone 15 in Colombo

By Shamrina Carim If you're on the hunt for the latest iPhone 15 in Colombo,

Highlights Yamu Guide

Spotting Blue Whales in Mirissa with Chaminda Whale Watching

The whale watching tour in Mirissa Start time: 6:30am Duration: 3-5 hours depending on sightings

Highlights Yamu Guide

The Rise of Plant-Based Diets: Benefits and Challenges

By Shamrina Carim In recent years, plant-based diets have surged in popularity, drawing attention for

Highlights Yamu Guide