ඔන්න ඉතින් කොළඹ පොත් සල්පිල පටන් අරන්. සැප්තැම්බර් 26දා දක්වා එය පැවැත්වෙනවා. එතරම් ලොකු දෙයක් වගේ නොදැනුණාට එය ලොකු උත්සවයක්.
වාර්ෂික කොළඹ ජාත්‍යන්තර පොත් සල්පිල කොළඹ විශාලතම පාරිභෝගික හා මහජන පොළ. සාමාන්‍යයෙන් නව දිනක් තිස්සේ පැවැත්වෙන එය දසලක්ෂයක ප්‍රේක්ෂකයන් ආකර්ශනය කරන බව ඔවුන්ගේ වෙබ් අඩවියේ සඳහන් වෙනවා. බෞද්ධාලෝක මාවත අවට එපාකරවනසුළු, ඩීසල් පුච්චන මහා වාහන තබදය එහි ජනප්‍රියත්වයට සාක්කියක්.
කොළඹ සියලුම ප්‍රධාන ප්‍රකාශකයන් පාහේ මෙහි අලෙවිහල් පවත්වාගෙන යනවා. ඔවුන් සිය බැඳපු හා කඩදාසි කවර ඇති පොත්වලට 15-20% අතර වට්ටම් දෙනවා.
මෙහි රටේ සියලු මුද්‍රිත ලේඛන මිළදීගැනීමට තිබෙනවා. ඒ වගේම මෙය පොත් ප්‍රදර්ශනයකට වඩා එහා ගිය කොළඹ නගරයේ විනෝදාත්මක අවස්ථාවක් බවට පත්වී තිබෙනවා. රු. 10ක් වූ ටිකට්පත රැගෙන ඇතුළට ගියවිට ඔබට මිළ අඩු ආහාර වර්ග රැසකටත්, සුවිසල්, ප්‍රසන්න පොදු අවකාශයකටත් ප්‍රවේශය ලැබෙනවා. තරුණ තරුණියන්ට ආරක්ෂිත වටපිටාවක නිදහසේ හමුවන්නත් එතන හොඳ තැනක්. ඒ නිසා පුදුම වෙන්න දෙයක් නැහැ, ගාල්ලෙන්, මීගමුවෙන් පවා මෙතනට මිනිසුන් එනඑක ගැන.
මේ පොත් පොළේ ජනප්‍රියත්වය විසින් පෙන්නුම් කරන තවත් කාරණයක් වන්නේ පොදු අවකාශයන්ගේ හිඟකම සහ කොළඹත්, මුළු රටේමත් මිනිසුන්ට සහභාගි වියහැකි සිදුවීම්වල හිඟය. ඒත්, පොතුත් අතිශය ජනප්‍රියයි. නිතර අසන්නට ලැබෙන ලාංකිකයන් කියවන්නේ නැතිය කියන කාරණය පැහැදිලිවම බොරුවක්. පොත් ප්‍රදර්ශනයට එන දසලක්ෂයක ජනයා පැහැදිලිවම ඔප්පු කරනවා, මිනිසුන් කියවන බව හා කියවන්න ලොල් බව. ජනප්‍රිය පොත්හල්වල මුදල් ලාච්චු යන්ත්‍ර නොකඩවා වැඩකරනවා. මැලේසියාවෙන්, පකිස්තානයෙන්, ඉන්දියාවෙන් පවා පොත් වෙළෙන්දන්පැමිණ තිබෙන්නේ ලංකාවේ පොත්වලටඇති ආදරයෙන් ලාභ ලබන්න.
කියැවෙන බව පෙනෙන පොත් අතරින් වැඩිහරියක් සිංහල බොල් නවකතා හා එතරම් උසස් නොවන බටහිර කෘතිවල පරිවර්තන. ලෝකයේ දියුණු රටවල විද්‍යුත් පොත්, ඒවා කියවන්නන් හා අන්තර්ජාල පොත් අලෙවිහල් වැඩිවෙද්දී, ලංකාවේ හොඳින්ම මුද්‍රි ත පොත් පවා තිබෙන්නේ දුර්වල සෞඛ්‍ය තත්වයක. ඉංග්‍රීසි අංශය පිරික්සූ අපට අද කොළඹ පොත්හල්වල අලෙවියට තිබෙන තරමින් කුඩා සූ ඉංග්‍රීසි පොත් එකතුව දකින්න ලැබුණා. 50 Shades Of Grey? ඒත්, සම්භාව්‍ය නවකතා රැසක්, චරිතාපදාන, පෙළපොත් හා සූපශාස්ත්‍ර පොත් නම් විකුණන්න තිබුණා.
පොත් පොළේ තිබෙන්නේ නිදහස් වටගිටාවත්. පැරණි ඉංග්‍රීසි ගැමි වහරේ පූර්ණ අරුතින්ම පොළක ලක්ෂණ එහි තිබුණා. හුදු පොත් අලෙව් ස්ථානයක් පමණක් නොවී හමුවෙන්න, මුසුවෙන්න, නරඹන්න, කන්න-බොන්න වගේම එහි විකුණන්න ඇති භාණ්ඩ පිරික්සන්නත් තැනක් බවට එය පත්වෙලා. හරිම අව්‍යාජ සැඳෑ චාරිකාවක්. (හැබැයි හවසට ටිකක් තදබද වැඩියි.) බංඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ පුළුල් පිට්ටනි මේ ආකර්ශනයට අමතර එකතුකිරීමක්. දුන්නෙන් විදීමේ කෙළිබිමක් හා අපූරු ගොවිපලක්ද අපි එහිදී දුටුවා. CIC විසින් පවත්වාගෙන යනු ලබන එය ලෙමන් පඳුරුවලින්, දෙළුම් ගස්වලින්, වම්බටු පාත්තිවලින්, තක්කාලිවලින් පමණක් නොවෙයි එළදෙනුන් කීපදෙනෙකුගෙනුත් සම්පූර්ණයි.
ඔත්තුවක්: මවුන්ට් ලැවිනියා හෝටලයේ සෙයිගෝ (රු. 50යි) පානය තමයි, සතියක් පුරා අප කාපු බීපු දේ අතරින් බලාපොරොත්තු සුන් නොකළ පළමු දෙය.
සටහන: මේ පොළ ලංකාවට සන්සුන්, විවේකී, අව්‍යාජ හා සාමකාමී තැනක් ලෙස කළ හැකි දේ පිළිබඳ විස්මිත දැන්වීමක්. දෙමළ පොත්හල් හා පොත් තිබුණේ සාපේක්ෂව අඩුවෙන්. අපට යමක් මගහැරුණාද? ලංකාවේ 30%ක් ජනයා දෙමළ කතා කරන අය. කොළඹ බහුතරය දෙමළ කතා කරන ජනයා. ඒත් කඩවලින් 30%ක් දෙමළ වුණේ නැහැ. මේ අප සොයා බැලියයුතු කාරණයක්ද?