සුන්බුන් වූ නැවකින් ඉන්දියන් සාගරයට ටොන් ගණනක තෙල් කාන්දු වෙයි!.

විනාශයට ලක් වූ ජපන් නැවකින් ඉන්දියන් සාගරයට සිදු වෙන තෙල් කාන්දුවක් නිසා මොරිෂස් රාජ්‍යය, නැතිනම් මුරුසිය, පසුගිය සිකුරාදා හදිසි පාරිසරික තත්ත්වයක් ප්‍රකාශයට පත් කළා. මේ තෙල් කාන්දුව සිදු වෙන්නේ මුරුසියේ බ්ලූ බේ මරීන් පාක් රක්ෂිතය ආසන්නවයි. වාර්තා වෙන ආකාරයට මේ විදිහට මුහුදට කාන්දු වෙන තෙල් ප්‍රමාණය අතිවිශාලයි.

සංචාරකයන්ගේ ආකර්ෂණය දිනා ගන්නා මුරුසියේ සුන්දර වෙරළ තීරය 

මුරුසිය කියන්නේ සංචාරක කර්මාන්තය මත බොහෝ සෙයින් නඩත්තු වෙන රටක්. කොරෝනා වෛරසය පැතිරීමෙන් සිදු වූ බලපෑමත් එක්ක හැම රටක ම වගේ ම මුරුසියෙත් සංචාරක කර්මාන්තය කඩා වැටුණා. දැන් ඒ අනතුර පහ වෙලා යන්නත් කලින් උද්ගත වෙලා තියන මේ තත්ත්වය, මුරුසියේ සංචාරක කර්මාන්තය තවදුරටත් බිඳ දමන සිදුවීමක්. මොකද මේ තෙල් කාන්දුව සිදු වෙන ප්‍රදේශය ආශ්‍රිතව සංචාරකයන් බොහෝ සෙයින් ගැවසෙන අතිශයින් ජනප්‍රිය වෙරළ තීරයන් කීපයක් ම තියනවා.

නෞකාවෙන් මුහුදට කාන්දු වන තෙල්

විනාශ වූ නෞකාවෙන් මුහුදට කාන්දු වන අපද්‍රව්‍ය නිසා මුරුසි වෙරළ තීරය දිගට සහ මුහුදු ජලයේ ඝන, ඇලෙනසුලු තෙල් තට්ටු බැඳී ඇති ආකාරය චන්ද්‍රිකා ඡායාරූප ඔස්සේ පෙනී යනවා. මේ නැවේ තෙල් ටොන් 4000ක් පමණ තිබෙන බවත් නැව්කඳේ ඇති වෙලා තියන ඉරි තැලීම්වලින් තෙල් කාන්දු වෙලා ජලයට එක් වෙන බවත් මුරුසිය ප්‍රකාශ කරනවා.

“ඩීසල් සහ වෙනත් තෙල් වර්ග ටොන් ගණනාවක් මුහුදට එකතු වීමෙන් මෙම වෙරළ තීරය සහ සාගරය ආශ්‍රිතව වෙසෙන ජීවීන්ට සහ ස්වාභාවික පරිසරයට එල්ල වෙන්නේ බරපතල තර්ජනයක්. මුහුද දූෂණය වීමත් එක්ක මුරුසියේ ආර්ථිකය, ආහාර සුරක්ෂිතතාව සහ සෞඛ්‍යය තියෙන්නෙ අවදානමේ.” ග්‍රීන්පීස් ඇෆ්‍රිකා සංවිධානයේ ජ්‍යෙෂ්ඨ කාලගුණ සහ බලශක්ති කළමනාකරුවෙකු එහෙම කියනවා.

වෙරළේ බැඳී ඇති අපද්‍රව්‍ය ඉවත් කරන ස්වේච්ඡා සේවකයන් 

මුරුසි අග්‍රාමාත්‍ය ප්‍රවින්ද් ජග්නෝත් පසුගිය සිකුරාදා හදිසි පාරිසරික තත්ත්වයක් ප්‍රකාශයට පත් කරමින් පැවසුවේ විනාශ වූ නැව් ප්‍රතිසංස්කරණය කිරීමට අවශ්‍ය ප්‍රවීණතාව සහ හැකියාව මුරුසි දූපත් සතුව නොමැති බවයි. අයහපත් කාලගුණය මේ තත්ත්වය තවත් තීව්‍ර කරනු ඇතැයි ඔහු කිව්වා. මුරුසිය ආසන්නයේ ම ප්‍රංශයට අයත් වන රීයූනියන් දූපත් පිහිටා ඇති නිසා මුරුසි අග්‍රාමාත්‍යවරයා මේ සඳහා ට්විටර් ඔස්සේ ප්‍රංශ ජනපති එමානුවෙල් මැක්‍රෝන්ගෙන් ද සහාය ඉල්ලා තිබෙනවා. ඒ අනුව පසුගිය සෙනසුරාදා ප්‍රංශ ජනපතිවරයා ප්‍රකාශ කළේ ඒ සඳහා අවශ්‍ය ආම්පන්න සහ කණ්ඩායම් සූදානම් කරන බවයි.

“පාරිසරික ව්‍යසනයක් උද්ගතව ඇති මේ අවස්ථාවට මුහුණ දීම සඳහා අපට ජාත්‍යන්තර සහයෝගය අවශ්‍යයි” යැයි යුරෝපීය පාර්ලිමේන්තුවේ රීයූනියන් දූපත් නියෝජනය කරන මන්ත්‍රීවරයෙකු වන යූනුස් ඔමර්ජී පැවසුවා. “මෙය ඉතා බරපතල පරිසර අර්බුදයක්. මින් අත් විය හැකි සියලු ප්‍රතිවිපාක මොනවාදැයි අපි තාමත් දන්නෙ නෑ. සංචාරක කර්මාන්තය මත පදනම් වූ ආර්ථිකයක් ඇති, දැනටත් වසංගතය නිසා බැට කාපු මුරුසියට මෙය ඉතා ම අහිතකර තත්ත්වයක්.” ඒ ඔහුගේ අදහස.

විනාශ වූ නෞකාව

මේ තෙල් කාන්දු කරන ජපන් නැව ඔකියෝ නම් සමුද්‍ර සමාගමට සහ නාගෂිකි නැව් සමාගමට අයත් එකක්. එය විනාශයට ලක්ව තිබෙන්නේ පසුගිය ජූලි 25 වෙනිදා. කොහොම වුණත් නැව මඟින් තවදුරටත් සිදු වෙන සමුද්‍ර දූෂණය වළක්වන්න තමන් ඉක්මනින් පියවර ගන්නා බව මෙහි හිමිකාර සමාගම් පවසලා තියනවා. හැබැයි දිගින් දිගට ම තෙල් කාන්දුව සිදු වෙනවා නම් ඉන්දියන් සාගරයට අයත් අනෙක් රටවලින් හෝ තෙල් කාන්දු වීම් පිළිබඳ වග කිව යුතු ජාත්‍යන්තර සංවිධානවලින් සහාය ලබා ගැනීමට සිදු විය හැකි බව මුරුසිය කියා සිටිනවා.

Share on facebook
Share on twitter
Share on whatsapp

Highlights.

Latest.

KAMU.

7 Restaurants to dine in July 2022

By Shamrina Carim July hits a beautiful urge to try out different foods, events and

Highlights Kamu Yamu Guide

Hot Chook – all about that Chicken

By Hiruni Herath Service and Ambience The head chef at Hot Chook was very helpful

Highlights Kamu

A glistening night out at Colombo’s finest local bar!

By Shamrina Carim A Sri Lankan experiencing the magical inspiration of Sri Lanka in the

Kamu

Ceylon Curry Club – Sri Lankan Cuisine With a Twist

By Janani Vithanage Ceylon Curry Club, located in the Dutch Hospital Shopping Precinct, is a

Kamu

The Delightful Indian Cuisine at Navaratna by Taj Samudra

Navaratna is an Indian Restaurant located in Taj Samudra Colombo. Taj Samudra is a 5-star

Kamu

10 Places to Get Sushi in Colombo

By Janani Vithanage A Japanese dish most often presented as vinegared sticky rice, seafood or

Highlights Kamu Yamu Guide

Trending.

Elvis the Sensationalist – the Movie Review

By Hiruni Herath The Movie If you’ve watched the movie trailer for Baz Luharmann’s Elvis,

Trending

Savor The Salt Of The Sea At Hilton Colombo

Fresh from the seafood markets to your table Colombo, Sri Lanka – 20th June 2022 – Partake

Trending

10 Types of Sri Lankans in Petrol Queues

By Janani Vithanage These days, spending time in the petrol queue is almost every Sri

Highlights Trending

Celebrating life with Perera & Sons

by Shamrina Carim Perera & Sons holds a privileged history of catering to the most

Highlights Trending

Before You Watch… Jurassic World Dominion

By Shamrina Carim The movie On a critic of honest opinions, Jurassic World Dominion is

Trending

Treats fit for a King at Ramada Colombo this Father’s Day!

Enjoy Father's Day special Grill, Lunch, Dinner, Deliveries, and Stays… This June 19th, we all

Trending

Yamu Guide.

7 Restaurants to dine in July 2022

By Shamrina Carim July hits a beautiful urge to try out different foods, events and

Highlights Kamu Yamu Guide

10 Places to Get Sushi in Colombo

By Janani Vithanage A Japanese dish most often presented as vinegared sticky rice, seafood or

Highlights Kamu Yamu Guide

The ideal skin care routine with Bio Oil

By Shanali Fernando Feeling overwhelmed, confused, and/or frustrated by the multitude of competing messages about

Highlights Yamu Guide

5 common causes of Dry Skin

The general cause of itchy, dry skin might seem like a no-brainer: It's a lack

Highlights Yamu Guide

7 Places to Watch the SL Vs. AUS ODI Matches

By Janani Vithanage Sri Lankan cricket may ot have been on its best footing over

Highlights Yamu Guide

5 Cooking Tips from Knorr

By Janani Vithanage Being a mother in today’s world is no easy task. From waking

Highlights Yamu Guide