නිතර දෙවේලෙ කැවෙන කෑම ටිකක්..
හිතේ හැටියට අතේ තියෙන ගාණට කන්න තැන් ටිකක්..
බලන්න යාළු, ඔන්න පහලින් තියෙනවා!
පීසා
1. Belmio Pizza![](//d3dz4rogqkqh6r.cloudfront.net/uploads/files/2021/03/yimg_nXfi5z-640x366.jpg)
තලවතුගොඩින් පිටකෝට්ටෙ පාරෙ පොඩ්ඩක් ඉස්සරහට යද්දි.. පොඩි ප්ලේස් එක. හැබැයි ඉස්සරහ තියෙන ලොකු රැවුල් මූණ නිසා හොයාගන්න අමාරුවෙන්නෙ නෑ. මෙයාලගෙ තනිකරම තියෙන්නෙ වුඩ් ෆ්‍රයිඩ් පීසා. ඒකත් ඔයාලා ඉස්සරහමයි හැදෙන්නෙ. ඔරිජිනල්ම ඉටෑලියන් රහට පෙපරෝනි, සොසේජස්, හැම්, බේකන්.. චිකන්, පෝර්ක්, සීෆුඩ්, වෙජි රසවලින්.. මොසරැල්ලා, රිකොට්ටා, පාර්මෙසාන්, බ්ලු වගේ චීසුත් කැමති හැටියට දාගෙන.. රු. 1500-2000 අතරෙ ටොප් පීසා එකක් බඩ පැලෙන්න කන්න!
කොත්තු
2. Space Lounge![](//d3dz4rogqkqh6r.cloudfront.net/uploads/files/2021/03/yimg_VDsNqG-640x480.jpg)
කොට්ටාව හංදියට පොඩ්ඩක් කලින්.. රූෆ් ටොප් එකේ තියෙන්නෙ. ෆුල් නිදහස් වගේම හැපනින්ග් ප්ලේස් එක. පූල් ටේබල් එකක් එහෙමත් දාලා.. අනික එළියෙන් අරගෙන ගිහින් බියර් එකක් ගහන්න වුනත් අවුලක් නෑ. ඒ නිසාමයි එයාලා.. එයාලගෙ පංකාදු පෝර්ක් කොත්තුව බයිට් එකට කියාපුම විදියට හදන්නෙත්. මස් කෑලි හොඳහැටි තියෙන්න පොඩි පොඩි පෝර්ක් කෑලි ගැඹුරු තෙලේ බැදලා, චිලිපේස්ට්, සෝස් අඩුම කුඩුම එක්ක කැරට්, ලීක්ස්, බිත්තර සියල්ලමත් මදි නොකියන්න දාලා.. ඊටත් රු. 400ට, ඒකෙ සයිස් එක!
3. Sulthan Palace![](//d3dz4rogqkqh6r.cloudfront.net/uploads/files/2021/03/yimg_datpFn-640x480.jpg)
ටවුන්හෝල් සුල්තාන් පැලස් එක දන්නෙ නැති කෙනෙක් නම් ඉන්න විදියක් නෑ. හැබැයි එයාලගෙ තියෙන තරු පන්තියෙ මට්න් කොත්තුව නම් දන්නෙ නැති කෙනෙක් ඉන්න පුලුවන්. රු. 600යි. මට්න් කෑලි කන කන කටක් ගානෙ කිව්වොත් හරියටම හරි. අනික කොත්තුවත් දෙන්නෙක්ට හොඳ හැටි කන්න පුලුවන් ගානයි. අඩු නැතිව එළවළු මදිපාඩුත් දාලා.. මසාලා මික්ස් ටිකක් එක්ක, චිලි පේස්ට්, මට්න් හොදි.. ආයෙ, හිතාගන්න පුලුවන්නෙ උණු උණුවට කැපිලා මේසෙට එද්දි.
ෆ්‍රයිඩ් රයිස්
4. Monarch Kitchen![](//d3dz4rogqkqh6r.cloudfront.net/uploads/files/2021/03/yimg_m9FPTP-640x480.jpg)
මේ අනික් තැන! රු. 500 ඉඳන් උඩට තියෙන්නෙ රයිස් ටික. හැබැයි වගකීමෙන්.. 3දෙනෙක්ට නම් ඉස්මුරුත්තාව එන ගාණටම. එකම දේ තමයි මෙයාලා ලඟ බීෆුත් තියෙනවා. ඊටත්.. එහෙම සියළු මස් මාළු දාලා හදන මෙයාලගෙ ස්පෙෂල් රයිස් එක එපැයි බලන්න. හප්පා.. ඒකෙ නැති දෙයක් නෑ වගේම රසත්, නොම්මර එකයි ඈ.. අනික සැර පදම, මස් වර්ගත් අපිට ඔ්න විදියට කියලා දාගන්න පුලුවන්නෙ.
තෝසෙ
5. Piyoran![](//d3dz4rogqkqh6r.cloudfront.net/uploads/files/2021/03/yimg_1UvMtM-640x376.jpg)
කටට රහට වගේම ඇඟට ගුණට.. කුරක්කන් තෝසෙ කන්න හිතේ හැටියට, යන්න තලවතුගොඩ පියොරාන් එකට. හැබැයි එකක්.. එතන කෑම බීම සියල්ල හැදෙන්නෙ ශ්‍රීලංකන් ඉන්දියන් ස්ටයිල් එකට හොඳද. ඒ නිසා මසාලා අනං මනං නම් නෑ. හැබැයී.. එළවළු ජාති 5, 6ක් දාලා හදන සාම්බාර් එකයි, සම්බල් දෙකයි එක්ක.. උණු උණු උළුඳු වඩයකුත් ලං කරගත්ත නම්.. කුරක්කන් තෝසෙ 4, 5ක් ගේමක් නෑ කියයි, හ්ම්..
රයිස් ඇන්ඩ් කරි
6. Matara Bath Kade
අන්න පෝර්ක්… යන්න බත්තරමුල්ල හංදියෙම, වළව්වෙ තියෙන මාතර බත් කඩේට. ෂැහ්.. පිස්සු හැදෙනවා ඈ.. මස් කෑලි පිරිච්ච, තෙල් කෑලිත් අතරින් පතර කලවම් වෙච්ච, මිරිස් තුනපහ මදි නොකියන්න වැටිලා බොර ගතිය තියෙන්න හඳිච්ච.. තරු පන්තියෙ පෝර්ක්. ඒකත් එක්ක ඉල්ලන්න සුදුබතුයි, පරිප්පුයි තව මොනවාහරි එළවලු ජාති 2ක් එක්ක බැදපු මිරිස් අනිවා.. ෂුවර් ෂොට්, එක පාරක් කෑවොත් ආයෙ යනවම තමයි. ගාණත් රු. 250-300 වෙද්දි.. ඈ!