පෝකෙමොන් ගෝ (Pokémon GO).

ලඟකදී ඉඳන් හුඟක් කට්ටිය කථාකරන මාතෘකාවක් තමයි ”පෝකෙමොන්”. ඔය එක එක කාටුන් සත්තු ඉන්න පින්තුර එහෙම දැකළ ඇති නේ? මිනිස්සු ෆෝන් උස්සගෙන එක එක විකාර කරනවා වගේ එහෙම දැකළත් ඇති නේ? ඔය ඔක්කොටම මුල මේ පෝකෙමොන්. පෝකෙමොන් ගැන මෙලෝ දෙයක් දැන ගෙන හිටියෙ නැත්තන් මෙන්න ඔයාලට මේක කියවල පොඩ්ඩක් දැන ගන්න පුළුවන්.

පෝකෙමොන් කියන්නෙ අවරුදු 20ක් තිස්සෙ ලෝකෙ සුප්‍රසිද්ධ කථා මාලාවක්. ජපානෙන් පටන් ගත්ත මේක පරිගණක ක්‍රීඩා දෙකකින් ඇරඹිලා පොත්, කාඩ් ක්‍රීඩා, කාටුන්, කාටුන් සිනමාපට, සෙල්ලම්බඩු ආදී සැහෙන්න දේවල් වලට විසිරිලා ගියා. කොටින්ම පරම්පරාවෙන් පරම්පරාවට පවා පෝකෙමොන් වලට තියෙන ආදරය යනවා. කතාවේ තියෙන්නෙ පෝකෙමොන්, ඒ කියන්නේ පොකට් මොන්ස්ටර් ලා අල්ලන්න යන සිද්ධියක්. මේ පෝකෙමොන් ඊළඟට සුරතල් සතුන් වගේ ඇතිකරලා අනිත් ක්‍රීඩකයන් සමග සටනට යන්න තියෙන්නෙ. හැම පෝකෙමොන් කෙනෙකුටම ආවේනික විශේෂ සුපිරි හැකියාවන් තියෙනවා. විදුලි සැර ගහන්න, ගිනි පිඹින්න වගේ ඒවා.

හුඟක් දෙනා ආසාවෙන් බලාගෙන හිටපු පෝකෙමොන් ගෝ (Pokémon GO) ක්‍රීඩාව පහුගියදා නිකුත් වුණා. මේ වෙනකොට පෝකෙමොන් ගෝ ගැන අහල නැති කෙනෙක් නැතුව ඇති මොකද අන්තර්ජාලය පුරාම මේක ගැන හිනායන කථා දැනටමත් තියෙන හින්ද. නිකුත් වුණ ගමන්ම සුපිරි ලෙස ජනප්‍රිය වෙන්න මේ ඇප් එකට පුළුවන් වුණා. තාම ලෝකෙ හැමෝටම මේක ක්‍රීඩා කරන්න බැරි වුණත් ලංකාවේ ඇත්තෝ මේක අපේ උපකරණවලට දා ගන්න ක්‍රම දැනටමත් හොයාගෙන ඉවරයි. මෙන්න ලංකාවෙ පෝකෙමොන් ගෝ ගහන හැටි.

කොහොමද වැඩ කරන්නෙ

දැනට මේ ඇප් එක නිල වශයෙන් තියෙන්නෙ ඇමරිකාවේ, ඕස්ට්‍රේලියාවේ සහ නවසීලන්තේ ඇප් කඩවල විතරයි. ඒත් ලංකාවේ ඇන්ඩ්‍රොයිඩ් පාවිච්චි කරන අය මේක ගන්න විදියක් හොයාගෙන තියෙනව apk ෆයිල් එක හරහා. ඔබ අයිෆෝන් එකක් පාවිච්චි කරනව නං ඇමරිකාවේ ලියාපදිංචි වුණ ඇපල් ID එකක් ඇප් ස්ටෝර් එකේ පාවිච්චි කරලා ඔබට මේක ස්ථාපනය කරන්න පුළුවන්. ඇමරිකාවේ පමණක් පෝකෙමොන්  බාගත කිරීම් මිලියන 7.5ක් පමණ බව ඇස්තමේන්තු කරලා තියෙනවා. මේක දිනපතා පාවිච්චි කරන අය ගාණ ලබන සතිය වෙනකොට ට්විටර් ඉක්මවල යයි කියල බලාපොරොත්තු වෙනවා.

පෝකෙමොන් ගෝ අනින් ඇප් ක්‍රීඩාවලින් වෙනස් වෙන්නෙ මේක ක්‍රීඩා කරන්න ඔබට ඇත්ත ලෝකයේ ඇවිදින්න වෙනවා පෝකෙමොන් අල්ලන්න. මේක හුඟක් දුරට නියන්ටික් අයගේ  ජනප්‍රිය ඉන්ග්‍රෙස් ක්‍රීඩාව වගේ.

මේකේ ඔබේ දුරකථනයේ ජී.පී.එස්. එක සහ කැමරාව පාව්ච්චි කරල augmented reality, ඒ කියන්නෙ අපි දකින යතාර්ථයට තවත් දෙයක් එකතු කරල, නියම අත්දැකීමක් ඇතිකරනවා කැමරාව හරහා ඇත්ත ලෝකයේ තැන්වලට උඩින් පෝකෙමොන් තියල. එකෙන් මාර විදියට ඇත්තටම පෝකෙමොන් ලෝකයකම බැහැල ඉන්නව කියල හැඟීමක් ඇති වෙනවා.

පෝකෙමොන් ගෝ හින්ද අම්මල ඇදන් ගියාටත් වැඩිය පන්සල්, පල්ලි, කෝවිල් යන්න සිද්ධ වෙයි. ඇයි ආගමික සිද්ධස්ථාන ඔක්කොම වගේ පෝකෙමොන් නැවතුම් හැටියට සලකුණු කරල තියෙන හින්ද. ඒවා ඔබට කාලෙන් කාලෙට තෑගි දෙනවා පෝකෙ බෝල, පෝෂන් වර්ග වගේ දේවල්. ඉතින් ඊළඟ පාර ඔය පන්සලක, කෝවිලක කව්රුහරි ෆෝන් එකක් අල්ලං විකාර කරනවා වගේ දැක්කොත් මේක තමයි වෙන්නෙ.

ඔබ ඉස්සර පෝකෙමොන් ගහල තියෙනවනං ඔබට තේරෙයි පෝකෙමොන් ගෝ ක්‍රීඩා කරන විදිහ වෙනස් කියල. නින්ටෙන්ඩෝ අයගේ ක්‍රීඩා වගේ ඔබට පෝකෙමොන් සටන් කරන්න අවශ්‍ය නැහැ. ඒ වෙනුවට ඔබ පෝකෙ බෝල හරියට එල්ලෙ බලල විසිකළාම එකට පෝකෙමොන් අහුවෙනවා. මේක හුඟක් සරල කරල තිබුණට පස්සට යනකොට වැඩේ අමාරු වෙනවා.

ඔබ පස්වෙනි මට්ටමට ආවට පස්සෙ කණ්ඩායම් තුනක් අතරින් එකක් තෝරාගන්න තියෙනවා. ඒ ඉන්ස්ටින්ක්ට්, මිස්ටික් සහ වැලර්. එතකොට තමයි වැඩේ තවත් සිරා වෙන්නෙ. මොකද දැන් ඔයාට සටන් කරන්න පුළුවන්. ඔබ කණ්ඩායමක් තොර ගත්තට පස්සෙ කොළඹ හා ඒ අවට තියෙන පෝකෙමොන් ජිම් සඳහා තරඟ කරන්න පුළුවන්.

හැබැයි පරිස්සමින් තෝරාගෙන, යාළුවො ටිකකුත් එකතු කරගන්න. මොකද ජිම්වලට තරඟ කරන එක හුඟක් තරඟකාරී වෙන්න පුළුවන්. ඔබ බොහොම ලේසියෙන් අනිත් කණ්ඩායම්වල කට්ටිය එක්ක වලියකට පැටලෙන්න පුළුවන්.

කොළඹ සීන් එක.

ඔබ ජෙන් එකේ (Gen 1) ඉඳල පෝකෙමොන්වලට උනන්දු කෙනෙක් නම් ඔබත් සමහර විට අනිත් අනූ ගණන්වල දරුවන් හුඟ දෙනෙක් වගේ පුළුවන් ඉක්මනට මේක සෙල්ලං කරන්න පටන් ගන්න ඇති. පෝකෙමොන්වලට ඒ කාලේ තිබුණ ආසාව ආයෙත් අලුත් කරන්න මේ ක්‍රීඩාව සමත් වුණා.

ලංකාවේ කී දෙනෙක් මේක ක්‍රීඩා කරනවද කියල කියන්න අමාරුයි. හැබැයි ඇප් එක ඇතුලෙ පෙන්නන හැටියටයි, ෆේස්බුක් එකේ පින්තුර දාල තියෙන හැටියටයි ලංකාවේ හුඟක් දෙනා සෙල්ලං කරනවා වගේ පේනවා. දැනටම ෆේස්බුක් කණ්ඩායම් ඇතිවේගෙන එනවා මෙහෙ ක්‍රීඩකයින්ට එකතු වෙන්න. ඒවායෙ දැන් සාමාජිකයෝ 300 විතර ඉන්නව වගේ පේනවා. දැන් කට්ටිය එකතු වෙලා ගම වටේ ඇවිදලා පෝකෙමොන් අල්ලන්න, ජිම්වලට සටන් කරන හමුවීම් තියෙනවා කියලත් ආරංචියි.

කොහොම වුණත් මේකේ අනිත් පැත්ත තමයි පෝකෙමොන් ගෝ ෆෝන් එකේ බැටරිය පට ගාලා බින්දුවටම බැස්සෙන එක. මොකද හැමතිස්සෙම ජී.පී.එස්., කැමරා, ඩේටා පාවිච්චි වෙන හින්ද. ඩේටා පාවිච්චියත් අනිවාර්යයෙන් සාක්කුවටත් වදිනවා. බැටරියට පිලියමක් හැටියට නම් අපිට කියන්න වෙන්නෙ පවර් බෑන්ක් එකක් තියාගෙන යන්න කියල. අනිත් එක තමයි තාම අපිට මේක නිල වශයෙන් ලැබිල නැති නිසා පොඩි පොඩි අවුල්, සර්වර් එක පැත්තෙ කරදර තියෙන්න පුළුවන්. හිඟන්නොන්ට ඉතින් කොහෙන්ද උණු බත්? පුළුවන් විදියට ගහමු.

 

අවසාන වශයෙන්

ඔබ අතීතයේ පෝකෙමොන් ආසාවෙන් සෙල්ලම් කළා නං, වීඩියෝ ක්‍රීඩා වලින් හරි, කාඩ් ක්‍රීඩාවෙන් හරි, කාටුනයෙන් හරි, ඔබ අනිවාර්යයෙන් පෝකෙමොන් ගෝ අරගෙන සෙල්ලම් කළ යුතුයි. ඔබ පෝකෙමොන්වලට අලුත් නම්, ඒත් කමක් නෑ. මොකද සෙල්ලම් කරන්න පරණ දැනුම වැඩිය අවශ්‍ය වෙන්නෙ නෑ. මේක ඇත්තටම ඇබ්බැහි වෙන්න තරං ජොලියක් ගන්න පුළුවන් සෙල්ලමක්. අනික ගේ ඇතුලෙම නෙවෙයි නේ. එලි පහලියට බැහැල යන්න වෙන එකේ නමට හරි ව්‍යායාමයක් ලැබෙනවා. හැබැයි පරිස්සමින් යන්න. ෆෝන් එක දිහාම බලං ගිහිල්ල කාණුවක වැටුනොත්, ලයිට් කණුවක හැප්පුනොත් අපි නං වග කියන්නෙ නෑ ඔන්න.

Share on facebook
Share on twitter
Share on whatsapp

Highlights.

Latest.

KAMU.

Welcoming the Year of the Horse at Yue Chuan, The Kingsbury

Yue Chuan, the award-winning Chinese restaurant at The Kingsbury, Colombo, invites guests to usher in the

Highlights Kamu

Soho Hospitality Charts First Expansion into South Asia with Charcoal’s Colombo Debut

Bangkok-based international hospitality group selects Sri Lanka for its game- changing dining brand Charcoal Tandoor

Highlights Kamu

Brunch at ITC Ratnadipa – Review

By Ranugi Thihansa If you’re looking for a Sunday brunch that brings together incredible food,

Highlights Kamu Yamu Guide

Harpo’s Pizza and Pasta: Review

We dropped by Harpo’s Pizza and Pasta the other day, and it turns out it’s

Highlights Kamu

The Fort Café by Tasty Caterers – Review

By Linara Wimalaweera The Fort Café by Tasty Caterers offers a refreshing escape from the

Highlights Kamu Yamu Guide

Nihonbashi by Dharshan – Review

Written by Linara Wimalaweera When it comes to Japanese fine dining in Colombo, few names

Highlights Kamu

Trending.

Here are the must visit Iftar spots for 2026

Ramadan 2026 brings with it a beautiful season of reflection, gratitude, and shared meals. Across

Highlights Trending Yamu Guide

Valentine’s Celebrations Unfolded at NH Collection Colombo

Valentine’s celebrations at NH Collection Colombo concluded on a high note, with guests enjoying an

Highlights Trending

Newburgh Ella: Where Sri Lanka’s Tea Heritage Rises Above the Clouds

A Tea Factory Reimagined High above the emerald hills of Ella, where mist drifts lazily

Highlights Trending

ITC Ratnadipa Presents ‘An Italian Affair’ in Partnership with the Italian Embassy, Sri Lanka

ITC Ratnadipa, Colombo in collaboration with the Embassy of Italy in Sri Lanka will host

Trending

Browns Hotels & Resorts Unwraps the Festive Season with Joyful Cake Mixing Celebrations

Browns Hotels & Resorts officially unwrapped the festive story for 2025 with grand cake mixing

Trending

The Best Cities for Food in the World — Readers’ Choice Awards 2025

By Fathima Rukaiya, As travel and dining experiences evolve, food-savvy travelers are looking beyond just

Trending Yamu Guide

Yamu Guide.

Here are the must visit Iftar spots for 2026

Ramadan 2026 brings with it a beautiful season of reflection, gratitude, and shared meals. Across

Highlights Trending Yamu Guide

IFTAR BUFFET LIST – 2026

With Ramadan 2026 now underway, families and friends are gathering in prayer, reflection, and devotion

Highlights Yamu Guide

Break Fast by the Lake: A Meaningful Ramadan at Cinnamon Lakeside Colombo

Colombo, Sri Lanka, 23rd February 2026 - This Ramadan, Cinnamon Lakeside Colombo invites guests to embrace the spirit

Highlights Yamu Guide

A Beautiful Beginning to Ramadan : Iftar at Cinnamon Grand Colombo

Colombo, Sri Lanka – 23rd February 2026 – This Ramadan, Cinnamon Grand Colombo welcomes guests to gather in reflection and

Highlights Yamu Guide

Velvet Splash, Valentine’s Day pool party

If candlelit dinners aren’t your thing this Valentine’s Day, Ravana Pool Club in Ella has

Yamu Guide

ROSES & ROMANCE – VALENTINE’S AT ITC RATNADIPA

WHEN THE CITY FALLS IN LOVE 1.INDIAN OCEAN PAVILION - Valentine's Dinner Buffet Price: LKR

Highlights Yamu Guide