2020 හෙද ඉතිහාසයේ වැදගත්ම වසරයි.. ෆ්ලොරන්ස් නයිටිංගේල් වසර 150කට පෙර කියයි.

මේ වෙලාවේ සමස්ත ලෝකය ම ඉන්නේ කොවිඩ්-19 වසංගතයට එරෙහිව සටනක යෙදිලා. ඒ සටනේ ඉදිරි පෙළ ඉන්න, වසංගතය සමග මුහුණට මුහුණ ලා සටන් කරන පිරිසක් තමයි හෙද හෙදියන්. ඒ අතරේ හැම අවුරුද්දක ම ජාත්‍යන්තර වශයෙන් සමරන ලෝක හෙද දිනය මැයි 12 වෙනිදාට යෙදෙනවා. හෙද දිනය විදිහට සැලකෙන්නේ හෙද සේවයේ නිර්මාතෘවරිය, ෆ්ලොරන්ස් නයිටිංගේල්ගේ උපන්දිනය. මෙවර සැමරෙන්නේ ඇගේ 200 වෙනි උපන්දිනය වීම විශේෂත්වයක්.

ඒ වගේ ම අහම්බෙන් වුණත් සිදු වුණ තවත් වැදගත් සිදුවීමක් තියනවා.

“මා සිහින දකින අනාගත හෙද සේවාව ලෝකයට නියමාකාරයෙන් දැකගත හැකි වන්නේ තවත් වසර 150කින්.”

මේ, ෆ්ලොරන්ස් නයිටිංගේල් 1870 දී ලියා තැබූ වාක්‍යයක්. හරියට ම ඉන් වසර 150ක් ගත වූ තැන 2020 වසරේදී උද්ගත වුණු කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන්, ඇය සිහින දුටු හෙද සේවාවේ විශිෂ්ටත්වය අපිට ඇස් පනාපිට අත්දකින්නට ලැබී තියනවා.

රූපය: www.twitter.com/sadanmori

ඉතින් මේ කරුණු සියල්ල ම එක්ක මෙවර හෙද දිනය වෙන කවරදාටත් වඩා උත්කර්ෂයෙන් සැමරිය යුතු බව අමුතුවෙන් කියන්න ඕන නෑ. මේ නිසා, මේ මොහොතේ මුළු ලෝකය ම වෙනුවෙන් විශිෂ්ට සේවයක නිරත වෙලා ඉන්න හෙද හෙදියන් සිහිපත් කරමින් පුංචි සටහනක් තියන්න යමු අපි කල්පනා කළා.

හෙද සේවයේ ඇරඹුම

නූතන හෙද සේවයේ නිර්මාතෘවරිය වන්නේ ‘පහනක් අතින් ගත් ආර්යාව’, නැතිනම් ‘The Lady with the Lamp’ නමින් විරුදාවලි ලැබූ ෆ්ලොරන්ස් නයිටිංගේල් බව ඔබ කවුරුත් දන්නවා. 1820 මැයි 12 වැනිදා, ධනවත් බ්‍රිතාන්‍ය පවුලක දියණියක් ලෙස ඉතාලියේ ෆ්ලොරන්ස් නගරයේදී උපත ලබන ඇය කුඩා කාලයේදී ගත කළේ බෙහෙවින් සැපවත් ජීවිතයක්. යොවුන් වියට එළඹෙන විට, අසරණ භාවයට පත් වූ මිනිසුන් වෙනුවෙන් තමා යමක් කළ යුතු බවට අදහසක් ඇය තුළ මතු වෙනවා. 

මේ ඔස්සේ යමින් තමන්ට රෝගීන්ට ඇප උපස්ථාන කිරීමට ලැබෙන්නේ නම් එය මහත් භාග්‍යයක් බව ඇය සිතනවා. මේ කාලයේදී හෙද සේවය යනුවෙන් විෂයයක් ලෝකයේ තිබුණේ නෑ. රෝගීන්ට උපස්ථාන කිරීමට කාන්තාවන් පුහුණු කරන රෝහලක් ජර්මනියේ ඇති නිසා, එහි ගොස් අවශ්‍ය පුහුණුව ලැබීමට ඇය අදහස් කළත් ඇගේ පවුලෙන් මීට කැමැත්ත හිමි වන්නේ නෑ. කෙසේ වුණත් ඇගේ බලවත් ආශාව සහ ධෛර්යය නිසා ම අවසානයේදී මේ පුහුණුව සඳහා ජර්මනියට යෑමට ඇයට හැකියාව ලැබෙනවා. ඒ අනුව 1851දී පුහුණුව සඳහා පිටත්ව යන ෆ්ලොරන්ස්, 1854දී සිය වෘත්තීය ජීවිතයට එළඹෙනවා.

හෙද වෘත්තිය යනුවෙන් යමක් නොතිබූ කලක ලන්ඩනයේ ඇය සේවය කළ රෝහල සම්පූර්ණයෙන් ප්‍රතිසංවිධානය කර ඇය රෝගීන්ට උපස්ථාන කිරීමට කැප වූ ආකාරය විස්මිත බවයි ඉතිහාසයේ දැක්වෙන්නේ. මේ අතර ක්‍රිමියානු යුද්ධයේ තුවාලකරුවන්ට උපස්ථාන කිරීමට අවස්ථාවක් ඇයට හිමි වෙනවා. මේ සඳහා තවත් පිරිසක් සමග ඇය ක්‍රිමියාවට පිටත්ව යනවා. ෆ්ලොරන්ස් මේ යුද්ධයෙන් තුවාල ලැබූ සෙබළුන්ට රැයක් දවාලක් නොමැතිව ප්‍රතිකාර කිරීමට කැප වූ බව ඇය ගැන ලියැවුණු තොරතුරුවල සඳහන්. ඇය ‘පහනක් අතින් ගත් ආර්යාව’ ලෙස හඳුන්වන්නට පටන් ගෙන ඇත්තේ, රාත්‍රියට පහනක් අතින් ගෙන පැමිණ තුවාලකරුවන්ගේ සුවදුක් හොයා බලන්නට වෙහෙසෙන නිසා.

ඒ වගේ ම නිවැරදි හෙද පුහුණුවක් ලබා දීම සඳහා හෙද පුහුණු පාසල් ඇරඹීමට සෘජුවම දායකත්වය සපයන ඇය, මෙතැන් සිට හෙද වෘත්තිය නිසි පිළිගැනීමක් සහිත නිල වෘත්තියක් බවට පත් කරන්නට මූලිකත්වය ගන්නවා. මේ අනුව ෆ්ලොරන්ස් නයිටිංගේල් ලෝකයේ නූතන හෙද සේවයේ නිර්මාතෘවරිය වශයෙන් නම් දරනවා.

කොරෝනා සමයක හෙද සේවය

කොවිඩ්-19 රෝගය සමස්ත මිනිස් ප්‍රජාව වෙළාගත්ත මේ මොහොතේ ඊට එරෙහිව හෙද හෙදියන්ගේ කාර්යභාරය සුවිශේෂයි. කිසිවෙකුට කොරෝනා රෝගියෙකුට ලං වීමට හිතන්නටවත් නොහැකි මොහොතක, ඒ අවදානම භාරගෙන රෝගීන් සුවපත් කිරීමේ කටයුත්තේ දිවා රෑ නොබලා යෙදී ඉන්න හෙද වෘත්තිකයන් ඉටු කරන මෙහෙය අසමසමයි.

දිගින් දිගට ම වෛරසය ආසාදනය වූ පුද්ගලයන් රෝහල්ගත කරද්දී, හෙද සේවාවේ යෙදී ඉන්න සොයුරු සොයුරියන් කිසි විටෙකත් කොරෝනා රෝගයෙන් බේරීමට අවශ්‍ය ආරක්‍ෂිත උපකරණ, ඇඳුම් පැළඳුම් ලැබෙන තෙක් බලා සිටියේ නෑ. ඔවුන් තමන් විසින් ම තියන දෙයින් නිර්මාණය කරගත් ආරක්‍ෂිත වැසුම් සහ උපාංග භාවිත කරමින් ජීවිතය පවා පරදුවට තබා රෝගීන්ට ප්‍රතිකාර කළා.

රූපය: www.slnurses.lk

විශේෂයෙන් ම ලංකාවේ අයි ඩී එච් හෙවත් අංගොඩ ජාතික බෝ වන රෝග විද්‍යායතනයේ හෙද හෙදියන් මෙහිදී සිහිපත් කළ යුතුයි. මෙවැනි වසංගත තත්ත්වයකට මුහුණ දීමේදී ලංකාවේ තියන එක ම ප්‍රධාන රෝහල එයයි. තමන්ට තිබෙන අඩුපාඩු ගැන මැසිවිලි කියමින් පැමිණිලි කරමින් ඔවුන් මෙය මඟ හැරියා නම් රෝගීන් දහස් ගණනකගේ ජීවිත අනතුරේ වැටෙනවා. ලංකාවේ අනෙකුත් රෝහල්වල සේවයේ යෙදෙන හෙද හෙදියන්ගේ කැප වීමත් මෙබඳුයි.

ගෝලීය සෞඛ්‍ය ඉලක්ක සපුරාගැනීම සඳහා ලෝකයට තවත් හෙද සේවක සේවිකාවන් මිලියන හයක් අවශ්‍ය බව පසුගියදා ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රකාශ කළා. දැනට සේවයේ යෙදෙන හෙද හෙදියන් ඉටු කළ යුතු වැඩ කොටස කෙතරම් විශාල දැයි ඉන් කියැවෙනවා. ලෝකය පුරා සෞඛ්‍ය සේවක සේවිකාවන් කොවිඩ්-19 පරදන්නට සටන් කරන අවස්ථාවක, අපේ යුතුකම වෙන්නේ හැකි උපරිම අයුරින් ඔවුන්ට සහාය ලබා දී, ඔවුන්ගේ කැප වීම අපතේ නොයැවීමට වග බලාගැනීමයි.

රූපය: www.weforum.org

ඉතින්, ලෝකය පුරා රෝහල්වල කොරෝනා වෛරසය පරාජය කිරීමට අප්‍රතිහත ධෛර්යයෙන් වෙහෙසෙන හෙද සොයුරු සොයුරියන්ට මෙවර ජාත්‍යන්තර හෙද දිනයේදී අපේ ස්තුති පූර්වක ප්‍රණාමය පුද කරමු.

Share on facebook
Share on twitter
Share on whatsapp

Highlights.

Latest.

KAMU.

A Vintage Affair at Sky Lounge

An Evening of Fine Wine and an Italian Touch The Kingsbury, Colombo, invites you to

Highlights Kamu Trending

Taste the World: 7 Cuisines in 7 Days

Are you craving a culinary adventure? 7 Cuisines in 7 Days is your ultimate guide

Highlights Kamu Trending

The Avenue, Colombo – Review

From the moment you walk in, the space offers a sense of comfort. Its simple

Highlights Kamu Trending

7 Fine Dining Restaurants You Must Try in Colombo

Sri Lanka’s culinary scene is rapidly evolving, blending its rich heritage with global gastronomic trends.

Highlights Kamu Trending

Tea Trails & Tastes: : Best Eats in Nuwara Eliya and Ella.

By Fathima Rukaiya, Let’s take a flavorful journey through the culinary landscapes of Ella and

Highlights Kamu Trending

Press Conference: Celebrating 50 Years of The London Grill & Welcoming Visiting Chef Phillip Davenport

Colombo, Sri Lanka – 14 May 2025 – Cinnamon Grand Colombo is pleased to invite

Highlights Kamu Trending

Trending.

A Vintage Affair at Sky Lounge

An Evening of Fine Wine and an Italian Touch The Kingsbury, Colombo, invites you to

Highlights Kamu Trending

Browns Hotels Opens Turtle Conservation Hub at Dickwella Resort

On 23rd May, to celebrate World Turtle Day, Browns Hotels & Resorts (BHR) began a

Trending

Best Waterfalls in Sri Lanka (Including Hidden Gems)

By Fathima Rukaiya, There are many beautiful waterfalls in Sri Lanka, but are you unsure

Highlights Trending Yamu Guide

Taste the World: 7 Cuisines in 7 Days

Are you craving a culinary adventure? 7 Cuisines in 7 Days is your ultimate guide

Highlights Kamu Trending

The Avenue, Colombo – Review

From the moment you walk in, the space offers a sense of comfort. Its simple

Highlights Kamu Trending

7 Fine Dining Restaurants You Must Try in Colombo

Sri Lanka’s culinary scene is rapidly evolving, blending its rich heritage with global gastronomic trends.

Highlights Kamu Trending

Yamu Guide.

Best Waterfalls in Sri Lanka (Including Hidden Gems)

By Fathima Rukaiya, There are many beautiful waterfalls in Sri Lanka, but are you unsure

Highlights Trending Yamu Guide

The 2025 High Tea Round-Up

Looking for the perfect place to enjoy a relaxing high tea? Whether you're into sweet

Highlights Yamu Guide

A Curated List of 9 Japanese Restaurants in Sri Lanka

1.Salmon and Maki - Thalawathugoda Japanese Fusion Cuisine 11.00 AM - 10.30 PM (everyday) Visit:

Highlights Yamu Guide

Father’s Day Gift Guide 2025

By Linara Wimalaweera Father's Day is an opportunity to acknowledge the dedication and influence of

Yamu Guide

Top Must-Try Restaurants in Ahangama for 2025

Ahangama, a charming surf town on Sri Lanka's southern coast, is becoming a popular spot

Highlights Yamu Guide

8 Gift Ideas to Celebrate Your Mom This Mother’s Day

Mother’s Day is a special time set aside to honor the amazing women who shape

Yamu Guide