කොරෝනා නිසා රැකියාව අහිමි වෙලා ද? එහෙනම් කියවන්න...

අපි ඉන්න සමාජයේ වාතාවරණයත් එක්ක රැකියාවක් අහිමි වීම කියන්නෙ සුළු කොට තැකිය හැකි කාරණයක් නෙවෙයි. මේකට බලපාන්නෙ මූල්‍යමය තත්ත්වය පිරිහීම විතරක් නෙවෙයි, රැකියාවක් අහිමි වීමෙන් ජීවිතයට තවත් බොහෝ ගැටලු පැන නඟිනවා. දැනුවත්ව හෝ නොදැනුවත්ව අපි සතියකට අවම වශයෙන් පැය 40ක්වත් ගෙවන්නෙ රැකියා ස්ථානයේ. ඒ නිසා රැකියාව අහිමි වෙනව එක සෘජුව වගේ ම වක්‍රවත් ජීවිතයට සෑහෙන බලපානවා.

අවාසනාවකට දැන් උද්ගත වෙලා තියන කොරෝනා වාතාවරණයත් එක්ක ඇතැම් අයට රැකියා අහිමි වීම්වලට මුහුණ දෙන්න සිද්ධ වෙලා. මුළු ලෝකය ම ආර්ථික අර්බුදයක ගිලිලා ඉන්න නිසා බොහෝ ආයතන සහ සමාගම් වියහියදම් කපා හැරීමේ තීරණයකට ඇවිත්. කොරෝනා අර්බුදයේ ප්‍රතිඵලයක් විදිහට ලාංකිකයන්ගෙන් මිලියනයක් පමණ රැකියා අහිමි වීම්වලට මුහුණ දෙන්න නියමිතයි.

ඉතින් ඔබටත් මෙවැනි තත්ත්වයකට මුහුණ දෙන්න සිදු වෙලා නම්, ඒකට කරන්න ඕන මොනවද කියල හිතා බලන්න සහයක් මේ..

මේ තත්ත්වය ඔබට පාලනය කළ හැක්කක් නෙවෙයි

ඔක්කොටම කලින්, මේ රැකියා අහිමි වීම ඔබේ වරදකින් සිදු වුණු දෙයක් නෙවෙයි කියන එක හිතට ගන්න. ගෝලීය වසංගතයක් නිසා රැකියාවක් අහිමි වෙනවා කියන්නෙ ශෝකජනක කාරණයක් තමයි. හැබැයි ඒක තියෙන්නෙ ඔබට පාලනය කරන්න පුළුවන් සීමාවක් තුළ නෙවෙයි. ඒ ගැන දුක් වීම සාධාරණ වුණත් ඉන් ඔබේ මානසික මට්ටම කඩා වැටෙන්න ඉඩ දෙන්න එපා.

මෙතනින් එහාට රැකියාව ගැන, අධ්‍යාපනය ගැන, ජීවිතය ගැන ඔබ ගන්න හැම තීරණයක් ම පදනම් වෙන්නේ කොරෝනා වසංගතයෙන් පස්සේ නිර්මාණය වුණු අලුත් ලෝකය මත. ඒ නිසා අලුත් තත්ත්වයට අනුගත වෙන්න නම් පරණ ජීවිතයෙන් මිදිය යුතුයි. ඒ වෙනුවෙන් දුක් වුණාට කමක් නෑ.

අපි හැමෝට ම එක එක විදිහේ දුක් වෙන ක්‍රම තියනවා. සමහරු කාටහරි කතා කරලා දුක අඩු කරගන්නවා. තවත් සමහරු දුක හිත යට තද කරගෙන නිශ්ශබ්දව ඉන්නවා. දෙවැනි ක්‍රමය පොඩි කාලයකට සහනයක් ගෙන දුන්නත්, පස්සේ ඔබට හානිදායක වෙන්න පුළුවන්. ඒ නිසා ශෝකය පිට කරන්න ඔබට හානිකර නොවෙන, සහනදායී හොඳ ක්‍රමයක් තෝරගන්න.

කාටහරි කතා කරන එකට අමතරව, දුක පිට කරන්න හොඳ ක්‍රමයක් තමයි තමන්ගේ හැඟීම් ලියල තියන එක. ලිව්වම කාටහරි කිව්ව වගේ සහනයක් දැනෙයි. කවුරුහරි දකියි කියල බය හිතන්නෙ නැතුව, ඔබට හිතෙන හැම දේ ම ලියන්න. දිගින් දිගට ම ලියාගෙන යද්දි ඔබ ටිකෙන් ටික ශෝකී හැඟීම්වලින් ගොඩ එන බව ඔබට ම තේරෙයි.

රස්සාවෙන් මිනිස්සු මනින්න බෑ

රස්සාවක් කරන එකෙන් වාසි ගොඩක් තියනව තමයි. ස්වාධීනත්වය ලැබෙනවා වගේ ම, ඔබේ ජීවිතය ඉදිරියට ගමන් කරනවා කියල දැනෙන්නෙත් රැකියාවක යෙදෙනකොට. ඒ ඔස්සේ අලුත් දැනුම, කුසලතා, ආකල්ප සංවර්ධනය කරගන්න පුළුවන් වගේ ම, නමට ඉස්සරහින් පදවියකුත් ලැබෙනව නේ. හැබැයි, ඇත්තට ම රස්සාවකින් කෙනෙක්ව මනින්න පුළුවන් ද?

ඇත්තට ම නෑ! ඔබ හිතන පතන විදිහ, ඔබේ ගතිගුණ හැසිරීම් ආකල්ප ආදිය තමයි ඔබ කවුද කියල තීරණය කරන්නේ. එහෙම නැතුව ඔබ කාර්යාලයකදි මොකද කරන්නෙ කියන එක නෙවෙයි.

රැකියා අහිමි වීමකින් හුඟක් දේවල් නැති වෙන්න පුළුවන් තමයි. හැබැයි ඒ ටික කාලෙකට විතරයි. කලින් කිව්වා වගේ මේ ප්‍රශ්නේ උද්ගත වෙලා තියෙන්නේ දැනට තියන ආර්ථික අර්බුදය තියනකන් විතරයි. ශ්‍රී ලංකාව දැනටමත් නැවත යථා තත්ත්වයට පත් වෙන්න හෙමින් හෙමින් පියවර තියමිනුයි ඉන්නේ. ඒ නිසා බලාපොරොත්තු අත ඇරගන්න එපා. මේ අවසානය නෙවෙයි.

හොඳින් මතක තියාගන්න, රැකියාව කියන්නේ ජීවිතේ සාර්ථකත්වය තීරණය කරන එක ම සාධකය නෙවෙයි. ඔබ මාපියෙක් විදිහට, දරුවෙක් විදිහට, සහෝදරයෙක් විදිහට, මිතුරෙක් විදිහට.. මේ ඔක්කොටම වඩා මනුෂ්‍යයෙක් විදිහට අනෙක් අය වෙනුවෙන් කරල තියන හොඳ දේවල් ගැන හිතන්න. ඒ හැම පුංචි දෙයක් ම ඔබේ සාර්ථකත්වයේ කොටසක්. රැකියාව කියන්නේ ඒවයින් තවත් එකක් විතරයි.

සහායක පිරිසක් ඇති කරගන්න

මේ දවස්වල සමාජ දුරස්ථකරණය අනුගමනය කරන්න ඕන තමයි. හැබැයි ඒක භෞතිකව කළ යුතු දෙයක් විතරයි. මේ වගේ අමාරු කාලෙක ඔබට හැමෝවම එපා වුණොත් ඒක පුදුමයක් නෙවෙයි. රැකියාව අහිමි වීමේ ලැජ්ජාව නිසාත් ඔබට එහෙම හිතෙන්න පුළුවන්.

ඒත් එහෙම තනි වෙන එක මේ වෙලාවෙ ඒ තරම් නුවණට හුරු කාරණයක් නෙවෙයි. කලින් කිව්වා වගේ මේ තත්ත්වය ඇති වෙලා තියෙන්නේ ඔබේ වරදකින් නෙවෙයි. ඒත් මිනිස්සු මේ ගැන හිතන දේවල් නිසා ඔබ අපහසුතාවට පත් වෙයි කියල හිතෙනවා නම්, ඔබට ළඟ ම පිරිසක් විතරක් තෝරගෙන ඔවුන් එක්ක කතා කරන්න පැකිළෙන්න එපා.

පවුලේ අය, විශ්වසනීය මිතුරන්, කාර්යාල මිතුරන් වගේ අය එක්ක කතා කරන්න. ඒ හැමෝම ළඟ රැකියා ඇබෑර්තු නැති වෙන්න පුළුවන්. හැබැයි සහයෝගයක් ලබාගත හැකි සහායකයන් පිරිසක් එක්රැස් කරගන්න එක මේ වෙලාවේ අත්‍යවශ්‍යයි. ඔවුන්ගෙන් සමහරු හොඳ ඇහුම්කන් දෙන්නන් වේවි. සමහරු හොඳ උපදෙස් දෙන්නන් වේවි. තවත් සමහරු තමන්ගෙ සබඳතා පාවිච්චි කරලා ඔබට රැකියාවක් හොයා දෙන්න ඉදිරිපත් වේවි.

ඉතින් ලෝකෙන් සැඟවිලා ඉන්න උත්සාහ කරන්න එපා. දැනට තියන සබඳතා අලුත් කරගන්න. එයින් ඔබට අලුත් දොරවල් විවර වේවි.

රැකියාවක් හොයාගැනීම

රැකියාවක් නැති වුණාම, සාමාන්‍යයෙන් වැඩට යන දවසක අපි අනුගමනය කරන දින චර්යාවට දවස ගෙවෙන්නේ නැති බව ඇත්ත. හැබැයි ඔබ මුළු දවස ම ඇඳට වෙලා කාලය නාස්ති කරන්න හිතන් ඉන්නවා නම් ඒක තමයි නරක ම දේ.

වෙනදා විදිහට ම දින චර්යාව ගෙවන්න ඕන නැතත්, ඔබ අලුත් විදිහකට දවස ගෙවන්න පුරුදු වෙන්න. ඉන් වැඩි වෙලාවක් රැකියාවක් සෙවීමේ කාර්යයට යොදාගන්නත් අමතක කරන්න එපා. මේකට සුදුසු පුද්ගලයන්ට කතා කරලා විමසල බලන්න වගේ ම, රැකියා ඇබෑර්තු දැන්වීම් පළ කරන පුවත්පත් බලන්න සහ වෙබ් අඩවි වෙත පිවිසෙන්නත් ඔබට පුළුවන්.

මේ කියන්නේ මුළු දවස ම මේ වැඩේ කරලා හෙම්බත් වෙන්න කියල නෙවෙයි. හැබැයි, මේ වෙලාවේ මේ වැඩේට ප්‍රමුඛතාව දෙන්න. ඒ අතරේ ම පවුලේ අය/ යාළුවො එක්ක, සෝෂල් මීඩියා එක්ක සතුටු වුණාට වරදක් නෑ..

ඔබ ගැන හිතන්න

රස්සාවක් හෙවීම අමාරු වැඩක් තමයි. හැබැයි ඒකෙන් හති වැටෙන්න එපා. ඔබේ සෞඛ්‍යය සහ යහපැවැත්ම ගැන හිතන්න. සමබල ආහාරවේලක් ගන්න. හොඳින් වතුර බොන්න. සැමන්, මැකරල්, සාඩින්, ඇට වර්ග වැනි ඔමේගා 3 මේද අම්ල බහුල ආහාරවලින් ඔබේ මානසික මට්ටම ඉහළ නංවාගන්න පුළුවන්.

කාංසා සහ ආතති තත්ත්වය නිසා බොහෝ දෙනෙක් නිකොටින්, ඇල්කොහොල් පාවිච්චියට යොමු වෙන්න පුළුවන්. ඒත් ඒවා හැකි තාක් අවම කරනව නම් තමයි නුවණට හුරු.

සුව නින්දක් ලබන්න. ව්‍යායාම කරන්න. යහපත් සෞඛ්‍යයක් පවත්වාගන්න අමතක කරන්න එපා. මනස අවුල් වෙලා කියල දැනෙනවා නම් භාවනා ක්‍රම හෝ යෝගා ව්‍යායාම අත්හදා බලන්න.

ඔබට පාලනය කළ නොහැකි හේතුවක් නිසා සිදු වුණු දෙයක් ගැන තැවි තැවි ඉන්න එපා. ඔබට කළ හැකි දේ, ඒ කියන්නේ රැකියාවක් හොයාගැනීම වෙනුවෙන් අවශ්‍ය පියවර ගන්න. ඒකට ප්‍රමුඛතාව දෙන්න. එතකොට හැම දේ ම හොඳට අතට හැරේවි. ඉතින් සතුටින් ඉන්න!

*කවරයේ ඡායාරූපය:  nbcnews.com
Share on facebook
Share on twitter
Share on whatsapp

Highlights.

Latest.

KAMU.

Japanese Restaurants in Sri Lanka

1.Salmon and Maki - Thalawathugoda Japanese Fusion Cuisine 11.00 AM - 10.30 PM (everyday) Visit:

Highlights Kamu Trending

Hidden Spot Worth Finding: The Avenue, Colombo

Located in Colombo, The Avenue is one of those spots that feels comfortable the moment

Highlights Kamu Trending

7 Fine Dining Restaurants You Must Try in Colombo

Sri Lanka’s culinary scene is rapidly evolving, blending its rich heritage with global gastronomic trends.

Highlights Kamu Trending

Tea Trails & Tastes: : Best Eats in Nuwara Eliya and Ella.

By Fathima Rukaiya, Let’s take a flavorful journey through the culinary landscapes of Ella and

Highlights Kamu Trending

Press Conference: Celebrating 50 Years of The London Grill & Welcoming Visiting Chef Phillip Davenport

Colombo, Sri Lanka – 14 May 2025 – Cinnamon Grand Colombo is pleased to invite

Highlights Kamu Trending

Pizza Hut’s Newest Craving Fix: Melts Single

Pizza cravings but not in the mood for a whole one? Let me introduce the

Highlights Kamu

Trending.

Japanese Restaurants in Sri Lanka

1.Salmon and Maki - Thalawathugoda Japanese Fusion Cuisine 11.00 AM - 10.30 PM (everyday) Visit:

Highlights Kamu Trending

Hidden Spot Worth Finding: The Avenue, Colombo

Located in Colombo, The Avenue is one of those spots that feels comfortable the moment

Highlights Kamu Trending

7 Fine Dining Restaurants You Must Try in Colombo

Sri Lanka’s culinary scene is rapidly evolving, blending its rich heritage with global gastronomic trends.

Highlights Kamu Trending

Father’s Day Festivities Await at Cinnamon Grand Colombo

This Father’s Day, Cinnamon Grand Colombo invites guests to honour Dad with an array of

Trending

Celebrate Sustainability & Community at the POYA Market Mount Lavinia Hotel

The POYA Market returns to Mount Lavinia Hotel on Monday, 10th June 2025, from 10

Trending

Celebrate Dad in Style This Father’s Day at Sheraton Kosgoda

Exclusive Daycation Offers with Special Perks for Super Dads Sheraton Kosgoda Turtle Beach Resort invites

Trending

Yamu Guide.

The 2025 High Tea Round-Up

Looking for the perfect place to enjoy a relaxing high tea? Whether you're into sweet

Highlights Yamu Guide

Father’s Day Gift Guide 2025

By Linara Wimalaweera Father's Day is an opportunity to acknowledge the dedication and influence of

Yamu Guide

Top Must-Try Restaurants in Ahangama for 2025

Ahangama, a charming surf town on Sri Lanka's southern coast, is becoming a popular spot

Highlights Yamu Guide

8 Gift Ideas to Celebrate Your Mom This Mother’s Day

Mother’s Day is a special time set aside to honor the amazing women who shape

Yamu Guide

Colombo’s best kept secrets – Date night spots 2025

Colombo might be known for its trendy cafes and fancy rooftop spots, but who says

Kamu Yamu Guide

A Luxurious Seafood Experience at Fat Crab Colombo

Fat Crab Colombo offers a wonderful dining experience that combines luxury, live music, and an

Highlights Kamu Yamu Guide