නෙට්ෆ්ලික්ස් එකෙන් බලන්න, ස්ත්‍රීන් ගැන කතා කරන හින්දි චිත්‍රපටි II.

කාන්තාවන් පසුබිම් කරගෙන නිර්මාණය වුණු, නෙට්ෆ්ලික්ස් එකෙන් හොයාගන්න පුළුවන් හින්දි චිත්‍රපටි ගැන ලියන ලිපි මාලාවේ දෙවැනි කොටසයි මේ. පළමු කොටස මෙතැනින්.

Highway

2014 වසරේ නිකුත් වුණ හයිවේ චිත්‍රපටිය අධ්‍යක්ෂණය කළේ ඉම්තියාස් අලී. ආලියා භාත් සහ රන්දීප් හූදා ප්‍රධාන චරිත නිරූපණය කරනවා. මැර පිරිසක් අතින් පැහැර ගැනීමකට ලක් වෙන වීරා නම් ධනවත් පවුලක ගැහැනු ළමයෙක්, පැහැර ගැනීමෙන් පස්සේ සිදු වෙන සිදුවීම් මාලාව ඇතුළේ තමන්ගේ ජීවිත කාලය තුළ ඊට පෙර නොලැබූ ජීවිතාවබෝධයක් ලබාගන්න ආකාරය මේ ෆිල්ම් එකෙන් දකින්න පුළුවන්. මේ අතරේ මැර කල්ලියේ ප්‍රධානියා වෙන මහබීර් සහ වීරා අතර හටගන්න අප්‍රකාශිත ප්‍රේමය සහ සියුම් හැඟීම් එහෙමත් මෙයින් අපූරුවට නිරූපණය වෙනවා. මේ චිත්‍රපටියේ සංගීතය අධ්‍යක්ෂණය කළේ ඒ. ආර්. රහ්මන්.

No one Killed Jessica

ක්‍රයිම් ත්‍රිලර් ශානරයට අයත් නෝවන් කිල්ඩ් ජෙසිකා චිත්‍රපටිය රිලීස් වුණේ 2011 දී. ප්‍රධාන චරිතවල රඟපාන්නේ විද්‍යා බාලන් සහ රාණි මුකර්ජි. දේශපාලකයෙකුගේ පුතෙකු අතින් ඝාතනය වුණු තමන්ගෙ සොයුරිය වෙනුවෙන් යුක්තිය ඉටු කරගන්න උත්සාහ කරන කාන්තාවක් සහ ඒ සඳහා ඇයට උදව් වෙන ගවේෂණාත්මක මාධ්‍යවේදිනියක් වටායි කතාව ගෙතෙන්නේ. අධ්‍යක්ෂණය කළේ රාජ් කුමාර් ගුප්තා. සත්‍ය කතාවක් ආශ්‍රයෙන් තමයි මේ ෆිල්ම් එක නිර්මාණය වෙලා තියෙන්නෙ.

Kahaani

සුජෝයි ඝෝෂ් අධ්‍යක්ෂණය කළ කහානි චිත්‍රපටිය තිරගත වුණේ 2012 වසරේ. විද්‍යා බාලන්, නවාසුද්දීන් සිද්දිකී ප්‍රධාන චරිත නිරූපණය කරනවා. අතුරුදන් වුණ තමන්ගෙ ස්වාමි පුරුෂයා හොයාගන්න උත්සාහ කරන ගැබ්බර බිරිඳකගේ කතාවක්. කල්කටා නගරය තමයි ෆිල්ම් එකට පසුබිම් කරගෙන තියෙන්නෙ. රසික විචාරක හැමෝගෙම නොමඳ පැසසුමට බඳුන් වුණ කහානි, සම්මාන රාශියක් දිනාගන්නත් සමත් වුණා.

Dolly Kitty Aur Woh Chamakte Sitare

2019 දී එළිදැක්වුණු මේ චිත්‍රපටිය අධ්‍යක්ෂණය කළේ අලංක්‍රිතා ශ්‍රීවාස්තව. කොන්කොනා සෙන් ශර්මා සහ භූමි පෙඩ්නෙකර් ප්‍රධාන චරිත සඳහා රංගනයෙන් දායක වෙනවා. ඩොලී සහ කිටී කියන ඥාති සොයුරියන් දෙන්නගෙ ප්‍රේමය, විවාහය, ලිංගිකත්වය සහ ආශාවන් වටා ගෙතෙන මේ කතාව, පැසසුම්වලට වගේ ම විවේචනවලටත් එක වගේ ම භාජනය වුණා.

Stree

ශ්‍රද්ධා කපූර්, රාජ්කුමාර් රාඕ සහ පංකජ් ත්‍රිපති රඟපාන ස්ත්‍රී රිලීස් වුණේ 2018 දී. හොරර් කොමඩි ගණයට අයත් මෙහි අධ්‍යක්ෂවරයා අමර් කෞෂික්. මේ ඔහුගේ ප්‍රථම අධ්‍යක්ෂණය. රාත්‍රියේ දී පිරිමි උදවියට විවිධ හිරිහැර කරන ස්ත්‍රියකගේ ආත්මයක් නිසා බියෙන් පසු වෙන එක්තරා ප්‍රදේශයක් මේ කතාවට පසුබිම් වෙනවා. මේ අබිරහස විසඳන්න උත්සාහ කරන පිරිසක් ගැන සහ අබිරහසට හේතු වුණු සිද්ධිය හොයාගැනීම ගැනයි කතාව ගෙතෙන්නේ. මේ චිත්‍රපටිය සම්මාන රාශියකට නිර්දේශ වුණා වගේ ම, විචාරක රසික ප්‍රශංසාවටත් ලක් වුණා. 

Margarita With a Straw

2014 දී එළිදැක්වුණු මාගරිටා විත් අ ස්ට්‍රෝ ෆිල්ම් එක අධ්‍යක්ෂණය කළේ ශොනාලි බෝස්. කල්කි කොඑච්ලින් සහ සයනි ගුප්තා මෙහි රඟපානවා. සිංහලෙන් මස්තිෂ්ක ආඝාතය කියලා හඳුන්වන Cerebral Palsy කියන රෝගයට ගොදුරු වුණ තරුණ ගැහැනු ළමයෙක් වැඩිදුර අධ්‍යාපනය සඳහා නිව්යෝක් නගරයට යනවා. එහිදී ලෝකය ගැන ඇගේ අවබෝධය වෙනස් වෙන ආකාරය සහ, පිළිකාවකින් පීඩා විඳිමින් ම ඇගේ මව ඇය වෙනුවෙන් කැප වෙන ආකාරය මෙයින් දකින්න පුළුවන්.

Lust Stories

අධ්‍යක්ෂකවරු සිව් දෙනෙකුගේ චිත්‍රපට 4ක එකතුවක් වෙන ලස්ට් ස්ටෝරීස් නිකුත් වුණේ 2018 අවුරුද්දේ. අනුරාග් කාශ්‍යප්, සෝයා අක්තාර්, දිබාකර් බැනර්ජි සහ කරන් ජොහාර් තමයි අධ්‍යක්ෂවරු හතර දෙනා. එකිනෙකට වෙනස් ෆිල්ම්ස් හතරක් වුණත් හතර ම ගෙතෙන්නෙ කාන්තාවන් පසුබිම් කරගත් ප්‍රේමය, ලිංගිකත්වය, විවාහය යනාදී කරුණු ගැන කතා කරන එක රේඛාවක් දිගේ. රාධිකා ආප්තේ, භූමි පෙඩ්නෙකර්, මනීෂා කොයිරාල, කියාරා අද්වානි, විකී කෞෂාල්, නේහා ඩුපියා ඇතුළු පිරිසක් මෙහි රංගනයේ යෙදෙනවා.

Dear Zindagi

ආලියා භාත් එක්ක ශාරුක් ඛාන් රඟපාන ඩියර් සින්දගී නං බොහොම ජනප්‍රිය චිත්‍රපටියක්. අධ්‍යක්ෂණය කළේ ගෞරි ශින්දේ. රිලීස් වුණේ 2016 වසරේ. ගැහැනු ළමයින්ට තමන්ගෙ ජීවිතේ අතීත සිදුවීම් නිසා වර්තමානයට මුහුණ දෙන්න දුෂ්කර වෙද්දි, එයින් මිදිලා අලුතින් ම ජීවිතේ ගැන හිතන්න පටන්ගන්නෙ කොහොමද කියලා කයිරා කියන ගෑනු ළමයා සහ ඇගේ අපූරු මානසික වෛද්‍යවරයා ඇසුරින් වටහලා දෙන හොඳ ෆිල්ම් එකක් විදිහට මේක නම් කරන්න පුළුවනි.

Share on facebook
Share on twitter
Share on whatsapp

Highlights.

Latest.

KAMU.

An Exquisite Iftar Buffet Experience at Cinnamon Lakeside Colombo

By Sahasni Gamage  Ramadan is all about reflection, togetherness, and, of course, enjoying some amazing

Highlights Kamu Trending

A Sunset Feast by the Sea – Hunger Squad

by Vimasha Weerawansha  Ambience  For those who chase sunsets and savor every golden moment, Hunger

Highlights Kamu

A Delightful Iftar Experience At Sheraton Kosgoda

Traditional Iftar Selection Breaking fast at Sheraton Kosgoda was an experience of elegance and variety,

Highlights Kamu

Loon Tao: A Unique Beachfront Culinary Escape

If you’re looking for the perfect blend of mouthwatering Chinese food, excellent service, and a

Highlights Kamu

The Sweetest Valentine’s Treat from The Sweet Room!

by Shamrina Carim February is here and love is in the air—So is the irresistible

Kamu

Sawan for Seven! A Gigantic North Indian Meal from Rosewood Ceylon

By Shamrina Carim If you’re craving an indulgent North Indian meal that brings together bold

Kamu

Trending.

Excel World Launches First-Ever Ramadan Kareem Iftar Buffet

Excel World Entertainment Park in Colombo recently celebrated the launch of its first-ever Ramadan Kareem

Trending

A Trio of Radisson Hotels Gears Up for Markdown Mania 2025 at The World Trade Center

Radisson Hotel Kandy Radisson Hotel Colombo Radisson Blu Resort Galle Kristofer Quadros – Cluster General

Trending

An Exquisite Iftar Buffet Experience at Cinnamon Lakeside Colombo

By Sahasni Gamage  Ramadan is all about reflection, togetherness, and, of course, enjoying some amazing

Highlights Kamu Trending

Embark on a Culinary Journey with Chef Riza Bhatti at Cinnamon Lakeside’s Ithar Promotion

Cinnamon Grand Colombo is thrilled to welcome the celebrated Pakistani chef, Chef Riza Bhatti, for

Trending

Cinnamon Red Colombo invites you to a blessed Iftar – bring 3, 4th dines free

This Ramadan, Cinnamon Red Colombo warmly welcomes guests to experience a truly special Iftar –

Trending

Cinnamon Lakeside Colombo Celebrates Women’s Day with Exclusive Culinary Delights and Special Offers

This Women’s Day, Cinnamon Lakeside Colombo invites guests to indulge in a series of exclusive

Trending

Yamu Guide.

Iftar Deals for Great Value in 2025

By Fathima Rukaiya, Iftar doesn’t have to be expensive to be delicious! Whether you’re craving

Highlights Trending Yamu Guide

IFTAR Buffet List – 2025

by Fathima Rukaiya, As Ramadan 2025 approaches, food lovers and families are on the lookout

Highlights Trending Yamu Guide

Colombo’s BYOB Gems: 15 Perfect Spots to Pair Your Drink with Delicious Food

by Vimasha Weerawansha Are you on the hunt for dining spots where you can bring

Yamu Guide

14 Romantic Places to Spend  February 14th – Valentine’s Day

Valentine’s Day is just around the corner, and if you're looking for the perfect place

Highlights Yamu Guide

Valentine’s Gift Guide for Him 2025

by Fathima Rukaiya Looking for the perfect way to show your special guy how much

Highlights Yamu Guide