කිතුල්ගල ලංකාවේ ත්‍රාසනක විනෝද ක්‍රීඩා සඳහා ප්‍රසිද්ධ ස්ථානයක් බවට පත්වෙමින් තිබෙනවා. ශ්‍රීපාදයෙන් පටන් ගෙන කොළඹ ආසන්නයෙන් මුහුදට වැටෙන කැලනි ග‍ඟ විස්මිත ගලායාමක් ඇති ගඟක්. කැලනි ග‍ඟේ පහුරු පැදීමේ අවස්ථාව ලබා දෙන සේවාවන් රැසක් කිතුල්ගල තිබෙනවා. ඒත්, ආරක්ෂාකාරීබව පිළිබඳ ජාත්‍යන්තර වශයෙන් පිළිගත් සහතිකලාභී එකම ස්ථානය බෝඩර්ලන්ඩ් විතරයි.

කොළඹ සිට හැටන් දක්වා දිවෙන මාර්ග අංක 18 බසයෙන් පැය තුනකින් කිතුල්ගලට ළඟාවන්න පුළුවන්. මම බෝඩර්ලන්ඩ්ස් මූල කඳවුරට ළඟ වුණාම මට පැස්ටා, මැරිනාරා, සුදුළූනු පාන්‍, සලාද හා හන්සා කෝපි කෝප්පයකින් යුත් සිත් පිනවන ආහාර වේලක් ලැබුණා. ඉන් පසුව මාත්, මගේ මිතුරනුත් වෑන් රියක නැඟී ගඟ ඉහළ බලා පිටත් වුණේ අපේ චාරිකාව ආරම්භ කරන්නයි.

ගඟට බැස්ස පසු අපේ මග පෙන්වන්නා වූ නිමල් අපට හදිසි අවස්ථාවකදී කළ යුතු දේ ගැන දීර්ඝ විස්තරයක් කළා. න්‍යායික පුහුණුවෙන් පසු ඔහු අප ගඟ මැදට ගෙන ගොස් ප්‍රායෝගිකව පෙන්නා දුන්නා කළ යුතු මූලික දේ හා ආරක්ෂක විධිවිධාන මොනවාද කියා. ඒවා මා කොලරාඩෝ ග‍ඟේ මෙවැනි චාරිකාවකදී ලැබූ මූලික පුහුණුවට සමානයි. පුහුණුවෙන් පසු ප්‍රධාන කයාක්බෝට්ටුව පිටත් වුණා. අපිත් විග විගහට එය පසුපස ගියා. අපි තමයි, ඉදිරියෙන් ආරක්ෂක බෝට්ටුවක් සහිතව ගිය ආරක්ෂාව පිළිබඳ පුහුණුවකුත් ලද එකම පිරිස.
අපි පිටත් වුණා. වේගවත් බැසීම් කීපයක්මත් කළා. සම්පූර්ණයෙන්ම නෑවුණා. මෙහිදී කිව යුතු දෙයක් තිබෙනවා, වතුර‍ට ඔරොත්තු නොදෙන විද්‍යුත් උපකරණ ගෙන එන්න එපා. නිමල් අපට මේ ග‍ඟේ ඉතිහාසය විස්තර කළා. බ්‍රිජ් ඔන් ද රිවර් ක්වායි චිත්‍රපටය වෙනුවෙන් ඉදි කළ පාලමේ සුන්බුන් පෙන්වූවා. මම මේ චිත්‍රපටය සතියක‍ට කලින් බලලායි තිබුණේ. පරිසරය වෙනස් වෙලා. චිත්‍රපට‍ය රූගත කළ කාලේ නොතිබුණු වේලි පසුව ඉදි කර ඇති නිසායි එහෙම වෙලා තිබෙන්නේ. විනාඩි තිහකට පසුව අපි චාරිකාවේ හරි මැදට පැමිණියා.  ඒ තමයි, දොරු තරණයට හෙවත් කැනියනිං සඳහා වෙලාව.

අපි කාැළේ මැදින් විනාඩි 15ක් පමණ ඇවිද ගියා අපේ පර්වත ක්‍රීඩාංගනය හමුවනතුරු. නිමල් අපට තවත් දේශනයක් දුන්නා ආරක්ෂාව ගැන, කැනියොනිං ආරම්භ කරන්නට පෙර. පර්වත අතරින් ගලා ගිය ගඟ එහි නිර්මානය කර තිබුණු උද්‍යානයේ අපට ලිස්සන්න, පනින්න, කිමිදෙන්න තැන් තිබුණා. කැනියොනිං හරිම අපූරු අත්දැකීමක්. එය තමයි, චාරිකාවේ වැදගත්ම දෙය.

කැනියොනිං අවසන් වීමෙන් පසු අපි නැවතත් අපේ පහුරුවලට ගොඩවුණේ ජල ප්‍රවාහයේ කිලෝමීටර් 6.5ක ඉතිරි දුර තරණය කරන්නයි. ඇතැම් ජල ප්‍රවාහයන් තරණය කරන්න නිමල් අපට උදව් කළා. සමස්ත චාරිකාවටම ගතවුණේ පැය හතරකට අඩු කාලයක්. අපි ආපසු කඳවුරට පැමිණි විට කාර්ය මණ්ඩලයෙන් අපට ලැබුණා ටියුබ් ටිකක්, කඳවුර වටා ඇති කුඩා ජල ප්‍රවාහවල සෙල්ලම් කරන්න.

අමුත්තන්ට අවස්ථාව තිබෙනවා බෝඩර්ලන්ඩ්ස්හි රැය ගතකරන්න.  එය ඔබට නිර්දේශ කරන්න මට වචන  නැතිතරම්. ටියුබ් භාවිතා කරමින් ක්‍රීඩා කිරීමෙන් අනතුරුව නා කියා ගත් මම ගියේ නවාතැනේ ඇති වයිෆයි පහසුකම සොයාගෙන. පැය කීපයකට පසු අපට බැදපු කුකුළු මස්, එළවළු සහ අයිස්ක්‍රීම් සමග බනානා ෆ්‍රිටර්ස් සහිත රා‍ත්‍රී ආහාර වේලක් ලැබුණා. කෑම කා හැඳි ගෑරුප්පු පිඟානෙන් තබනවිට දවසේ වෙහෙස නිසා මම හිටියේ ඇඳට වැටෙන්න දැඩි උවමනාවෙන්. එහි නිදන කූඩාරම් සුවිසල්. එකක ඇඳන් දෙකක් තිබෙනවා. ඇ‍ඳේ හාන්සි වී පහළ ගලා යන දිය කඳුරේ ගීතය අසා සිටීම හරිම ප්‍රියජනකයි.

බෝඩර්ලන්ඩ්ස්ගේ වෙබ් අඩවිය ටිකක් යල‍්පැනගිහින්. එහි මිළ ගණන් පිළිබඳ විස්තර අඩංගු වන්නේ නැහැ. ඒ නිසා වෙන් කරගැනීමේ විස්තර සඳහා ඔබට දුරකථනයෙන් අමතන්න වෙනවා. කඳවුරේ භාරගන්නේ මුදල් පමණක් නිසා ඒවා රැගෙන එන්න. හැටන් නැෂනල් බැංකුවේ ස්වයංක්‍රීය මුදල් යන්ත්‍රයක් හෙවත් ATM එකක් වීදියේ ඉහළ තිබෙනවා. කිතුල්ගල කියන්නේ ලාංකිකයන්ට සතුට ලබාගන්න විනෝද සාගරයක්.

ඔත්තු: ලිස්සා යාම, පැනීම ඇතුළත් කැනියොනිං කරන්න.  යන්න කලින් Bridge on the River Kwai චිත්‍රපටය බලා යන්න. බග් ස්ප්‍රේ එකක ගෙන එන්න අමතක කරන්න එපා. කූඩැල්ලන් කෑවොත් පාවිච්චි කරන්න පෙට්‍රෝලියම් ජෙලි හා ප්ලාස්ටර් ගෙන එන්න.  –

Share on facebook
Share on twitter
Share on whatsapp

Highlights.

Latest.

KAMU.

Steak Bar: A Grand Sunday Brunch at Kingsbury, Colombo

Written by Shamrina C Welcome to the ultimate brunch experience! Nestled in the heart of

Highlights Kamu Yamu Guide

Dampa Seafood: Where seafood dreams come true!

Are you ready for a culinary journey that captures the essence of the ocean? Look

Highlights Kamu

An unforgettable brunch celebration at Harbour Court, The Kingsbury.

The Ambience From the hotel entrance to our designated seat, a vibrant atmosphere resonated with

Highlights Kamu

Sizzle and Indulge: Chef Azam’s Steak Extravaganza at London Grill, Cinnamon Grand

Picture this: an invitation from the ever-charming Kamal Munasinghe, the brains behind Cinnamon Grand Colombo

Highlights Kamu

Crispy Chicken Fiesta at Popeyes Sri Lanka

The Menu Ambience Upon entering, we encountered a cozy color scheme featuring tones of red,

Kamu

Unveiling Ramada’s Festive Christmas High Tea Extravaganza!

Written by Shamrina C Mark your calendars for the 22nd, 23rd, and 24th of December,

Kamu

Trending.

MLH Plant-Earth Market and Poya Vegan Buffet: A Vegan Oasis

Mount Lavinia Hotel (MLH), took a significant step towards promoting a plant-based lifestyle when it

Trending

Indulge in secluded romance and a tropical getaway

at Sun Siyam Pasikudah this Valentine’s Day With up to 50% discount on room upgrades

Highlights Trending

Slow Food at Mount Lavinia Hotel made a grand comeback with the leadership of Anura Dewapura

Mount Lavinia Hotel, hosted its first Slow Food event for the year on 2nd February

Trending

Flying Ravana Adventure Park Celebrates 5 Years of Unforgettable Adventures

Colombo, Sri Lanka - February 05, 2024 - Flying Ravana Adventure Park, the beacon of

Trending

Excel Colombo Convention Centre: The New Powerhouse for Events in the City

In a momentous announcement, Excel World proudly revealed the transformation of one of Colombo’s historic

Trending

Yamu Guide.

Steak Bar: A Grand Sunday Brunch at Kingsbury, Colombo

Written by Shamrina C Welcome to the ultimate brunch experience! Nestled in the heart of

Highlights Kamu Yamu Guide

9 Special Valentine’s Day Gift Ideas for Him

By Fathima Rukaiya Are you trying to find the perfect way to show your special

Highlights Yamu Guide

9 Special Valentine’s Day Gift Ideas for Her

Written by Fathima Rukaiya The season of love is upon us once more, and opinions

Highlights Yamu Guide

Romantic Dinner and High Tea date spots for Valentine’s Day  2024

Written by Shamrina C 1. Via Torino Indulge in a fine dining exclusive 3-Course meal

Highlights Yamu Guide

BYOB Bliss: 16 Places to you can Bring Your Own Bottle!

Written by Shamrina C 1. Giovannis Indulge in Italian flavors, grooving music, pet friendly, and

Highlights Yamu Guide

Unveiling Ramada’s Festive Christmas High Tea Extravaganza!

Written by Shamrina C Mark your calendars for the 22nd, 23rd, and 24th of December,

Highlights Yamu Guide