කඩල කරත්තයකින් කාර් එකකට! ගාමන්ට් රස්සාවට කොළඹ ආ අපූරු තරුණයා...

“ඒ.. මට නම් තව එකක් ගහන්නමයි බං හිතෙන්නෙ”

“සිරාවට? හැබැයි හෙට සෙනසුරාදත් එක්ක‌ නේ.. වැඩත් නෑ නේ.. ඒනං ඔන්න ඔහෙ ගහල දාමු බං”

මතකෙ හැටියට මීට අවුරුදු 3කට විතර කලින්. මායි මගේ හොඳම යාළුවයි හැම සිකුරාදම වගේ පුරුදු වෙලා හිටිය හැන්දෑවට පොඩි බියර් එකක් ගහන්න. ඒකත්.. හංදියෙ වැව් ඉස්මත්තට වෙලා ෆුල් නිදහසේ..

එහෙම ගහගෙන යන අතරට.. සමහර පඩි ආපු දවස් වලට, ඒ පොඩ්ඩ ගොඩක් වෙන්නෙ දෙන්නටම නොදැනීම. අන්න එතකොට අපි යනව ආයෙත් බාර් එකට, වැව ලඟ අක්කගෙ කඩෙන් බඩු මුට්ටු ටික තියල ඇවිදගෙන. ගිහිල්ලා.. මදිපාඩු බියර් ටිකයි එතනම ඉස්සරහ කඩල කරත්තෙන් තෙල්දාපු කඩලයි ඇති හැටියටයි අරගෙන ආයෙ එනව වැව ලඟට. ඇවිල්ල ඉතින් රෑ 11, 12 වෙනකම්ම..!

ඔන්න ඔය වගේ දෙවනි වටේ ගියපු දවසක තමයි මේ අපූරු සිද්ධියත් වුනේ. 

එදා බාර් එකත් ඒ හැටි බිසි දවසක් නෙවෙයි. ඉතින් අපි දෙන්න පටස් ගාලා බියර් ටිකත් අරගෙන හෙමිහිට කිට්ටු කලා කඩල කරත්තෙ ලඟට.

‘හප්පේ.. සුවඳ.

සුවඳම ඇති කටට කෙල උනන්න. අනික සුවඳ විතරක්යැ, රස..!

කිව්වට විශ්වාස කරන්න යාළු බාර් එකට නොඑන, ඒත් කඩල ගන්නම එතනට එන අයත් ඉන්නව එතනට. ඇත්තටම ඒ මල්ලිගෙ කඩලවල පුදුම කොලිටියක් තියෙන්නෙ. තම්බපු ඒවා හොඳහැටි ලූණු, කැරට්, ලීක්ස් බැදපු මිරිස්, පොල්කෑලි දාලා රස කරල.

තෙල්දාපුවා.. කියල වැඩක් නෑ ආ.. රටකජු, කරපිංච, ලූණු, සුදුළූණු, හීනි මුරුක්කු, චූටි චූටි පපඩම් කෑලි, කූනිස්සො, කෑලි මිරිස්, බැදපු මිරිස්, පොල් කෑලි සියල්ලම කලවමේ.

ආහ්.. තව පොඩ්ඩෙන් කඩල රසත් එක්ක කතාව අමතක වෙනව.

කොහොමහරී.. අපි ඉල්ලුව රු. 100ක තෙල්දාපුවා.

කොල්ල පොඩ්ඩක් අපි දිහා බලල, හිනාවක් දාලා..

“අයියෙ බාර් එකත් වහන්නයි යන්නෙ. මං ලඟ තව 200ක විතර තියෙන්නෙ. මම ඒ ටික ඔයාලට දෙන්නම්. ඔන්න ඔය බලල මට කීයක් හරි දෙන්නකො”

“ආ ඒකට අවුලක් නෑ මල්ලි. අපි රු. 200ක් දෙන්නං. දාන්න දාන්න ඔය ටික.

ඒත්.. මොකෝ අද මේ හදිස්සියෙම? වෙනදට බාර් එක වහලත් ඔයා ටික වෙලාවක් යනකම් ඉන්නවනෙ”

“ම්.. ඔව් අයියෙ. ඒත්.. අද මේ..

මට පොඩි ප්‍රශ්නයක් වෙලා. ගමේ යන්න ඔ්න. ඒකයි..”

“හප්පටසිරි එහෙමද? එතකොට කොහොමද මල්ලි යන්නෙ? කොහෙද ඔයාගෙ ගම?”

එදා එයාට වෙලා තිබ්බ කරදරයයි, ගමේ ගියපු විස්තරෙයි මම මේ කතාවට එකතු කරන්නෙ නෑ. මොකද ඊට සතියකට විතර පස්සෙ, කොල්ලත් එක්ක අපි කතා කරද්දි.. ලොකු විස්තරයක්,

කරත්තෙ දෙපැත්තෙ, භූමිතෙල් ලාම්පු දෙකේ දැල්ලෙන් වැහිල.. පේන නොපෙනෙන ගාණට නැගෙන කඳුලුත් එක්ක අපිට කියපු නිසා…

ප්‍රදේශය මොණරාගල. ගමේ නම කියන්න මට අවසර නෑ. ඒ වෙද්දි කොල්ලගෙ වයස අවුරුදු 19යි. කොළඹ ඇවිල්ල තියෙන්නෙ මෑන් පවර් කම්පැනියක් හරහා ගාමන්ට් එකක වැඩ කරන්න. හැබැයී.. ඒ රස්සාව ඒ හැටි කාලයක් කරගෙන යන්න නම් එයාට කම්පැනියෙන් ඉඩක් ලැබිල නෑ. කොළඹට අළුතෙන් ආපු.. (අපි එයාට අමල් කියමුකො),

අමල්ගෙ මාස 2ක පඩිත් නැතුව තමයි අන්තිමට අමල්ව පාරට වැටෙන්නෙ.

“අයියෙ මට එදා නම්.. එක්කො උන්ව මරල හිරේ යන්න හිතුනා. නැත්නම් මමම බෙල්ලෙ වැල දාගන්න හිතුනා. අනේ අපේ බෝඩිම කිට්ටුව සැලුන් එකේ ඉඳපු අයිය. එයා නැත්නම්..”

කඩල ඉවර වෙච්ච ලොකු සාස්පාන ඉටිරෙද්දෙන් වහන ගමන්, අමල් මූණ බිමට නමාගෙන..

“සැලුන් එකේ අයියගෙ යාළුවෙක්ගෙ චයිනිස් එකක වැඩට ගියා අයියෙ මම ඊට පස්සෙ. ඒත් ඒ කඩේ ගොඩක් කල් කරගෙන යන්න බැරිවුනා, පඩි බේරන්න බැරුව කඩේ වැහුව. ඊට පස්සෙ නම්.. මට යන එන මගක් තියා.. අයියලට කියන්න මම කෙහෙල් ගෙඩි විතරක් කාලා බස් හෝල්ට්වල නිදාගත්ත දවසුත් තිබ්බ.

හැබැයි ඉතින් ඒ විදියට මට ගොඩක් කල් දුක් විඳින්න හම්බවුනෙත් නෑ. සැලුන් එකේ අයියගෙ උදව්වෙන්ම, එයාම කියපු විදියට මම ඉස්සෙල්ලම ලොතරැයි කූඩුවක් කලා ඒ කිට්ටුවම. ඒ කරගෙන යද්දි මට හිතුනා, මගේ ආසාවත් කෑම හදල විකුණන පැත්තට නිසා ලොතරැයි කූඩුවෙම රටකජු, කඩල ටිකක් බැදල දාන්න. ඇත්තටම ඒකත් නැගල ගියා. හැබැයි මේ වැඩේට මම සෙට්වුනේ ඒ හංදියෙ අළුතෙන් බාර් එකක් දැම්මට පස්සෙ. ලොතරැයි වලින් ගාණක් හම්බකරන්න බැරි නිසා මම හවසට කඩල, රටකජු අරගෙන ගිහින් බාර් එක ලඟ විකුණුව. හැබැයි ටික දවසක් යද්දි ගොඩක් අය ඉල්ලුවෙ කඩල, බැදපු මාළු වගේ ඒවා. ඒත් ඒවා ගන්න මං ලඟ සල්ලි තිබ්බෙ නෑ. අනික ඒවා හදන්න ලිප්, තාච්චි එහෙම තිබ්බෙත් නෑ. ඒ නිසා ඒ වැඩේ මට කරගන්න බැරුව ගියා. හැබැයි ඒ අතරෙ අළුත් අවුරුදු නිවාඩුවකට මම ගමේ ගියපු වෙලාවෙ, දන්න කියන අයිය කෙනෙක්ගෙ පළතුරු ලොරියක වැඩ කරන්න හම්බවෙලා මට ඒකෙන් සල්ලි ටිකක් හම්බවුනා.

ඉතින්.. ඊට පස්සෙ මම කොළඹ ඇවිල්ල කෙලින්ම පුංචි ගෑස් ලිපකුයි තාච්චියකුයි බඩු ටිකක් අරගෙන වැඩේ පටන් ගත්ත..

“එතකොට දැන් මල්ලි ඔයා මෙහෙට ආවෙ කොහොමද?”

කාට වුනත් ටිකක් හරියාගෙන එනකොට ඒ පැතිවල අයම කචල් එක දානවනෙ අයියෙ. එතනින් පස්සෙ මම කඩල විකුණන්න තැන් ගොඩකට ගියා. ඒත් ඒ එක තැනකවත් මට මාසයකට වඩා ඉන්න හම්බවුනේ නෑ. ඒ හරියෙ බිස්නස් කරපු අයම අය මාව එලෙව්වා. දවසක් හොඳටම බීපු රයිස් කඩ කාරයෙක් මගේ බඩු මුට්ටු විසික් කරල, මට ගහල, පොලිසියටත් දැම්ම.

ඊටත් පස්සෙ..

මං ලඟ එකතු කරපු සල්ලි ටිකකුත් තිබ්බ නිසා මම කල්පනා කලා මේකෙන්ම මොකක් හරි කරන්න ඔ්න කියල. එහෙම හිතල තමයි මේ කරත්තෙ හදාගත්තෙ. ඇත්තටම මේක පරණ කැඩිච්ච කරත්තයක්. ලී මඩුවක මහත්තයෙක් මට දුන්න හදාගන්න කියල. මේක හදාගෙන මම මගේ බඩු ටිකත් අටවගෙන..

ඉස්සර නම් උදේටත් ගියා. ඒත් දවල්ට එක එක තැන්වල නවත්තගෙන ඉන්නකොට, ඒ වටපිටාවෙ අය කේස් දාන නිසා දැන් යන්නෙ හවස 4න් පස්සෙ.

“මල්ලි එතකොට දැන් නතරවෙලා ඉන්න තැන්වලට, දවස ගාණෙ මේ බඩු ගන්න.. ඔක්කොම කරල ඔ්කෙන් ඉතිරියක් තියෙද?”

අපෝ ඔව් අයියෙ. මම නතර වෙලා ඉන්න කාමරේට මාසෙකට රු. 8000යි. මම මේ බඩු ගන්නෙ සතියකට. ඒවටත් යනව රු. 10000ක් විතර. අයියලට නිසා මම කියන්නම්. මම දවසට වේල් 2යි කන්නෙ. රෑට කඩලම තමයි. ඒ වේල් 2ත් බෝඩිමේ යාළුවොත් එක්ක උයාගෙන කන නිසා මට ගොඩක් සල්ලි යන්නෙ නෑ. මම සිගරට් අරක්කු බොන්නෙත් නෑ අයියෙ. ඉතින් මාසෙකට රු. 10000ක් විතර ඉතුරු කරගන්න පුලුවන්. දැන්.. මගේ ගමෙත් කවුරුත් නැති නිසා.. ඒ සල්ලි ඔක්කොම එකතු කරල මම හිතාගෙන ඉන්නෙ පුංචි කාර් එකක් අරගෙන රෙන්ට් එකට දාන්න. අපේ බෝඩිමේ අයිය වැඩ කරන්නෙ බැංකුවකනෙ. එයත් එහෙම වාහන අරගෙන රෙන්ට් එකට දීලා සල්ලි හොයනව. ඉතින් එයා කිව්ව මටත් උදව් කරන්නම් කියල…

ගත්ත බියර් දෙකේ සීතල මගේ පපුවටම අල්ලල තිබ්බෙ.

අමල්.. පහුගිය සතියෙ හදිස්සියෙම ගිහිල්ල තිබ්බෙ ඉඳපු එකම නෑයගෙ මළගෙදරට. දැන් අමල්ට කවුරුත් නෑ. හැබැයි කවුරුත් ඉන්න කාලෙ නොතිබ්බ ගොඩක් දේවල්, දැන් අමල් ලඟ තියෙනව..!

Share on facebook
Share on twitter
Share on whatsapp

Highlights.

Latest.

KAMU.

Beyond the Hook: Exploring Totally Hooked’s non-Seafood dishes

By Hashini Pathirana Totally Hooked CMB, as we are all aware, is widely renowned for

Kamu Yamu Guide

The Art of Fusion Cuisine at Mövenpick Hotel

By Vera Wadugodapitiya We walked into Robata Grill, Mövenpick. Instantly, what struck me about the

Highlights Kamu

A Taste of Mexico – Cinnamon Red’s Latest International Cuisine

By Shamrina Carim Every month, Cinnamon Red has come up with an exciting initiative to

Highlights Kamu

A Classical High Tea Encounter with the Coronation at Mount Lavinia Hotel

By Shamrina Carim Mount Lavinia Hotel hosted a casual evening of classic high tea encounters

Highlights Kamu

The Bento Box at Royal Thai, Cinnamon Lakeside

By Hiruni Herath When you step into the Royal Thai Restaurant at Cinnamon Lakeside, you’ll

Highlights Kamu

Totally Hooked – The Ultimate Seafood Destination

It is not a surprise that “Totally Hooked CMB", the talk of the seafood town,

Highlights Kamu

Trending.

Club Hotel Dolphin, Negombo: A Fun-Filled Paradise for Travelers!

Nestled in the picturesque coastal town of Negombo, Sri Lanka, Club Hotel Dolphin by Browns

Trending

Chef Sanjay Brings the Flavours of Our Neighbours to Cinnamon Lakeside Colombo

Colombo, Monday 05th June 2023: Despite Sri Lanka’s proximity to the Indian Sub-Continent and a

Trending

Award Winning Indian Restaurant Junior Kuppanna in Colombo

Junior Kuppanna, opened its newest international branch in Colombo on 25th May 2023. The new

Trending

Hilton Sri Lanka Unveils ‘Enchanting Beginnings’ Wedding Sale

Swoon over exclusive wedding packages in stunning venues for a lifetime of memories Colombo, Sri

Trending

Ramada Colombo’s Exclusive Limited Time Wedding Discount

Book before June 15th and enjoy 25% off Planning the perfect wedding can be an

Trending

The 30th Gratiaen Prize shortlist was announced with the launch of the Gratiaen Trust Young Writers Club

The Gratiaen Trust in association with the John Keells Foundation partnering with the Trust for

Trending

Yamu Guide.

7 Yoga Studios in and around Colombo

By Udaraa Gamage Are you looking for ways to escape from all that hustling and

Highlights Yamu Guide

Beyond the Hook: Exploring Totally Hooked’s non-Seafood dishes

By Hashini Pathirana Totally Hooked CMB, as we are all aware, is widely renowned for

Kamu Yamu Guide

7 Decent BnB spots for under LKR 7500 – Sri Lanka

We all like spending mini vacations at affordable spots to relax or stay on the

Highlights Yamu Guide

7 Places to Dine Under LKR1500 LKR per person

By Udaraa Gamage Are you a foodie looking for budget places to satisfy your taste

Highlights Yamu Guide

The Aesthetics of Club Palm Bay

Club Palm Bay is a hotel located in the heart of a charming fishing village

Yamu Guide

High Tea Affairs at L.A.B by Hilton Colombo

By Hashini Pathirana A little chit chat with your besties, while sipping onto an Iced

Yamu Guide