ගෙදර ඉන්න අතරතුරේ හදන්න! රසම රස පලතුරු අතුරුපස රෙසිපි 5ක්.

මේ ගෙවෙන්නේ ගෙදර ඉන්න දෙවැනි සතිය නේද? දැන් නං කට්ටියට නිකං ඉඳල ම මහන්සි ඇති. ඔන්න කම්මැලිකම යන්නත් එක්ක අපි අරං ආව වැඩි කලබලේකින් තොරව ලේසියෙන් ම හදාගන්න පුළුවන් රස අතුරුපස රෙසිපි ටිකක්. ගෙදරට වෙලා ඉන්න එකේ හදන්න ට්‍රයි කරල බලන්නකො. ඕන වෙන්නෙ පලතුරු ටිකක් විතරයි. වැඩි වෙලාවක් යන්නෙත් නෑ. ගෙදර කට්ටියව පුදුම කරන්නත් බැරි වෙන එකක් නෑ! 

ෆ්‍රෝසන් චොක්ලට් බනානා

අවශ්‍ය ද්‍රව්‍ය: 

ඉදුණු කෙසෙල් ගෙඩි

චොක්ලට් චිප්ස් කෝප්ප බාගයක්

අයිස්ක්‍රීම් කෝටු

ස්ප්‍රින්කල්ස්

හදන විදිහ:

කෙසෙල් ගෙඩි ලෙලි ඇරලා දෙකට කපන්න. (දිග අතට නෙමෙයි!) කෙසෙල් ගෙඩි ටික මැදින් අයිස්ක්‍රීම් කෝටුව බැගින් රිංගවන්න. කෙසෙල් ගෙඩි ටික පැය 4-5 විතර ෆ්‍රීස් වෙන්න තියන්න.

චොක්ලට් චිප්ස් ටික බෝල් එකකට දාල මයික්‍රොවේව් එකේ තත්පර 30ක් උණු කරගන්න. චොක්ලට් ටික දිය වුණාම කෙසෙල් ගෙඩිය අයිස්ක්‍රීම් කෝටුවෙන් අල්ලලා චොක්ලට් දියරයේ පොඟවන්න. චොක්ලට් තැවරුම ගන වෙන්න කලින් ස්ප්‍රින්කල්ස් ඉහින්න. විනාඩි 2-3 විතර කෙසෙල් ගෙඩිය උස වීදුරුවක කෙළින් අතට හිටවල තියන්න. චොක්ලට් තැවරුම හොඳින් ගන වුණාම පිළිගන්වන්න!

ඇපල් නාචෝස්

අවශ්‍ය ද්‍රව්‍ය: 

ඇපල් ගෙඩියක්

පීනට් බටර් කෝප්ප කාලක්

චොක්ලට් චිප්ස් කෝප්ප බාගයක්

හදන විදිහ:

ඇපල් ගෙඩිය හීනි තීරුවලට කපල පිඟානක අතුරන්න. පීනට් බටර් සහ චොක්ලට් චිප්ස් කෝප්ප කාලක් වෙන වෙන ම උණු කරන්න. පීනට් බටර් දියරය ඇපල් තීරු උඩින් වත් කරන්න. චොක්ලට් දියරය පීනට් බටර් ඇතිරූ ඇපල් තීරු උඩින් වත් කරන්න. ඉතිරි චොක්ලට් චිප්ස් ටික ඊට උඩින් ඉහින්න. එවෙලෙ ම පිළිගන්වන්න!

චොක්ලට් ඇවකාඩෝ මූස්

අවශ්‍ය ද්‍රව්‍ය: 

ඉදුණු අලිගැටපේර ගෙඩි 1-2

කොකෝවා පවුඩර් කෝප්ප කාලක්

මීපැණි මේස හැඳි 1-2

හදන විදිහ:

අලිගැටපේර, කොකෝවා පවුඩර් සහ මීපැණි එකට බ්ලෙන්ඩර් කරන්න. උකු දියරයක් ඔබට ලැබේවි. එය බඳුනකට දාල පැයක් පමණ ශීතකරණයේ තියන්න. (අවශ්‍ය නම් චොක්ලට් චිප්ස්, කුරුඳු පොතු, කජු වැනි දෑ උඩින් ඉහින්න.) කූල් පිට පිළිගන්වන්න!

රෝස්ටඩ් ස්ට්‍රෝබෙරි යෝගට්

අවශ්‍ය ද්‍රව්‍ය: 

යෝගට්

ස්ට්‍රෝබෙරි

සීනි

හදන විදිහ:

ස්ට්‍රෝබෙරි සීනි සමග කලවම් කරලා අවන් එකේ බේක් කරගන්න. විනාඩි කීපයකින් ඔබට රෝස්ටඩ් ස්ට්‍රෝබෙරි බඳුනක් ලැබේවි. එය යෝගට් සමග කලවම් කරල හරි, යෝගට් සඳහා ටොපින්ග් එකක් විදිහට පාවිච්චි කරලා හරි රසවත් අතුරුපසක් හදාගන්න. ස්ට්‍රෝබෙරි නැවුම් බව තියෙද්දිම පිළිගන්වන්න!  

ෆ්ලා ලස් චොක්ලට් මග් කේක්

අවශ්‍ය ද්‍රව්‍ය:

ඉදුණු කෙසෙල් ගෙඩියක්

බිත්තරයක්

කොකෝවා පවුඩර් මේස හැඳි 2-3

හදන විදිහ:

කෙසෙල් ගෙඩිය, බිත්තරය සහ කොකෝවා පවුඩර් ටික බැටර් එකක් බවට පත් වෙනකන් හොඳින් බ්ලෙන්ඩ් කරන්න. මේක වැඩිය පැණි රස අතුරුපසක් නෙමෙයි. ඒ නිසා ගොඩක් පැණි රස ඕන නං මිශ්‍රණයට මීපැණි මේස හැන්දක් විතර එකතු කළත් කමක් නෑ. හොඳට බ්ලෙන්ඩ් වුණාම මික්ස්චර් එක මග් එකකට වත් කරලා විනාඩි 1-2 විතර මයික්‍රොවේව් එකේ තියන්න. ලස්සන කරන්න ඕන නං උඩින් චොක්ලට් චිප්ස් ටිකක් ඉහින්න. නැත්තං පීනට් බටර් චුට්ටක් අතුරන්න. ඊටපස්සෙ රස බලන්න පිළිගන්වන්න!

Share on facebook
Share on twitter
Share on whatsapp

Highlights.

Latest.

KAMU.

Cinnamon Lakeside’s delicious High Tea spread- 2022

Cinnamon Lakeside has made an exotic appearance at the main lounge, serving a range of

Kamu

Cooking with the Silvermill Coconut Culinary Range

As a Sri Lankan, can you imagine cooking without coconut? It is a universally accepted

Highlights Kamu

Cheers to The Great Indian Roast at Bombay Borough

By Hashini Pathirana We are all here for a short time and definitely for a

Highlights Kamu

Get Fuel’d with Street Burger’s All New Lunch Menu!

By Shamrina Carim Street Burger has launched an exciting, affordable, and a simple lunch menu

Highlights Kamu

Fine Dining with a Sri Lankan twist

Black Coral at Jetwing Beach, Negombo By Shanali Fdo Bringing the luxury of fine dining

Kamu

An epic Saturday brunch at Uga Residence

By Shamrina Carim Rare bar + Kitchen is a quintessential significant historical home that is

Highlights Kamu

Trending.

A Silver Lining at Cinnamon Hotels & Resorts Colombo

Seasonal celebrations centered around Resilience of the Nation   Colombo, Wednesday 30th November 2022: Resilience, a

Trending

Kingsbury Colombo launches a “Christmas Carriage of Hope”

The Kingsbury Colombo launched their “Christmas Carriage of Hope”, a festive icon that represents the

Trending

PickMe celebrates the launch of PickMe Pass!

PickMe had an exciting event where they celebrated the launch of their new initiative PickMe

Trending

Shangri-La Colombo Toasts to Five Years of Celebrating the Colorful Joys of Life

Shangri-La Colombo toasts to five years of celebrating the colourful joys of life here in

Trending

Don’t miss these 11 Daraz Deals on Electronic Appliances

Daraz 11.11 Biggest Sale! Daraz, the leading e-commerce platform in Sri Lanka, is all prepped

Trending

A Cabin Immersed in Nature

The Latest Addition to Hanthana Eco Lodge Delivers a Transcending Experience Inspired by the wonders

Trending

Yamu Guide.

5 Places to watch the FIFA World Cup

By RR It's been a week of toasting wins and drowning sorrows around the globe. 

Highlights Yamu Guide

High Tea Buffet Round Up 2022

By Ruchika Seneviratne The exquisite British tradition of High tea has well and truly cemented

Highlights Yamu Guide

Vegan and Vegetarian Spots around Colombo (October 2022)

By RR This article is dedicated to all the vegans and vegetarians out there looking

Highlights Trending Yamu Guide

5 Things to expect at Nelum Kuluna

By Ruchika Seneviratne It is the ‘Full happening’ place in Colombo right now. It seems

Yamu Guide

7 Cozy Cafés around Colombo (October 2022)

By Rahma Rifkhan Every now and then, we all just need to press pause on

Highlights Yamu Guide

6 Stores to get the iPhone14

By Shanali Fdo Bigger and better than ever Apple has done it again! The talk

Highlights Yamu Guide