PickMe සහ Uber දෙපලත් අපිට ගණන් උස්සපු හැටි.

ලංකාවේ කාලයක් තිබුණා කැබ් එකක්, ටැක්සියක් හයර් කළේ ලෙඩෙක් ගෙනියන්න, නැත්තං ෆ්ලයිට් එකක් අල්ලගන්න. ඒත් පහුගිය අවුරුදු කිහිපයේ කැබ් එක පාරේ තොටේ සාමාන්‍ය දෙයක් බවට පත්වුණා. විශේෂයෙන් ත්‍රීරෝද රථ ගණන වැඩිවීමත්, ටාටා නැනෝ වැනි සාපේක්ෂව මිල අඩු වාහනවල ආගමනයත් නිසා. මේකේ ඊළඟ පරිවර්තනය වුණේ කතා නොකරම ස්මාට්ෆෝන් එකේ ඇප් එකෙන්ම ළඟට වාහනයක් ගෙනත් දෙන PickMe සහ Uber සමාගම් නිසා. මේ සේවා දෙක පහසුයි, අලුත් ක්‍රමයක්, ෆෝන් එකක් කනේ ගහගෙන පැයක් බලාගෙන ඉන්න ඕනේ නෑ, ඒවගේම සාපේක්ෂව අඩු ගාස්තුවක් අය කළා. ඒ නිසා මේ දෙක ඉක්මනට ප්‍රචලිත වුණා. හැබැයි පහුගිය දා මේ දෙකේම ගණන් ටිකක් වැඩිවුණා. මේකෙන් ලොකු බලපෑමක් වෙනවද?

Uber

මේ සේවාව පාවිච්චි කරපු අය නං දන්නවා ඇති ටිකක් වෙනස් විදියට මේගොල්ලෝ අය කරන්නේ කියල. සාමාන්‍යයන් ගමන් කරන මුල් කිලෝමිටරේට ස්ථිර ගානකුත්, ඊට පසු යන සෑම කිලෝමිටරෙකට ගාණක් අය කරනවා වගේම, ගමනට ගත වෙච්ච කාලයටත් යම් අයකිරීමක් සිදුකෙරෙනවා. ඒ වගේම මේකේ තියෙනවා Surge කියල දේකුත්.

යම්කිසි ප්‍රදේශයක Uber වාහන ගාන අඩුනං, ඒ ප්‍රදේශයේ Uber ගාස්තු යම්කිසි ගුනාකාරයකින් වැඩි වෙනවා ටික වෙලාවකට. එතකොට ඒ වෙලාව ඇතුළත වාහනයක් ගත්තොත්, ඔබේ සාමාන්‍ය ගාස්තුව ඒ ගුනාකාරයෙන් වැඩිවෙලා තමයි මුළු ගාස්තුව බලන්නේ. උදාහරණයක් ලෙස ඔබට වෙනද යන ගාස්තුව රු.150 කියල හිතමු. Surge ගුනාකාරය 2 තියෙන වෙලාවක ඔබ වාහනයක් ගත්තොත් ඔබේ ඒ ගාස්තුව රු150 x 2 = රු300 වෙනවා. ඕක තමයි Surge pricing කියන්නේ. මේකෙන් බලාපොරොත්තු වෙන්නේ ඔය ඉහළ අයකිරීම පෙන්නලා වාහන අඩු තැන්වලට තවත් රියදුරන් ගෙන්වා ගැනීමයි.

Uber ගණන් වලට ලොකු වෙනසක් කරලා නං නැහැ. එකම දෙයයි කරලා තියෙන්නේ. දැන් ගමනක කිලෝමීටර් 10 පැන්නුවම කිලෝමිටරේට තව වැඩිපුර රු.12 ගෙවන්න ඕනේ.

ඒ කියන්නේ uberGO වාහනවල මුල් කිලෝමිටරේට රු.50, ඊළඟ කිලෝමීටර් 10ට කිලෝමිටරේට රු.30, කිලෝමීටර් 10ට වැඩි හැම කිලෝමීටරේට රු.42, විනාඩියට රු.2.

uberX වාහනවල මුල් කිලෝමිටරේට රු.100, ඊළඟ කිලෝමීටර් 10ට කිලෝමිටරේට රු.50, කිලෝමීටර් 10ට වැඩි හැම කිලෝමීටරේට රු.62, විනාඩියට රු.2.

මේ වැඩිවීමෙන් දුර ගමන් වලට තම රියදුරන් අකමැති වෙන එක අඩුකරන්න තමයි බලාපොරොත්තු වෙලා තියෙන්නේ.

PickMe

Pickme ඒකෙන් නං හුඟක් වෙනස්කම් කරලා. අඩු වැඩි දෙකම කරල. ලොකුම වෙනස්කමක් තමයි කොළඹින් පිට ත්‍රීවීල් ගාස්තුව ඉහළ දාපු එක. දැන් කොළඹ 1-15න් පිටදී අවම ගාස්තුව, මුල් කිලෝමීටර් 2කට රු.85 වෙනවා. කොළඹින් පිට PickMe රියදුරන් අඩු හින්ද, අතරමග පොඩි දුරවල් යන්න වුනත් රියදුරන්ට ප්‍රධාන නගරවල ඉඳල ගොඩක් දුර එන්න ඕනේ හයර් එකට. මේ රියදුරන් වෙන මහන්සියට සාධාරනයක් වෙන්න මෙහෙම කරා කියල තමයි PickMe අය කියන්නේ.

 

ඒ වගේම දැන් PickMe එකෙත් “Peak Charge” කියල එකක් වැටෙනවා ත්‍රීවිල්වලට. මෙතෙන්දි ඉල්ලුම හුඟක් වැඩි වුණත්, සැපයුම අඩු ප්‍රදේශවලට සීමිත කාලයන් තුළ 15%-25% දක්වා අමතර ගාස්තුවක් එකතු වෙනවා. මේකෙන් බලාපොරොත්තු වෙන්නේ ඔය ඉහළ අයකිරීම පෙන්නලා වාහන අඩු තැන්වලට තවත් රියදුරන් ගෙන්වා ගැනීමයි. හ්ම්ම්. කොහෙද දන්නෑ නේ ඔහොම සිස්ටම් එකක් ගැන කලින් අහල තිබුණේ.

කොහොම වෙතත් ලංකාවේ ආණ්ඩුව වගේ නෙමෙයි, ගණන් අඩු කිරීමකුත් කරලා තිබුණා. රාත්‍රී 10න් පස්සේ ගමන් වලට එකතු වෙන 15% අමතර රාත්‍රී ගාස්තුව PickMe MINI කාර් වලින් ඉවත් කරලා තියෙනවා. හැබැයි ත්‍රීවීල්වලට ඒක තාම අදාළයි.

වෙනස සැපද?

සාධාරණ වෙනසක් දැනෙන්නේ ඉතින් දුර ගමන් යන අයට තමයි. ඒ වගේම කොළඹින් පිට, කෙටි දුර යන අයට පොඩ්ඩක් කැකිරි කන්න දීලා වගේ තමයි. සෙනග නැති වෙලාවට, කොළඹ ඇතුළේ කෙටි දුර යන අයට තමයි කිසිම වෙනසක් නැත්තේ.

දැන් මේ වෙනස නිසා Uber එකක කිලෝ මීටර් 10ට වඩා දුර ගමනක් යනව නම් දැන් දෙපාරක් හිතන්න වෙනවා. ඇත්තට ම  Pick Me එක ගාණ වැඩි නෙකළත්  කිලෝමීටර් 2ට අඩු ගමන්වලට නම් පාරෙ යන ටැක්සියකට අතදාල යන එක ඔයාටත් එයාලටත් දෙගොල්ලන්ට ම වාසියි.

දැන් ඉතිං මක් කොරන්නද?

මේ ගණන් අවුල් නං විකල්ප නැතුව නෙමෙයි. යමු ඇප් එක දාගත්ත නං වීල්, කැබ් සර්විස් ගොඩක දුරකථන අංක, අයකරන ගාස්තුවත් එක්කම බලාගන්න පුළුවන් එකේ සයිඩ්බාර් ඒකෙන්. Budget Taxi, Fair Taxi, Home Taxi, OnlineCabs.lk වගේ සර්විස්වල ගාස්තුව මේ දෙකටම වඩා අඩුයි. ඒ වුණාට හුඟක් ඒවායේ ටෙලිෆෝන් ඒකෙන් කතාකරලා ගෙන්න ගන්න මාර ගේමක් දෙන්න ඕනේ. ඇප් එක වගේ ලේසි නැහැ.

කොහොම වුණත්, යන තැනක දැනගෙන යන එක, මගීන් වෙන අපේ ඇඟට ගුණයි. ඊළඟ සැරේ කැබ් එකක්, වීල් එකක් ගන්නකොට මේ ටිකත් මතක් කරගෙන යන්න.

Share on facebook
Share on twitter
Share on whatsapp

Highlights.

Latest.

KAMU.

Cinnamon Life Brings Authentic Korean Cuisine to Colombo with “A Taste of Korea”

By Sharon Nonis, Cinnamon Life recently hosted “A Taste of Korea,” a spectacular dinner buffet

Highlights Kamu Trending

Korean Food Lovers, This One’s for You – Cinnamon Lakeside’s “Korean Themed Buffet”

By Sharon Nonis, We recently experienced the Korean themed buffet at Cinnamon Lakeside Colombo, and

Highlights Kamu Trending

Serendib Feast at Sheraton Colombo – A True Sri Lankan Buffet Experience

If you’re craving a proper Sri Lankan buffet that doesn’t hold back on flavor or

Highlights Kamu Trending

7 Late-Night Eats in Colombo: Where to go after 10 pm!

Shamrina Carim So you’re starving, it’s well past 10 PM, and the usual restaurants have shut

Kamu Trending

Sri Lanka’s First Hotpot Conveyor Belt Launches at We Ai Family in Colombo

Colombo has just welcomed an exciting new culinary experience with the launch of Sri Lanka’s

Highlights Kamu Trending

A Vintage Affair at Sky Lounge

An Evening of Fine Wine and an Italian Touch The Kingsbury, Colombo, invites you to

Highlights Kamu Trending

Trending.

Cinnamon Life Brings Authentic Korean Cuisine to Colombo with “A Taste of Korea”

By Sharon Nonis, Cinnamon Life recently hosted “A Taste of Korea,” a spectacular dinner buffet

Highlights Kamu Trending

Korean Food Lovers, This One’s for You – Cinnamon Lakeside’s “Korean Themed Buffet”

By Sharon Nonis, We recently experienced the Korean themed buffet at Cinnamon Lakeside Colombo, and

Highlights Kamu Trending

Serendib Feast at Sheraton Colombo – A True Sri Lankan Buffet Experience

If you’re craving a proper Sri Lankan buffet that doesn’t hold back on flavor or

Highlights Kamu Trending

7 Late-Night Eats in Colombo: Where to go after 10 pm!

Shamrina Carim So you’re starving, it’s well past 10 PM, and the usual restaurants have shut

Kamu Trending

Churros at The Kingsbury Celebrates World Chocolate Day

The Kingsbury Colombo's beloved pâtisserie, Churros, marked World Chocolate Day in true decadence with an

Highlights Trending

Sri Lanka’s First Iris Photography Experience by Eye Craft

On June 29th, the iconic Virticle by Jetwing hosted the grand launch of Eye Craft,

Trending

Yamu Guide.

A Curated List of 9 Japanese Restaurants in Sri Lanka

1.Salmon and Maki - Thalawathugoda Japanese Fusion Cuisine 11.00 AM - 10.30 PM (everyday) Visit:

Highlights Yamu Guide

Best Waterfalls in Sri Lanka (Including Hidden Gems)

By Fathima Rukaiya, There are many beautiful waterfalls in Sri Lanka, but are you unsure

Highlights Trending Yamu Guide

The 2025 High Tea Round-Up

Looking for the perfect place to enjoy a relaxing high tea? Whether you're into sweet

Highlights Yamu Guide

Father’s Day Gift Guide 2025

By Linara Wimalaweera Father's Day is an opportunity to acknowledge the dedication and influence of

Yamu Guide

Top Must-Try Restaurants in Ahangama for 2025

Ahangama, a charming surf town on Sri Lanka's southern coast, is becoming a popular spot

Highlights Yamu Guide

8 Gift Ideas to Celebrate Your Mom This Mother’s Day

Mother’s Day is a special time set aside to honor the amazing women who shape

Yamu Guide