කවදාවත් අහිමි වෙයි කියල නොහිතපු, කොරෝනා නිසා අපිට මිස් වෙන දේවල් 7ක්!.

සති තුනක විතර කාලයක් ගෙදරට ම වෙලා ඉඳල කට්ටියට දැන් හොඳ ගණං කියල අපි දන්නවා. මේ කාලේ අපි හිතන පතන විදිහ වෙනස් වෙන්න සෑහෙන බලපෑමක් කරන කාලයක්. නැතුව බෑ කියල හිතපු දේවල් නැතුව පුළුවන් කියල ඔප්පු වෙන, වැඩිය ගණන් නොගෙන හිටපු සමහර දේවල් අත්‍යවශ්‍යයි කියල තේරුම් යන කාලයක්. ඒ වගේ තමයි මේ පහළින් කියන්න යන දේවලුත්. මේවා අපේ Guilty Pleasures, නැත්නම් අපි අපිට ම බැන බැන, ඒත් දිගට ම කරගෙන යන දේවල්. මේ වගේ දේවල් නැති වුණ දවසක අපිට පාළු දැනෙයි කියල අපි කවදාවත් හිතන් හිටියෙ නෑ. ඒත් දැන් මොකද වෙලා තියෙන්නෙ කියල කියවල ම බලන්නකො!

ඔෆිස් එක

හැමදාම උදේ පාන්දර නැගිටින්න, රෑ වෙලා ගෙදර එන්න සිද්ධ වෙන, ජීවිතේට කිසි ම විවේකයක් නොදුන්න ඔෆිස් එකට අපි කොච්චර නං බැන්නද? ඒකෙන් මිදෙන්න කොච්චර නං ආසා කළා ද? එක දිගට සති කීපයක නිවාඩු හම්බෙනවා නං කොච්චර හොඳ ද කියල හිත හිත හිටිය ද?

දැන් ඔන්න එක පාර ගන්න පුළුවන් ඇනුවල් ලීව් ප්‍රමාණයටත් වඩා දිග නිවාඩුවක් ඇවිත්. හැබැයි දැන් මොකද වෙලා තියෙන්නෙ? ඔෆිස් ජීවිතේට බැන බැන හිටිය මිසක් කවදාවත් හිතුවෙ නෑ නේද ගෙදර ඉඳල ඉඳල එපා වෙලා ඔෆිස් එක මිස් වෙන දවසක් උදා වෙයි කියල? ලැජ්ජාවට ප්‍රසිද්ධියේ නොකිව්වට මොකද, මේ දවස්වල ගෙවල්වල හිර වෙලා ඉඳල කට්ටිය ඇඟිලි ගැණ ගැණ ඉන්නෙ ආයෙ ඔෆිස් යන දවස එනකං. බොරු ද මං අහන්නෙ?

කඩ කෑම

කොහේ හරි දුවන ගමන් පොඩි බඩගින්නට කඩේකට ගොඩ වෙලා, කොත්තුවක් වගේ මොනා හරි ගිල දාන ගිල්ටි ප්ලෙෂර් එකත් ඔන්න අපිට කොරෝනා නිසා අහිමි වෙලා. අනික් හැම දේට ම වඩා මේක තමයි කට්ටියට මිස් වෙනව ඇත්තෙ. හැබැයි ඉතින් ඔයා ඉන්නෙ කොළඹ අවට නං දැන් මේකට උත්තරයක් තියනවා. ඇඳිරි නීතිය අතරෙ ම ගෙදරට ම කෑම ඩිලිවර් කරන මේ රෙස්ටොරන්ට් ලිස්ට් එකට ගිහින් බලන්නකො. කැමති දෙයක් ළඟට ම ගෙන්නගන්න පුළුවන්.

සැලෝන්

ෆේස්බුක් එකෙන් පේන විදිහට නං අපේ පිරිමි පාර්ශ්වය මේ දවස්වල හරි හරියට තට්ටෙ ගානවා! හැබැයි ඉතිං කාන්තා පාර්ශ්වයට නං ඒ වැඩේ කරන්න බෑනේ. ඒ වගේ ම කාන්තාවො සැලෝන් එකට ගිහින් කරන්නෙ කොණ්ඩ කපන එක විතරකුත් නෙමෙයි නේ. ඒ හින්ද රූපලාවන්‍ය කටයුතුවලට උනන්දු උදවියට තමතමන්ගේ සැලෝන් සෙෂන් එක නං සෑහෙන මිස් වෙනවා ඇති. ඒ අය මේ ඇඳිරි නීතිය ඉවර වෙලා සියල්ල යථා තත්ත්වෙට පත් වෙන දවසට මුලින් ම කරන්නෙ සැලෝන් එකට අපොයින්ට්මන්ට් දාන එක! බලන් ඉන්නකො බොරු ද කියල.

ෂොපිං

කාන්තාවන්ට විශේෂයෙන් මිස් වෙන තවත් දෙයක් ෂොපිං! මොකද ඉතිං අපි ෂොපිං යන්නෙ ඇඳුමක් ගන්න ඕනකමට ම නෙමෙයි නෙ. මූඩ් එක අවුල් වුණ වෙලාවට මූඩ් එක හදාගන්න, දවස ම වැඩ කරලා හෙම්බත් වුණාම හවසට රවුමක් දාල හිත සැහැල්ලු කරගන්න එහෙමත් ෂොපිං සෑහෙන උදව් වෙනවා. මේ උදා වෙලා තියන තත්ත්වය එක්ක ෂොපිං කියන්නෙ හීනයක් තමයි. අලුතෙන් දෙයක් ගත්තත් නැතත්, නිකමට ෂොපිං රවුමක් යන එකෙන් අත් වෙන සතුට මොකක් ම හරි දෙයක් නිසා අහිමි වෙලා යයි කියල අපි ජීවිතේට හිතුව ද!

පාටි

මේ දවස්වල ඔෆිස් පාටි, නෑදෑ පාටි, යාළු පාටි තියා වාන් පාටියක් ලැබෙන්නෙත් කලාතුරකින්. ඉතින් සිකුරාද හවසට/ සතිඅන්තෙ එහෙම කට්ටිය සෙට් වෙලා පාටි දාන්න, නයිට් අවුට් යන්න පුරුදු වෙලා හිටපු අයට හරි ම පාළුවක් දැනෙනව ඇති. කරන්න දෙයක් නෑ ඉතින්! මේ තත්ත්වය හොඳ අතට හැරිලා, ආයෙත් සුපුරුදු විනෝදෙන් ඉන්න ලැබෙයි කියල අපි හැමෝම හිතමු.

ට්‍රිප්ස්

මේ දවස්වල එන ලෝන්ග් වීක්එන්ඩ්වල එහෙම ට්‍රිප් යන්න දාගෙන හිටපු අයත් මේ වෙද්දි සෑහෙන විස්සෝපෙන් ඇත්තෙ. ඒත් ඉතින් කියන්න කනගාටුයි, ආයෙත් ට්‍රිප් යන්න පුළුවන් දවසක් නං පේන තෙක් මානෙක නෑ. හැම දේට ම වඩා හැමෝගෙම ආරක්ෂාව වැදගත් වගේ ම පරම ලාභය නිරෝගීකම නෙ. ඉතින් අපි ඉවසීමෙන් මේ ප්‍රශ්නෙ මුලින් විසඳගෙන, ඊට පස්සෙ මඟ ඇරුණ විනෝද ගමන් ටික යමු!

බොරු බිසී!

බොරුවට බිසී කියල අඟවල සමහර දේවල් මඟ අරින්න තිබ්බ චාන්ස් එක මේ දවස්වල නැති එක නං සෑහෙන පාඩුවක්. මොකද කිව්වොත් අකැමැති කෙනෙක්ට කතා කරන්න සිද්ධ වුණාම හරි, අපි කැමති නැති වැඩකට වෙහෙසෙන්න වුණාම හරි, කම්මැලි හිතුණාම හරි, ‘අනේ මේ දවස්වල නං හෙන බිසී’ කියල ඒ වැඩේ මඟ අරින්න අපි පුරුදු වෙලා හිටිය නේ? දැන් ඉතිං ඒකට අවස්ථාව නෑ. මේ දවස්වල කවුරුත් බිසී නෑනේ! ඉතිං එන හැම කෝල් එකකට ම මැසේජ් එකකට ම උත්තර දෙන්න වෙනවා. උත්තර නුදුන්නොත් හිතාමතා මඟ ඇරිය බව මාට්ටු!

Share on facebook
Share on twitter
Share on whatsapp

Highlights.

Latest.

KAMU.

The Art of Fusion Cuisine at Mövenpick Hotel

By Vera Wadugodapitiya We walked into Robata Grill, Mövenpick. Instantly, what struck me about the

Highlights Kamu

A Taste of Mexico – Cinnamon Red’s Latest International Cuisine

By Shamrina Carim Every month, Cinnamon Red has come up with an exciting initiative to

Highlights Kamu

A Classical High Tea Encounter with the Coronation at Mount Lavinia Hotel

By Shamrina Carim Mount Lavinia Hotel hosted a casual evening of classic high tea encounters

Highlights Kamu

The Bento Box at Royal Thai, Cinnamon Lakeside

By Hiruni Herath When you step into the Royal Thai Restaurant at Cinnamon Lakeside, you’ll

Highlights Kamu

Totally Hooked – The Ultimate Seafood Destination

It is not a surprise that “Totally Hooked CMB", the talk of the seafood town,

Highlights Kamu

International Hummus Festival 2023 at Hilton Colombo

By Hashini Pathirana Ramadan Kareem! Festivities have just begun for the Muslim/Islam community in welcoming

Highlights Kamu

Trending.

Hilton Sri Lanka Unveils ‘Enchanting Beginnings’ Wedding Sale

Swoon over exclusive wedding packages in stunning venues for a lifetime of memories Colombo, Sri

Trending

Ramada Colombo’s Exclusive Limited Time Wedding Discount

Book before June 15th and enjoy 25% off Planning the perfect wedding can be an

Trending

The 30th Gratiaen Prize shortlist was announced with the launch of the Gratiaen Trust Young Writers Club

The Gratiaen Trust in association with the John Keells Foundation partnering with the Trust for

Trending

Hilton Sri Lanka is set to commemorate Mother’s Day in grand fashion

Continuing our long-standing tradition of celebrating extraordinary mothers, Hilton properties across Sri Lanka have gone

Trending

Celebrate the Most Precious Woman in Your Life at Cinnamon Hotels & Resorts Colombo

Celebrate the Most Precious Woman in Your Life at Cinnamon Hotels & Resorts Colombo Colombo,

Trending

7 Degrees Restaurants offers a unique dining experience in Colombo

Sri Lanka’s first and only immersive dining experience 7 Degrees Restaurants, a new and exciting

Trending

Yamu Guide.

7 Decent BnB spots for under LKR 7500 – Sri Lanka

We all like spending mini vacations at affordable spots to relax or stay on the

Highlights Yamu Guide

7 Places to Dine Under LKR1500 LKR per person

By Udaraa Gamage Are you a foodie looking for budget places to satisfy your taste

Highlights Yamu Guide

The Aesthetics of Club Palm Bay

Club Palm Bay is a hotel located in the heart of a charming fishing village

Yamu Guide

High Tea Affairs at L.A.B by Hilton Colombo

By Hashini Pathirana A little chit chat with your besties, while sipping onto an Iced

Yamu Guide

The Art of Gifting with Shirohana

By Rahma Rifkhar From the picturesque green hills of Nuwara Eliya, nurtured by experienced hands

Highlights Yamu Guide

7 places to have Pasta- 2023

By Shamrina Carim Our taste buds crave for that perfect chef-kiss Italian cuisine once in

Kamu Yamu Guide