රත්න ශ්‍රී විජේසිංහයන්ගේ ගී පද පිටුපස සැඟවුණු කතා – II.

‘රත්න ශ්‍රී විජේසිංහයන්ගේ ගී පද පිටුපස සැඟවුණු කතා’ ලිපි මාලාවේ පළමු වැනි කොටස අපි පහුගිය සතියක ඔබට සමීප කළා. අද අපි ඔහු ලියූ තවත් ගීත තුනකට පසුබිම් වුණු කතා තුනක් පිළිබඳ තොරතුරු ඔබ වෙත ගෙන එන්නට සූදානම්.

“මිනින්දෝරු කන්තෝරුව..”

වරක් රත්න ශ්‍රී විජේසිංහ සිය මිතුරෙකුත් සමග අනුරාධපුරේ කිට්ටුව තෝඩාමඩුව නම් ගමට ගියා. ගමන් වෙහෙස නිසා ආපු පිපාසය නිවාගන්න වතුර ටිකක් ඉල්ලගන්න හිතාගෙන ඔවුන් දෙන්නා පාර අයිනේ තිබුණු කුඩා නිවසකට ගොඩ වුණා. 

මධ්‍යම පාන්තික පෙනුමක් තිබුණු මේ නිවසේ තරමක් ලොකු ගෙවත්තකුත්, එහි කෙළවරේ ලොකු නුග ගහකුත්, ඒ අවට තවත් ලස්සන මල් ගස් එහෙමත් වවලා තිබුණා. ඊට අමතරව මේ නුග ගහ අසල පහන් පැලකුත් තිබුණා. ඒ නිසා මෙතැන තරමක් විශේෂ තැනක් කියලා ඔවුන්ට හිතුණා.

ගෙහිමියා වයස අසූ ගණන්වල සිටි කාරුණික මහත්මයෙක්. ඔහු වතුර වගේ ම අලුත් එළවළු ටිකකුත් රත්න ශ්‍රීට සහ මිතුරාට ලබා දුන්නා. ඔය අතරේ කුතුහලය නිසා ම රත්න ශ්‍රී අර පහන් පැලේ වගතුග ගෙහිමියාගෙන් විමසුවා. ඔහු පැවසූ විදිහට මේ නුග ගහ යට පහන් පැල තියෙන තැන තමයි ඔහුගේ බිරිඳ (සුදු බණ්ඩි) මිහිදන් කරලා තියෙන්නේ. ඒ වගේ ම, තමන්ගේ සොයුරා මේ ඉඩම දෙකට බෙදන්න කටයුතු කරගෙන යන බවත්, ඒ නිසා බිරිඳ නිදන තැන තමන්ට අහිමි වෙන්න යන බවත් ඔහු රත්න ශ්‍රීට පවසලා තියනවා.

බිරිඳගේ මරණයෙන් පසුවත් ඔහු තුළ ඇයට ඇති ප්‍රේමයත්, ඔහුට ඉදිරියේදී මුහුණ දෙන්නට සිදු වන ඛේදනීය අත්දැකීමත් රත්න ශ්‍රීව සසල කළා කිව්වොත් නිවැරදියි. අපි දශක ගණනක් පුරා රසවිඳින මේ සංවේදී ගීතය ලියැවිලා තියෙන්නෙ ඔන්න ඔය අත්දැකීම ඇසුරෙන්.

“ශාන්තිනී..”

පාසලේ විභාග කාලය අවසන් වූ පසු රත්න ශ්‍රීගේ මිතුරෙක් තමන්ගේ නෑදෑයන් බලන්න මන්නාරම ප්‍රදේශයට නෑගම් ගිහින් තියනවා. මේ ගමන අතරතුර ඒ ප්‍රදේශයේ සංස්කෘතිය, ආහාරපාන සහ එහි මිනිසුන් ඇතුළු බොහෝ දේ අත්දකින්න මේ මිතුරාට හැකි වුණා. ඒ විතරක් නෙවෙයි, මේ ගීතයට පසුබිම් වුණු ශාන්තිනීත් ඔහුට මුණගැහිලා තියෙන්නේ මේ ගමන අතරෙයි.

මේ කාලයේ රත්න ශ්‍රීගේ මිතුරා සහ ශාන්තිනී දෙන්නා ම ඉඳලා තියෙන්නේ නව යොවුන් වියේ. ඒ කියන්නේ ඇය 16 වැනි වියේත්, ඔහු 17 වැනි වියේත් පසු වුණා. මේ දෙන්නා ම දෙන්නාට ම කැමති බව පෙනුණත්, තමන්ගෙ හිතේ තියන දේ එකිනෙකාට කියාගන්න ඔවුන්ට පුළුවන්කමක් තිබුණෙ නෑ. හේතුව වුණේ භාෂාව.

ශාන්තිනී සිංහල දැනගෙන හිටියෙ නෑ. රත්න ශ්‍රීගේ මිතුරා දමිළ බස දැනගෙන හිටියෙ නෑ. රත්න ශ්‍රී කියන විදිහට ශාන්තිනී ඉගෙනුම ලැබූ කන්‍යාරාමය අසලට ගිහින් ඇයව හමු වෙන්න මිතුරා පුරුදු වෙලා තියනවා. හරියට එකිනෙකා සමග කතා කරන්න බැරි වුණත්, ඔවුන් මිතුරුකමක් ඇති කරගන්න සමත් වෙලා තියනවා.

මාස කීපයකට පස්සේ රත්න ශ්‍රීගේ මිතුරාට නැවත ගාල්ලේ තමන්ගෙ පාසලට එන්න සිද්ධ වුණා. ඔහු ඒ බව කියලා ශාන්තිනීගෙන් සමු ගන්න ගිය වෙලාවේ ශාන්තිනී අඬන්න පටන්ගත්තා ලු.

මේ සිදුවීමෙන් වසර කීපයකට පස්සේ 83 කළු ජූලිය උදා වුණා. එවකට රත්න ශ්‍රී ගුරුවරයෙක්. ලංකාවේ දමිළ ප්‍රජාවට එරෙහිව සිදු වුණු ප්‍රචණ්ඩත්වය දැකපු රත්න ශ්‍රීට සිය මිතුරාගේ ප්‍රේමය වුණු ශාන්තිනීට මොනවා වන්නට ඇත්දැයි සිහි වුණා. මේ ගීතය ඔහු අතින් ලියැවුණේ එහි ප්‍රතිඵලයක් විදිහටයි. 

“කිරුළ මුතු ලිහී..”

ලංකාවේ බොහොමයක් කලාකරුවන්ට අත්දකින්නට සිදු වෙන අවාසනාවන්ත ඉරණම ගැන මේ ගීයෙන් කියැවෙනවා.

දශක කීපයකට කලින්, ලංකාවේ සුප්‍රසිද්ධ කලාකරුවෙකුගේ සේවය සහ සමාජ මෙහෙවර අගයන්නට විශාල උත්සවයක් සංවිධානය කෙරුණා. නර්තන ශිල්පයේ ප්‍රවීණයෙකු වුණු ඔහු, ලංකාවේ හිටපු අගමැතිවරයෙකු ඇතුළු බලවත් තැන්වල ඉන්න පුද්ගලයන් බොහොමයකට නර්තනය ඉගැන්වූ අයෙක්.

මේ කලාකරුවා වෙනුවෙන් ම උපහාර ගීයක් ලියමින්, රත්න ශ්‍රීත් මේ උත්සවයට සහභාගි වුණා. එහිදී එවකට හිටපු ජනපතිවරයා විසින් මේ කලාකරුවාට විශාල සමරු ඵලකයක් පිළිගැන්වුණා. ඒ වගේ ම තවත් කථකයන් රැසක් ඔහුගේ සේවය අගයමින් උපහාර කතා ඉදිරිපත් කළා.

ඒත් උත්සවය අවසන් වෙලා යන අතරේ රත්න ශ්‍රී මෙතෙක් වෙලා කාටවත් නොපෙනුණු සත්‍යය හැබැහින් දුටුවා. ඔහු දැක්කේ, මෙතෙක් වෙලා ඇගයුම් උපහාර හිමි වුණු අර කලාකරුවා, තමන්ට ලැබුණු ඵලකය සිය වෙව්ලන වියපත් දෑතින් අමාරුවෙන් ඔසවාගෙන, බසයක් එන තුරු වැස්සේ තෙමෙමින් හිටගෙන ඉන්න ආකාරය. මේ ගීයට පසුබිම් වුණේ ඔහු එදා දුටු ඒ ශෝකී දසුනයි.

Share on facebook
Share on twitter
Share on whatsapp

Highlights.

Latest.

KAMU.

An Exquisite Iftar Buffet Experience at Cinnamon Lakeside Colombo

By Sahasni Gamage  Ramadan is all about reflection, togetherness, and, of course, enjoying some amazing

Highlights Kamu Trending

A Sunset Feast by the Sea – Hunger Squad

by Vimasha Weerawansha  Ambience  For those who chase sunsets and savor every golden moment, Hunger

Highlights Kamu

A Delightful Iftar Experience At Sheraton Kosgoda

Traditional Iftar Selection Breaking fast at Sheraton Kosgoda was an experience of elegance and variety,

Highlights Kamu

Loon Tao: A Unique Beachfront Culinary Escape

If you’re looking for the perfect blend of mouthwatering Chinese food, excellent service, and a

Highlights Kamu

The Sweetest Valentine’s Treat from The Sweet Room!

by Shamrina Carim February is here and love is in the air—So is the irresistible

Kamu

Sawan for Seven! A Gigantic North Indian Meal from Rosewood Ceylon

By Shamrina Carim If you’re craving an indulgent North Indian meal that brings together bold

Kamu

Trending.

A Trio of Radisson Hotels Gears Up for Markdown Mania 2025 at The World Trade Center

Radisson Hotel Kandy Radisson Hotel Colombo Radisson Blu Resort Galle Kristofer Quadros – Cluster General

Trending

An Exquisite Iftar Buffet Experience at Cinnamon Lakeside Colombo

By Sahasni Gamage  Ramadan is all about reflection, togetherness, and, of course, enjoying some amazing

Highlights Kamu Trending

Embark on a Culinary Journey with Chef Riza Bhatti at Cinnamon Grand’s Ithar Promotion

Cinnamon Grand Colombo is thrilled to welcome the celebrated Pakistani chef, Chef Riza Bhatti, for

Trending

Cinnamon Red Colombo invites you to a blessed Iftar – bring 3, 4th dines free

This Ramadan, Cinnamon Red Colombo warmly welcomes guests to experience a truly special Iftar –

Trending

Cinnamon Lakeside Colombo Celebrates Women’s Day with Exclusive Culinary Delights and Special Offers

This Women’s Day, Cinnamon Lakeside Colombo invites guests to indulge in a series of exclusive

Trending

Iftar Buffet at The Kingsbury’s Harbour Court

The Kingsbury, Colombo invites you and your loved ones to break your fast with an

Trending

Yamu Guide.

Iftar Deals for Great Value in 2025

By Fathima Rukaiya, Iftar doesn’t have to be expensive to be delicious! Whether you’re craving

Highlights Trending Yamu Guide

IFTAR Buffet List – 2025

by Fathima Rukaiya, As Ramadan 2025 approaches, food lovers and families are on the lookout

Highlights Trending Yamu Guide

Colombo’s BYOB Gems: 15 Perfect Spots to Pair Your Drink with Delicious Food

by Vimasha Weerawansha Are you on the hunt for dining spots where you can bring

Yamu Guide

14 Romantic Places to Spend  February 14th – Valentine’s Day

Valentine’s Day is just around the corner, and if you're looking for the perfect place

Highlights Yamu Guide

Valentine’s Gift Guide for Him 2025

by Fathima Rukaiya Looking for the perfect way to show your special guy how much

Highlights Yamu Guide