83 ජූලිය කළු වුණේ කොහොමද?; කළු ජූලියේ මුල, මැද සහ අග.

“83 කළු ජූලිය”

මේක ලංකාවේ අයට බොහොම හුරුපුරුදු වචන පෙළක්. හැම අවුරුද්දක ම ජූලි මාසය වෙද්දී මේ ගැන තියෙන කතාබහ වැඩිවෙනවා. සමහරවිට අපි මේක අහලා තියෙන්නේ අපේ දෙමාපියන්ගෙන්. අවුරුදු 30කට වඩා වයස කෙනෙක් නම්, මේක ඇසින් දැකලත් ඇති. හැබෑට ම කළු ජූලිය කියන්නේ මොකක්ද? මේක පටන්ගත්තේ කොහොමද? අපි අද කතා කරන්නේ ඒ ගැන.

මුල; ජූලිය කළු වෙන්න පටන්ගත්තේ කොහොමද?

Image Source : en.wikipedia.org (චාල්ස් ලූකස් ඇන්තනී හෙවත් සීලාන්)

කළු ජූලියේ කතාව පටන්ගන්නේ 1983 අවුරුද්දේ ජූලි 15වෙනිදායින්. චාල්ස් ලූකස් ඇන්තනී හෙවත් සීලාන්, එල්.ටී.ටී.ඊ සංවිධානයේ නායකයෙක් වුණු වේලුපිල්ලේ ප්‍රභාකරන්ගේ කිට්ටු මිත්‍රයෙක්. ඒ විතරක් නෙවෙයි, ඒ සංවිධානයේ ලොක්කෙක්. මෙන්න මේ කියන දවසේ ශ්‍රී ලංකා හමුදාව චාවකච්චේරි මීසාලේදී ඔවුන්ට ප්‍රහාරයක් එල්ල කළා. ඒ ප්‍රහාරයෙන් සීලාන් ඇතුළු ව  එල්.ටී.ටී.ඊ සංවිධානයේ පිරිසක් මිය ගිය එක ගැන ප්‍රභාකරන්  පසු වුණේ කේන්තියෙන්. යුද හමුදා භට කණ්‌ඩායමකට ප්‍රහාරයක් එල්ල කරන්න ඔහු තීරණය කළේ ඒ නිසයි.

ඊළඟ සිද්ධිය වුණේ ඊට දවස් අටකට පස්සේ. ඒ කියන්නේ ජූලි 23වෙනිදා රාත්‍රියේ. ගුරුනගර් කඳවුරින් පිටවුණු හමුදා හමුදා ජීප් රියක්‌ හා ට්‍රක්‌රථයක්‌ පලාලි ගමන් මාර්ගය දිගේ ගමන් ගනිමින් තිබුණා. දෙවැනි ලුතිනන් ඇතුළු සෙබළුන් තුන්දෙනෙක් මේවයේ ගමන් කළේ මාර්ග පරීක්ෂාවක යෙදෙන්නයි. තිරුනෙල්වේලි ගොවිපළ පහු කරගෙන ගියාට පස්සේ, විශ්ව විද්‍යාලය අසල හරියේ පාර පැවතුණේ හරි ම අබලන් තත්ත්වයක. ඒ නිසා වේගය අඩු කරමින් ගමන් කරන්න ඔවුන්ට සිද්ධ වුණා. මහා සද්දෙන් ආව පිපිරුමක් එක්ක, ඉස්සරහෙන් ගමන් ගත්ත ජීප් රථය උඩ විසිවුණේ ඒත් එක්කමයි. ඒ විතරක් නෙවෙයි, ජීප් එකයි, ට්‍රක් එකයි පැත්තට එක දිගට වෙඩි ප්‍රහාර හා පෙට්‌රල් බෝම්බ එල්ල වෙන්න පටන්ගත්තා. වාහනයෙන් බැහැපු සෙබළුන් ප්‍රතිප්‍රහාර එල්ල කරත්, ඔවුන්ගෙන් 11දෙනෙක් ම එතැන ම මිය ගියා. ඉතිරි වෙලා හිටියේ කෝප්‍රල් උපාලි පෙරේරා සහ ලාන්ස්‌ කෝප්‍රල් සුමතිපාල විතරයි. කෝප්‍රල් උපාලි පෙරේරාගේත් කකුලට වෙඩි වැදී තිබුණු අතර, පපුවට වෙඩි වැදිලා උන්නු ලාන්ස්‌ කෝප්‍රල් සුමතිපාල හිටියෙත් අසාධ්‍ය තත්ත්වයක.

තවදුරටත් කොටි ප්‍රහාරවලට තනිව මුහුණ දෙන එක අපහසු බව තේරුම් ගත්ත කෝප්‍රල් උපාලි පෙරේරා තුවාලවලින් අසාධ්‍ය වෙලා ඉඳපු ලාන්ස්‌ කෝප්‍රල් සුමතිපාල ව ඔසවාගෙන ඇවිදින් ඒ කිට්ටුව තිබුණු තාප්පයක් පිටුපස්සේ සැඟවුණා. මිය ගිහින් ඉඳපු හමුදා සෙබළුන්ගේ සිරුරුවලට තවත් සැරයක් වෙඩි තියපු කොටි ත්‍රස්‌තයන්, වාහනවල තිබුණු අවි ආයුධ,  පණිවුඩ හුවමාරු යන්ත්‍ර සේරම අරගෙන එතැනින් පලා ගියේ සීලාන් වෙනුවෙන් තමන්ගේ පලිය ගත් බව සිතමින්. මේ සටනේදී ප්‍රභාකරන්ගේ තවත් සමීප මිතුරෙක් වුණු සෙල්ලක්‌කිලි නමැති කොටි නායකයාත් මිය ගිහින් තිබුණා.

Image Source : jdslanka.org

සැතපුම් දෙකක් වගේ දුරක් අමාරුවෙන් ඇවිදගෙන ආව කෝප්‍රල් උපාලි කොණ්‌ඩාවිල් ලංගම බස්‌ ඩිපෝවට ළඟා වුණා. වෙච්ච සිදුවීම ඔහු යාපන පොලිසියට දැනුම් දුන්නේ ඩිපෝවේ දුරකතනයෙන්. මියගිය සෙබළුන් 13දෙනාගේ ම මල සිරුරු ගුවන් මඟින් පහුවෙනිදා ම කොළඹට එවනු ලැබුවා. මේ සිරුරු ඔවුන්ගේ පවුල්වලට භාරදීමක් කළේ නැහැ. රජයේ වියදමින් බොරැල්ල කනත්තේදී හමුදා ගෞරවාචාර පිරිනමා මිහිදන් කරන්න තීරණය වෙලා තිබුණා. ඒ පවුල්වල උදවිය 25වෙනිදා හවස් වරුවේ බොරැල්ල කනත්තට රැස් වුණේ ඒ නිසයි. මිනී වළවල් 13ක් හදලා තිබුණත්, රාත්‍රී 7 වෙද්දීත් මේ සිරුරු කනත්තට ගෙනැවිත් තිබුණේ නැහැ. අවමංගල්‍ය ශාලාවේ ඉඳන් සිරුරු සේරම යුධ හමුදා මූලස්ථානයට යවපු බව දැනගත් ජනතාව නොසන්සුන් වුණා.

මැද; කොළඹ ඇවිලුණු ජාතිවාදී ගින්න

Image Source : thuppahi.wordpress.com

මේ අතරේ තවත් පිරිසක් බොරැල්ලේ දෙමළ කඩවල්වලට පහරදෙන්නත්, ගිනි තියන්නත් පටන්ගත්ත බව දැනගන්න ලැබුණා. සමහරු ඡන්ද නාමලේඛනය අරගෙන ගිහින් ඒකෙ තියෙන ද්‍රවිඩ ජාතිකයන්ගේ ගෙවල් හොයහොයා ගිහින් ඔවුන්ට පහරදෙන්න පටන්ගත්තා. මේකෙන් පටන්ගත්ත ජාතිවාදී ගින්න කොළඹ හරියට විතරක් සීමා වුණේ නැහැ. පහුවෙනිදා උදේ වෙද්දී, නාරාහේන්පිට, නුගේගොඩ, කෝට්ටේ, වැල්ලවත්ත, ගල්කිස්ස, මොරටුව, ජා ඇළ, වත්තල වගේ ප්‍රදේශවල දමිළ ව්‍යාපාරිකයන් වාසය කරපු පැතිවල පවා කොල්ලකෑම්, මිනී මැරීම් සිද්ධ වුණා. දැවෙමින් තිබුණු දෙමළ මිනිස්සුන්ගේ මල සිරුරු කොළඹ පාරක් පාරක් ගානේ දැකගන්න ලැබුණා.

Image Source : jdslanka.org

25වෙනිදා උදේ වෙද්දී කොටුවේ හෙට්ටි වීදියේ කඩවල්, අම්බාල් කැෆේ ඇතුළු බ්‍රිස්ටල් ගොඩනැඟිල්ල, වික්ටෝරියා ගොඩනැඟිල්ල, රන්ජනාස් වෙළඳ සල, ඉන්දියානු කොමර්ෂල් බැංකුව, කෙළින් වීදියේ දෙමළ කඩ සාප්පු බොහොමයක් මේ ප්‍රහාරවලින් විනාශ වෙලා තිබුණා. මුළු කොළඹ නගරය ම කළු දුමාරයකින් වැහිලා ගියේ බස් ධාවනයත් අඩපණ කරමින්. මුළු ප්‍රදේශය ම පිරිලා තිබුණේ කඩවල් කොල්ලකමින්, ද්‍රවිඩ මිනිසුන්ට පහරදෙමින් ගිය මැරවරුන්ගෙන්. “සිංහල ජාතිය ආරක්ෂා කරමු”, “රජයට බැරිනම් අපිවත් මේ ප්‍රශ්න විසඳමු”; මේ වගේ වචන හැමතැනින් ම අහන්න ලැබුණා. මල්වත්ත පාරට හැරෙද්දී ම වගේ තියෙන කන්දයියාගේ ගිනිකෙළි වෙළඳ සැලේ දොරටු කඩා ඇතුළු වුණු ඔවුන්, ඔවුන්ගේ ඒ වීර ක්‍රියාව සමරුවේ කඩයෙන් කොල්ලකෑ රතිඤ්ඤා මහ පාරේ දල්වමින්. වාහනවල ගමන් ගත්ත දමිළ පුද්ගලයෙක් දුටු සැණින්, ඔවුන්ට පහර දුන්නා විතරක් නෙවෙයි, කණකරවල ඉඳන් සේරම සන්තකය කොල්ලකෑවා.

Image Source : jdslanka.org

මේ අතරේදී වැලිකඩ බන්ධනාගාරයේ වෙච්ච අවාසනාවන්ත සිද්ධියක් ගැනත් මතක් කරන්න ඕනේ. ත්‍රස්‌තවාදය වැළැක්‌වීමේ පනත යටතේ අත්අඩංගුවට අරගත්ත දෙමළ රැඳවියන් පිරිසක් මේ වෙද්දී වැලිකඩ බන්ධනාගාරයේ හිටියා. ජූලි 25වෙනිදා හවස් වරුවේ ඔවුන් ඉඳපු ශාලාවට කඩාගෙන වැදුණු සිංහල සිරකරුවන් පිරිසක් ඔවුන්ට පහර දුන්නේ පිහි, පොලු මුගුරුවලින්. මේකෙන් මේ දමිළ රැඳවියන් 51දෙනෙක් මියගියා. කොටි නායකයෙකු වුණු සෙල්වරාජා සෝමචන්ද්‍රන්, මේ අතරින් එක්කෙනෙක්.

Image Source : bbc.com

මේ වගේ සිදුවීම් කොළඹට විතරක් සීමා වුණේ නැහැ. ජූලි 27,28 වගේ දින වෙද්දී නුවරඑළිය, බදුල්ල, තලවකැලේ. නාවලපිටිය, ගම්පොළ, දඹුල්ල, පොළොන්නරුව, අනුරාධපුර වගේ පැතිවලත් ද්‍රවිඩ ජනතාව විවිධ ප්‍රහාරවලට ලක්වුණා.පසුකාලීන ව ඇස්තමේන්තු කරපු විදියට, නිරායුධ දමිළ වැසියන් 3000කට ආසන්න ගණනක් කළු ජූලියෙන් මිය ගිහින්. ඇතැම් පිරිස් ලංකාව අත ඇරලත් ගියා.

අග; බලධරයින් කළේ මොකක්ද?

Image Source : en.wikipedia.org

“එතකොට දහසක් මිනිස්සුන් අමුඅමුවේ පුළුස්සලා දාද්දී, උන්හිටි තැන් නැතිවෙද්දී, දේපළ අහිමිවෙද්දී රජය අනුගමනය කරපු ප්‍රතිපත්තිය මොකක්ද?”

මේක සෑහෙන්න කතාවට බඳුන් වෙච්ච කාරණයක්. මේ දවස්වල කොළඹ ඇතුළු ප්‍රදේශවල ආරක්ෂාවට ඉඳපු හමුදා සහ පොලිස් නිලධාරීන් තමන්ගේ රාජකාරිය හරිහැටි ඉෂ්ට කරන වගක් පේන්න තිබුණේ නැහැ. දෙමළ මිනිස්සුන්ට පහරදෙද්දී, කඩවල් ගිනි තියද්දී විතරක් නෙවෙයි, ගෙවල් කොල්ලකද්දීත් ඒවා දැක්කේ නෑ වගේ ඉන්න මේ අය ක්‍රියා කළා. සමහරු කිව්වේ ඒකට හේතුව මේ දේවල් කළ අය සේරම ආණ්ඩුවෙන් අනුග්‍රහය ලබපු මැරයන් නිසා බවත්, ඒ නිසා පොලිසියට මේ උදවිය ව අත්අඩංගුවට ගැනීමේ හැකියාවක් නොතිබුණු බවයි. ඇඳිරි නීතිය කඩකරලා කොල්ලකෑව පුද්ගලයන් ගැනවත් ඔවුන්ගේ සැලකිල්ලක් තිබුණේ නැහැ.

Image Source : tyouk.org

වැලිකඩ බන්ධනාගාරයේ සිද්ධියට සම්බන්ධයෙන් වුණෙත් මීට සමාන දෙයක්. සැකකරු සිරකරුවන් දාසයදෙනෙක්ගේ නම් බන්ධනාගාර නිලධාරින් එකතු කරගෙන, ඒවා ආණ්ඩුවේ අදාළ තැන්වලට භාර දුන්නත්, ඒ වෙනුවෙන් වැඩිදුර පරීක්ෂණයක්වත් මෙහෙයවුණේ නැහැ.   

කට්ටියක් කියන විදියට, මේ කාලය ඇතුළත ලංකාවේ ආණ්ඩුවක් තිබුණද කියලවත් පෙනුනේ නැහැ කියලයි. ජූලි 28වෙනිදා රූපවාහිනියෙන් ජනතාව අමතපු ජේ.ආර්.ජයවර්ධන ජනාධිපතිවරයා මේ අවාසනාවන්ත සිදුවීම් ගැන කණගාටුව ප්‍රකාශ කළත් ඒ සම්බන්ධයෙන් නීතිමය පියවරක් ගැනෙන බවක් දකින්න ලැබුණේ නැහැ. හැබැයි ඊට දවස් දෙකකට පස්සේ අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් වුණා. ඒකෙන් කියැවුණේ ශ්‍රී ලංකාවේ කොමියුනිස්‌ට්‌ පක්‌ෂය, ජනතා විමුක්‌ති පෙරමුණ සහ නව සමසමාජ පක්‍ෂය තහනම් කෙරෙන බවයි. මොකද මේක සාමාන්‍ය ජාතිවාදී අරගලයකටත් වඩා ගැඹුරු කුමන්ත්‍රණයක් බව රජයේ ඇතැම් ඇමතිවරු ප්‍රකාශ කර සිටියා. කොමියුනිස්‌ට්‌ පක්‍ෂයේ සහ ජනතා විමුක්‌ති පෙරමුණේ ක්‍රියාකාරීන් 30කට වඩා පිරිසක් අත්අඩංගුවට පත්වුණේ මේකේ ප්‍රතිඵලයක් විදියට. නව සමසමාජ පක්‍ෂයේ වික්‍රමබාහු කරුණාරත්න, වාසුදේව නානායක්‌කාර හා ලිනස්‌ ජයතිලක වගේ නායකයන් මෙයින් ගැලවීමේ බලාපොරොත්තුවෙන් පලා ගිහින් සැඟවුණා. සිරබාරයට පත්වෙච්ච කොමියුනිස්‌ට්‌ පක්‍ෂයේ ක්‍රියාකාරීන්ට නිදහස ලැබුණේ ඊට දවස් 56කට පස්සේ.

Image Source : tyouk.org

ලංකාවේ වුණු මේ සිදුවීම් පෙළ හමුවේ ඉන්දියාව දක්වපු ප්‍රතිචාරය ගැනත් මෙතැනදී කිව යුතුමයි. දෙමළ ජනතාවට ජාතිවාදී කැරලිවලින් හානි වුණු පළමුවෙනි අවස්ථාව වෙන්නේ 1983 කළු ජූලිය නෙවෙයි. ඊට කලින් 1956, 1958 සහ 1977 අවුරුදුවලත් මේ වගේ ගැටළු ඇතිවුණා. හැබැයි, ඒ එක අවස්ථාවකදීවත් ඉන්දියාවෙන් විරෝධයක් පැන නැඟුණේ නැහැ. සුළුවට හරි ප්‍රශ්නයක් නැඟුවේ තමිල්නාඩුව පමණයි. ඒත් කළු ජූලියේ වෙද්දී නවදිල්ලියේ, කල්කටාවේ, බරණැස, බොම්බාය හා නාග්පූර් වගේ නගරවලත් පෙළපාලි පැවැත්වුණා. ඒ වෙද්දී ඉන්දියාවේ උන්නු ප්‍රවීණ මාධ්‍යවේදී ඇස්‌. පියසේන මහත්මයා දුන් තොරතුරුවලට අනූව, මේවයේ දෙමළ ජනතාවටත් වඩා ඉඳලා තියෙන්නේ වෙනත් ජන කොටස්. ඒ වගේ ම, පාලක කොන්ග්‍රස්‌ පක්‌ෂයටත් වඩා මේවා මෙහෙයවලා තියෙන්නේ බී.ඡේ.පී. කොමියුනිස්‌ට්‌ හා සමාජවාදී පක්ෂවල ක්‍රියාකාරීන්.

ඒ විතරක් නෙවෙයි, රෝ ඔත්තු සංවිධානය මූලිකත්වය අරගත් සටන් පුහුණුවක්‌ තමිල්නාඩුවේදී ආරම්භ වුණා. මේකේ අරමුණ වුණේ ලංකාවේ දෙමළ සටන්කාමී සංවිධානවල සාමාජිකයින්ට පුහුණුව ලබා දීමයි. මේ වගේ පුහුණු කඳවුරු 110ක් ඉන්දියාව සතු වුණු බවයි ආරංචිය.

Image Source : tamilnation.co

මේකෙන් හොඳින් ම පැහැදිලි වෙන කාරණය තමයි, ලංකාවේ කාරණාවලට ඉන්දියාවේ මැදිහත් වීම තදින් ම ඇරඹුණේ කළු ජූලියෙන් පස්සෙයි කියන එක. එල්.ටී.ටී.ඊ සංවිධානයට තිබුණු අවධානය වැඩිවෙන්නත් මේක හේතුවක් වුණා. එයින් ශක්තිය ලබාගත්ත එල්.ටී.ටී.ඊ සංවිධානය කලින් තිබුණාටත් වඩා තමන්ගේ ව්‍යාප්තිය වැඩි කරගත්තා. ලංකාවේ සිවිල් යුද්ධය අවුරුදු 30ක් තිස්සේ ඇදෙන්නත්, මේකෙන් යම් බලපෑමක් වුණු බවට බොහෝදෙනා විශ්වාස කරනවා.  

කවරයේ පින්තූරය : 30yearsago.asia
Share on facebook
Share on twitter
Share on whatsapp

Highlights.

Latest.

KAMU.

International Hummus Festival 2023 at Hilton Colombo

By Hashini Pathirana Ramadan Kareem! Festivities have just begun for the Muslim/Islam community in welcoming

Highlights Kamu

7 places to have Pasta- 2023

By Shamrina Carim Our taste buds crave for that perfect chef-kiss Italian cuisine once in

Highlights Kamu Yamu Guide

The Grand Iftar Spread by Ramada Colombo

By RR During this blessed month of Ramadan, Muslims around the globe come together to

Kamu Trending

Ifthar 2023 – Reinvented by Street Burger

By Shamrina Carim During this holy month of Ramadan, once again Street Burger has not

Highlights Kamu

Arabia’s Oasis of Flavours – Cinnamon Red

Cinnamon Red Colombo’s top tier fine dining Flavored restaurant has introduced an incredible range of

Highlights Kamu

The weekend Lunch Buffet at Movenpick

Movenpick boasts of its location in the heart of Colombo, its 219 spacious, luxury hotel

Highlights Kamu

Trending.

Sri Lankan Muslim Community invites all to join them for Iftar

Sri Lankan Muslim Community invites all to join them for Iftar Once held but differed

Trending

John Wick Brings the Action the Red Carpet Premiere at Scope Cinemas.

Scope Cinemas, Liberty Cinemas Limited, and Lionsgate proudly present the exclusive premiere of John Wick:

Trending

Thambili Culture Boutique – A homegrown boutique in the heart of Colombo

What’s in store? The Thambili Culture Boutique is a locally inspired clothing store that started

Highlights Trending

International Hummus Festival at Hilton Colombo

Get Ready to Dip, Savor and Celebrate: International Hummus Festival Returns Bigger and Better Than

Trending

The Grand Iftar Spread by Ramada Colombo

By RR During this blessed month of Ramadan, Muslims around the globe come together to

Kamu Trending

5 Spots to experience an Iftar Buffet – 2023

The holy month of Ramadan is approaching in a few days. It’s that festive time

Highlights Trending

Yamu Guide.

7 places to have Pasta- 2023

By Shamrina Carim Our taste buds crave for that perfect chef-kiss Italian cuisine once in

Highlights Kamu Yamu Guide

6 Trusted Pet Food Brands you should know

For awhile, Petmart has established itself as the premier pet shop in Sri Lanka. It

Highlights Yamu Guide

6 Pet Essentials from Pet Mart

Coming home to a devoted friend is the best feeling in the world. A pet's

Highlights Yamu Guide

9 Places to eat Rice & Curry

By RR Yes, pizzas and burgers are amazing but truly nothing can beat a good

Highlights Yamu Guide

Celebrate Valentine’s Day with Quickee this year!

It's easy to get caught up in the everyday hustle and bustle of life, where

Highlights Yamu Guide

7 Places to Hike in 2023

Have you ever thought of arranging a travel bucket list to climb a mountain this

Highlights Yamu Guide