ඇඳිරි නීති නිවාඩු කාලෙන් අපිට අත් වෙන වාසි 7ක්!.

කොරෝනා වසංගත ව්‍යාප්තියෙන් අපිට අහිමි වුණ දේවල් බොහොමයි. සමස්තයක් විදිහට අපේ සුපුරුදු ජීවන රටාව සම්පූර්ණයෙන් ම කොරෝනා නිසා ලබා දුන්න නිවාඩු කාලෙ දි අපිට අහිමි වුණා. හැබැයි, අහිමි වුණ හුඟක් දේවල් වගේ ම, මේ නිවාඩු කාලෙ නිසා අපිට අත් වෙන යහපත් දේවලුත් තියනවා. ඉතින් සෘණාත්මක පැත්ත දිහා නොබලා, අපි ධනාත්මකව හිතමු. කළු වලාවක වුණත් රිදී ඉරක් තියනව ලු නේ. මේ තියෙන්නෙ ඇඳිරි නීති නිවාඩු කාලෙන් අපිට අත් වෙන වාසි 7ක්!

ආරක්ෂාව

අපි හැමෝම ගෙවල්වලට වෙලා ස්වයං නිරෝධායනයට ලක් වෙමින් ඉන්න ලොකු ම හේතුව තමයි හැමෝගෙම සෞඛ්‍යාරක්ෂාව. ගෙදරට වෙලා ඉන්න එකෙන් කොරෝනා වෛරසයට නිරාවරණය නොවී ඉන්න වගේ ම, හොඳ සෞඛ්‍ය පුරුදු අනුගමනය කරන්නත් අපිට පුළුවන් වෙනවා. වෛරසය පැතිරීම පාලනයට ඒ දෙක ම අත්‍යවශ්‍යයි.

සල්ලි ඉතුරුයි

එළියට යෑමක් නැති මේ දවස්වල අතේ තියන සල්ලි ටික නං ඉතුරු වෙන බව අමුතුවෙන් කියන්න දෙයක් නෑනේ. එළියෙන් කෑම, විනෝද ගමන් වගේ අවස්ථා නැති නිසා, ගෙදරට අවශ්‍ය බඩු, බෙහෙත් වගේ දේවල්වලට ඇරෙන්න වෙන දේවල්වලට වියදමක් නෑ.

පවුලේ අය එක්ක ගෙවන කාලය

වැඩට යන දවසට ආශ්‍රය කරන්න වෙලාවක් නොලැබෙන පවුලේ උදවිය ඔන්න මේ ගෙදර ඉන්න දවස්වල හොඳට ආශ්‍රය කරන්න ලැබෙනවා ඇති. සුපුරුදු දින චර්යාවෙන් මිදුණ මේ ටිකේ, ඒ අය වෙනුවෙන් කාලය වෙන් කරන්න හොඳට ම අවස්ථාව තියනවා. නිකං කතා කර කර ඉන්න එක ඇරුණම, කට්ටිය එක්ක එකතු වෙලා කරන්න පුළුවන් ක්‍රියාකාරකමක යෙදෙන්නත් අමතක කරන්න එපා.

ඔබත් එක්ක ම ගෙවන කාලය

පවුලේ අය එක්ක කාලය ගෙවනවා වගේ ම, ඔබට ඔබ එක්ක ම ඉන්නත් වෙලාව වෙන් කරගන්න මේ දිනවල පුළුවන්. ඔෆිස් යන දවස්වල කරන්න ඕනෑකම තිබුණ, ඒත් වෙලාවක් නොතිබුණ දේවල් මතක් කරලා, ඒවා එකින් එක කරන්න පටන්ගන්න. කාමරේ අස් කරන එක, කැඩුණු බිඳුණු දෙයක් හදන එක, අලුත් විනෝදාංශයක් පටන්ගන්න එක වගේ ඕන ම දෙයක්.

ඒ වගේමයි අලුත් භාෂාවක් කතා කරන්න, සංගීත භාණ්ඩයක් වාදනය කරන්න වගේ අලුතෙන් මොනාහරි ඉගෙනගන්න කැමති අයට ඕන තරම් ඔන්ලයින් කෝසස්, ඔන්ලයින් ගෘප්‍ස්‌ එහෙම අන්තර්ජාලයේ තියනවා. ඒවයින් ප්‍රයෝජන ගන්නත් පුළුවන්. ඒ විතරකුත් නෙමෙයි. ඊළඟ ලයිෆ් ගෝල් එක, ට්‍රිප් එක, බිස්නස් එක එහෙම ප්ලෑන් කරන්නත් මේ කාලෙ පාවිච්චි කරන්න.

රාජකාරි ආතතියෙන් තොරයි

හැම රස්සාවක ම වගකීම් කියල කොටසක් තියන නිසා මානසික ආතතිය කියන්නෙ කාර්යාලවල වැඩ කරන අය අතරෙ සුලබ දෙයක්. සමහර වෙලාවට අපි ස්ට්‍රෙස් වෙන්නෙ අපි එක්ක ම වැඩ කරන්න අනෙක් අය නිසා. ඉතින් ගෙදර ඉඳන් රාජකාරි කරන මේ දවස්වල ඒ ආතතියෙන් තොරව සුවපහසුවෙන් වැඩ කරන්න අපි හැමෝට ම ඉඩ ලැබෙනවා.

ගෙදර කෑම

ගෙදර හදන කෑම කියන්නෙ අපි කවුරු කවුරුත් ආස කරන දෙයක්. ආදරෙත් එක්ක හදන නිසා ගෙදර හදන කෑමවල රස වැඩියි ලු නේ. ඒ විතරක් ද, වසවිසෙනුත් තොරයි. රස ගුණ වගේ ම, කෑම උයනකොට, කනකොට එහෙම ගෙදර කට්ටිය ම එකතු වෙන්නත් පුළුවන් නිසා, ගෙදර හදන කෑම කියන්නෙ ටිකක් විශේෂ දෙයක්. ඒ නිසා ගෙදර කෑමවල රස විඳින්න ලැබෙන එකත් ඇඳිරි නීති නිවාඩුවේ හම්බුණ හොඳ චාන්ස් එකක්.

කඩ කෑම ඕන නං..

හදිස්සියේවත් කඩේකින් කන්න හිතුණොත්, දැන් ඔබේ ළඟට ම කෑම ගෙනත් දෙන්න ලෑස්ති රෙස්ටොරන්ට් තොගයක් ම කොළඹ අවට තියනවා. හැබැයි ඉතින් එළියෙන් කෑම ගෙන්නගෙන කන්න කලින්, මෙන්න මේ යහපත් සෞඛ්‍ය පුරුදු ටිකත් අනුගමනය කරන්න අමතක කරන්න එපා.

Share on facebook
Share on twitter
Share on whatsapp

Highlights.

Latest.

KAMU.

Full’R Burgers is Flipping into Maharagama

by Vimasha Vishvadari If you're on the lookout for the ideal burger spot in the

Kamu

Yi Jing Unveiled: Sri Lanka’s Top Chinese Dining at ITC Ratnadipa Blends Tradition with Modern Flair

By Poornima Bandara Yi Jing Unveiled: Sri Lanka’s Premier Chinese Dining Experience at ITC Ratnadipa

Highlights Kamu

Seafood Watti Rice: A Flavorful Feast from Fathi’s Spice Attic

Watti Rice is a delightful Sri Lankan dish that combines various meats, such as seafood

Highlights Kamu

Shahi Mughal Dastarkhwan — An aromatic journey to the Mughal Era 

By Shamrina Carim From the Royal Kitchens of the Mughal Empire Chef Asif Qureshi, a

Highlights Kamu

Full’R Burgers Crowns Champion in Epic Gojira vs. Kong Burger Challenge

https://www.tiktok.com/@yamusrilanka/video/7371362033113107728 One of Sri Lanka's favorite burger joint, Full'R Burgers, recently concluded its highly anticipated

Kamu

Indulge in the North Indian themed ‘Delhi Bound’ at Harbour Court, The Kingsbury.

Ambience This restaurant offers a sophisticated yet warm ambience, with soft lighting. The bright colored

Highlights Kamu

Trending.

Paneer & Wine Pairing Sit Down Dinner

Elevating your dining experience at Alhambra Serving 50 years of exquisite North Indian Moghul Cuisine,

Trending

Yaki Maki & Bento at Tenku, Colombo’s Premier Japanese Restaurant

Embark on a celebration of Japanese culinary tradition at Tenku, renowned for its meticulous craftsmanship

Trending

DINIDU: Revolutionising Luxury Jewellery with a New Digital Experience 

DINIDU stands at the forefront of the luxury jewellery space, captivating audiences worldwide through dynamic

Highlights Trending

Stand-Up Music: A Fresh Entertainment Experience Coming to The Traveling Bruncher

In a city renowned for its vibrant arts and culture scene, a new show is

Trending

MAC Cosmetics Debuts Flagship Store In Sri Lanka With Exclusive Lines

MAC lovers rejoice as Exclusive Lines proudly announces the arrival of the world's leading professional

Trending

Yamu Guide.

10 Places To Celebrate Father’s Day 2024

By Fathima Rukaiya, Father’s Day is a special occasion dedicated to honoring fathers and celebrating

Highlights Yamu Guide

Top 10 Places to Work or Study in Colombo in 2024

By Fathima Rukaiya Hey there! Feeling the walls closing in at home while you work

Highlights Yamu Guide

Celebrate Mother’s Day with Shirohana

by Fathima Rukaiya, Mother's Day, a special occasion to honor mothers and motherhood, is celebrated

Highlights Yamu Guide

Steak Bar: A Grand Sunday Brunch at Kingsbury, Colombo

Written by Shamrina C Welcome to the ultimate brunch experience! Nestled in the heart of

Highlights Kamu Yamu Guide

9 Special Valentine’s Day Gift Ideas for Him

By Fathima Rukaiya Are you trying to find the perfect way to show your special

Highlights Yamu Guide

9 Special Valentine’s Day Gift Ideas for Her

Written by Fathima Rukaiya The season of love is upon us once more, and opinions

Highlights Yamu Guide