එක ගුරුවරයෙක් හිටියම ලෝකෙට ම ඇති! .

‍ඔන්ලයින් අධ්‍යාපනය ගැන මේ දවස්වල ලංකාවේ යන කතාබහේ දි ඇහුණු එක දෙයක් තමයි ඔන්ලයින් උගන්නනව නම් එක විෂයක් උගන්නන්න ලංකාවට ම එක ගුරුවරයෙක් හිටියම ඇති කියන කතාව. ලංකාවේ පාසල් අධ්‍යාපනය සකස්වෙලා තියෙන විදිය සහ මේ කතාවට අදාළ කන්ටෙක්ස්ට් එක ගැන අපට නිශ්චිත අදහසක් නෑ. ඒ වගේ ම පොඩි ළමයින්ට ඔන්ලයින් අධ්‍යාපනය දෙන එක කොච්චර දුරට සාර්ථක ද කියන එක ගැනත් අපි හරියට ම දන්නෙ නෑ.හැබැයි විශ්වවිද්‍යාල මට්ටමේ, එහෙම නැත්නම් වයස 13-14ට වැඩි, තනියෙම දෙයක් ඉගෙනගන්න, තේරුම්ගන්න අවබෝධයක් තියෙන වයසෙ අයට වුණත් ලෝකෙ හොඳම විශ්වවිද්‍යාලවල හොඳම ගුරුවරුන්ගෙන් ඔන්ලයින් ඉගෙනගන්න අවස්ථාව ලැබිලා දැන් ගොඩක් කල්.

යූටියුබ් වීඩියෝ, ටියුටෝරියල්වලින් පටන්ගත්ත ම අපට ඕන ම විෂයක්  ඔන්ලයින් ඉගෙනගන්න විදි ගොඩක් තියෙනවා. යම් මුදලක් ගෙවලා ඉගෙනගන්න තියෙන ප්ලැට්ෆෝම්, විශ්වවිද්‍යාල මගින් කෙළින් ම පවත්වාගෙන යන පාඨමාලා වගේ ඒවට අමතර ව විශ්වවිද්‍යාල පාඨමාලාවක තියෙන විධිමත් බව සහ ඔන්ලයින් අධ්‍යාපනයේ තියෙන ෆ්ලෙක්සිබිලිටි එකත් එක්ක පොඩි මුදලක් ගෙවලා හෝ  නොමිලේ ම පාඨමාලා දහස් ගාණක් ඉගෙනගන්න පුළුවන් විදියක් තමයි Massive Open Online Courses (MOOCs) කියලා කියන්නෙ. නොමිලේ දෙන පාඨමාලාවක් වුණත් සාර්ථක ව ඉවරකරන අයට ඕන නම් පොඩි මුදලක් ගෙවලා කඩදාසි සහතිකයකුත් ගෙන්නගන්න පුළුවන් නිසා රැකියා වෙළඳපොළේ දී වෘත්තීය සුදුසුකමක් විදියටත් මේ ඉගෙනගන්න දේවල් පාවිච්චි කරන්න පුළුවන්.

නමේ කියවෙන විදියට ම ලොකු පිරිසකට එක පාර ඉගෙනගන්න පුළුවන් විදියට හදපු කෝස්වලට තමයි MOOCs කියන්නෙ. ගොඩක් වෙලාවට මේව‍යේ දේශන විනාඩි 10-15 පොඩි පොඩි කොටස් හැටියට රෙකෝඩ් කරලා තියෙන නිසා අපට ඕන වෙලවට බලන්න පුළුවන්. හැබැයි ඕන වෙලාවක කීවට මේ සමහර පාඨමාලාවල ඩෙඩ්ලයින් තියෙනවා, මේ දවසට කලින් මේ දේශනය බලලා ඉවරවෙලා ඒකට අදාළ එසයිමන්ට් එක කරන්න ඕන කියලා. .හැබැයි තවත් සමහර පාඨමාලා තියෙනවා අවුරුද්දෙ අපි කැමති දවසක පටන්අරන් අපි කැමති වේගෙකින් කරලා ඉවරකරන්න පුළුවන් ඒවා.

මේ කෝස්වලට දහස් ගාණක් ශිෂ්‍යයෝ සම්බන්ධ වෙන නිසා ඒ හැමෝගෙ ම එසයින්මන්ට් බලන්න හෝ ප්‍රශ්නවලට උත්තර දෙන්න අදාළ ගුරුවරයට පුළුවන්කමක් නෑ. ඒ නිසා ‍මේවයෙ වැඩිපුර ම තියෙන්නෙ විභාගෙ සම්පූර්ණ කළාම ස්වයංක්‍රිය ව ඉබේ ම ලකුණු ගණනය වෙන බහුවරණ වගේ ප්‍රශ්න. ලංකාවේ කට්ටියට සමහර විට නුහුරු වුණත් ලෝකෙ ගොඩක් විශ්වවිද්‍යාලවල අභ්‍යන්තර කෝස් කරන අයගෙ විභාග පවා සමහර වෙලාවට පවත්වන්නෙ මේ විදියට නිසා ඒ අයට නම් මේකෙ ලොකු අමුත්තක් නෑ. හැබැයි සමහර MOOCsවල මේ බහුවරණ ප්‍රශ්නවලට අමතර ව රචනා ප්‍රශ්න වගේ ම සාමූහික ව ඔන්ලයින් සෙට්වෙලා කරන්න ඕන ප්‍රොජෙක්ට් සහ එසයිමන්ට් වගේ ඒවත් තියෙනවා. ඒ ඒ විෂයට අදාළ ව‍ කට්ටියට මේවට සම්බන්ධ වෙන්න සහ පියර් රිවීව් වගේ ක්‍රම හරහා ඒවට ලකුණු ලැබෙන ක්‍රමත් හදලයි තියෙන්නෙ. 

කෝස් එකේ විෂය කාරණා හෝ වෙනත් දේවල් සම්බන්ධ ප්‍රශ්න ආවොත් ඒවා විසඳගන්න තියෙන තැන තමයි කෝස් එකට අදාළ ෆෝරම් එක. ඒකෙ තමන්ට තියෙන ප්‍රශ්නෙ හෝ අදහස දැම්මම ගුරුවරයට හෝ ගුරුවරයාගේ සහයකයන්ට වගේ ම පාඨමාලාවේ ඉන්න අනිත් ශිෂ්‍යයන්ටත් ඒකට උත්තර දෙන්න පුළුවන්. මේ විදියට අනිත් ශිෂ්‍යයොත් එක්ක කතාබහ කරන්න, අපේ අදහස් බෙදාගන්න පුළුවන් නිසා කැම්පස් එකක කෝස් එකකට සෑහෙන කිට්ටු අත්දැකීමක් MOOCs හරහාත් ලබාගන්න පුළුවන්.

මේ තියෙන්නෙ දැනට තියෙන ප්‍රසිද්ධ ම MOOCs ප්ලැට්ෆෝම් කීපයක්. මීට අමතර ව තව අලුතින් එන ප්ලැට්ෆෝම් මොනවද කියල ඔයාට ලේසියෙන්ම Google කරලා හොයාගන්න පුළුවන්.

Coursera

ඇමරිකාවේ ස්ටැන්ෆර්ඩ් විශ්විද්‍යාලයේ ආචාර්යවරු දෙන්නෙක් 2012 දි පටගත්ත මේ ප්ලැට්ෆෝම් එක හරහා විශ්වවිද්‍යාල 150කට වැඩි ගාණකින් පවත්වන පාඨමාලා 4000කට වැඩි ගාණක් හදාරන්න පුළුවන්. නොමිලේ ලබාගන්න පුළුවන් දහස් ගාණක් පාඨමාලාවල ඉඳන් සාපේක්ෂ ව අඩු මුදලක් වියදම්කරලා ගන්න පුළුවන් ලෝකෙ ලොකුම විශ්වවිද්‍යාලවල උපාධි පාඨමාලා දක්වා ඕනම එකක් මේකේ තියෙනවා. 

edX

ඇමරිකාවේ හාර්වඩ් විශ්වවිද්‍යාලය මගින් 2012 දි පටන්ගත්ත මේ ප්ලැට්ෆෝම් එකේ මේ වෙනකොට ලෝකෙ පුරා විශ්වවිද්‍යාල සහ අධ්‍යාපන ආයතන 150කට වැඩි ගාණකට සම්බන්ධ ගුරුවරු 6000කට වැඩි පිරිසක් පාඨමාලා පවත්වනවා. 2020 වෙනකොට මේ ප්ලැට්ෆ‍ෝම් එක හරහා ඉගෙනගත්ත ශිෂ්‍ය සංඛ්‍යාව මිලියට 33කට කිට්ටුයි. මේකෙත් නොමිලේ දෙන පාඨමාලාවල ඉඳන් අඩු වියදමකින් හදාරන්න පුළුවන් උපාධි පාඨමාලා දක්වා කෝස් 3000ක් විතර තියෙනවා. ඇමරිකාව වගේ රටක විශ්වවිද්‍යාලයකට ඇතුල්වෙන්න හිතාගෙන ඉන්නව නම් මේකෙන් ලැබෙන කොලේජ් ක්‍රෙඩිට් ඒකට පාවිච්චි කරන්නත් පුළුවන්. 

FutureLearn

බ්‍රිතාන්‍ය විවෘත විශ්වවිද්‍යාලය තවත් පුද්ගලික සමාගමක් එක්ක එකතුවෙලා පවත්වාගෙන යන මේ ප්ලැ‍ට්ෆෝම් එකෙත් නොමිලේ දෙන කෙටිකාලීන පාඨමාලාවල ඉඳන් අඩු වියදමින් කරන්න පුළුවන් උපාධි දක්වා ම පාඨමාලා තියෙනවා. අවුරුදු 13ට වැඩි ඕනම කෙනකුට මේ පාඨමාලා හදාරන්න පුළුවන්. 13ට අඩු නම් දෙමව්පියෙක් හෝ භාරකාරයෙක් හරහා තමයි මේකේ කෝස්වලට ලියාපදිංචි වෙන්න සිද්ධවෙන්නෙ.

Udacity

මේකේ නම් වැඩිපුර තියෙන්නෙ තොරතුරු තාක්ෂණ්‍ය විෂයට අදාළ පාඨමාලා තමයි. නොමිලේ දෙන ඒවයේ ඉඳන් උපාධි දක්වා ‍කැමති පාඨමාලාවක් තෝරාගන්න පුළුවන්.

Udemy

මේකේ පාඨමාලා 155,000ක් විතර තියෙනවා. කලින් කියපු ගොඩක් ප්ලැට්ෆෝම්වල තියෙන්නෙ විශ්වවිද්‍යාල මගින් පවත්වන පාඨමාලා වුණාට මේකේ වැඩිපුර තියෙන්නෙ තනි තනි ගුරුවරු විසින් මෙහෙයවන කෝස්. ඒ නිසා අරට වඩා ලොකු ‍පරාසයක න්‍යායික, ප්‍රායෝගික පාඨමාලා Udemy එකෙන් හොයාගන්න පුළුවන්. නොමිලේ කරන්න පුළුවන් පාඨමාලාත් යම් ප්‍රමාණයක් තිබුණට Udemy එකේ ගොඩක් කෝස්වලට පොඩි මුදලක් අයකරනවා. ඔයා යම් විෂයක් සම්බන්ධ ව සුදුසුකම් තියෙන ගුරුවරයෙක් නම් ඔයාටත් මේ හරහා කෝස් එකක් පටන්ගන්න පුළුවන්.

Share on facebook
Share on twitter
Share on whatsapp

Highlights.

Latest.

KAMU.

Welcoming the Year of the Horse at Yue Chuan, The Kingsbury

Yue Chuan, the award-winning Chinese restaurant at The Kingsbury, Colombo, invites guests to usher in the

Highlights Kamu

Soho Hospitality Charts First Expansion into South Asia with Charcoal’s Colombo Debut

Bangkok-based international hospitality group selects Sri Lanka for its game- changing dining brand Charcoal Tandoor

Highlights Kamu

Brunch at ITC Ratnadipa – Review

By Ranugi Thihansa If you’re looking for a Sunday brunch that brings together incredible food,

Highlights Kamu Yamu Guide

Harpo’s Pizza and Pasta: Review

We dropped by Harpo’s Pizza and Pasta the other day, and it turns out it’s

Highlights Kamu

The Fort Café by Tasty Caterers – Review

By Linara Wimalaweera The Fort Café by Tasty Caterers offers a refreshing escape from the

Highlights Kamu Yamu Guide

Nihonbashi by Dharshan – Review

Written by Linara Wimalaweera When it comes to Japanese fine dining in Colombo, few names

Highlights Kamu

Trending.

Sheraton Colombo Unveils a New Chapter for Ceylon Bake Shop with a Fresh Home in the Hotel Lobby

Sheraton Colombo Hotel is delighted to announce the relocation of its beloved Ceylon Bake Shop

Highlights Trending

ITC Ratnadipa Introduces Rūhāniyat, an Indian Heritage Dining Experience, Available Until 16 August

ITC Ratnadipa introduces Rūhāniyat, an Indian heritage dining experience that invites diners to discover the

Highlights Trending

Anantara Peace Haven Tangalle Resort Introduces Panoramic Ocean View Rooms, Elevating Luxury on Sri Lanka’s Southern Coast

Set along Sri Lanka’s southern shores, Anantara Peace Haven Tangalle Resort announces the introduction of

Highlights Trending

Goodies at Cinnamon Lakeside Empowers Women with All Female Team

In a significant step towards promoting greater female representation in hospitality, Cinnamon Lakeside Colombo has

Highlights Trending

Cinnamon Colombo Hotels and Royal Colombo Golf Club Tee Off the Inaugural Cinnamon Colombo Golf Classic

Cinnamon Colombo Hotels is proud to announce the launch of the inaugural Cinnamon Colombo Golf

Highlights Trending

ITC Ratnadipa Presents Dim Sum & Co., an Exclusive Dim Sum Experience at Yi Jing

Yi Jing at ITC Ratnadipa introduces Dim Sum & Co., a first-of-its-kind curated series of

Highlights Trending

Yamu Guide.

Shangri-La Colombo Unveils a New Chapter at Tiki Bar

As the sun dips into the Indian Ocean and the city begins to exhale, Tiki

Trending Yamu Guide

DINIDU: Colombo’s Premier Destination for Wedding Anniversary Gifts

Every wedding anniversary is a chapter of a love story that continues to evolve. These

Highlights Yamu Guide

Yazu Set to Make Sri Lankan Debut at Radisson Blu Resort Galle in 2026

Radisson Blu Resort Galle is set to unveil its newest culinary venture in March 2026 with the opening of Yazu by

Highlights Trending Yamu Guide

A Ramadan Feast Awaits at ITC Ratnadipa – Available Till March 19

This Ramadan, ITC Ratnadipa invites guests to celebrate the holy month with ‘A Feast for

Highlights Yamu Guide

Here are the must visit Iftar spots for 2026

Ramadan 2026 brings with it a beautiful season of reflection, gratitude, and shared meals. Across

Highlights Trending Yamu Guide