ගෙදර ඉන්න අතරට කම්මැලිකම යන්න හදාගෙන කන්න ‘ලේසි ටේස්ටි’ කෑම ජාති 5ක්.

මේ පාර ඔන්න ලොකු ලොකු කෑම වෙනුවට ලේසියෙන් හදන්න පුලුවන් පොඩි පොඩි කෑම ටිකක්. බලන්න.. ඔය නිකම් ඉන්න ගමන් පොඩ්ඩක් හදලා කරලා, රස කොහොමද කියලා!

1. කොහිල කට්ලට්

මේකෙදි අල සහ සැමන් දෙකම වෙනුවට තමයි කොහිල පාවිච්චි කරන්නෙ. ඒ නිසා මුලින්ම කොහිල අල, ඇඟිලි පුරුකක් සයිස් එකට කපාගන්න. ඊට පස්සෙ කහ, ලුණු දාලා හොඳහැටි තම්බගන්න. තම්බලා ඒකෙන් ටිකක් වෙන්කරලා අරගෙන වතුර පෙරෙන්න දාන්න. අනිත් ටිකට තව වතුර දාලා බෙරි වෙන ගානටම තම්බ ගන්න. අන්තිමටම අර මුලින් බාපු ටික හීනියට ලියලා.. පෑන් එකකට තෙල් ටිකක් රත්වෙන්න තියලා කෑලිමිරිස්, ගම්මිරිස්, ලුණු, කොච්චි, සුදුලූණූ ඇඹරුමක් පදමටම දාලා, කරවෙන්න ඇරලා ගන්න. අරගෙන ඒකත් එක්ක අර බෙරි වෙන ගානට තම්බපු කොහිල අල ටික දාලා අතින් හොඳට පොඩි කරන්න. ඒ පොඩි කරද්දි බටර්, රස පදමට ගම්මිරිස්, ලුණු, ලූණූ, අමුමිරිස් අඩුම කුඩුම අනිවා දාන්න.. 

ඊට පස්සෙ ඉතින් බිත්තර සාරුවල දවටලා, පාන් කුඩුවලත් දවටලා බැදලා ගන්නයි තියෙන්නෙ.

2. රටඉඳි අච්චාරු

රටඉඳි කිව්වට මේකට මුද්දරස්පලම් එහෙමත් දානවා. කොහොමහරි වැඩේ ලේසියි. මුලින්ම රටඉඳි, මුද්දරස්පලම් උණු වතුරෙන් හෝදන්න. හෝදලා වතුර පෙරෙන්න ඇරලා රටඉඳි පලලා ඇට අයින් කරගන්න. ඊට පස්සේ.. මැටි ඇතිලියකට ඒ ටික දාලා විනාකිරි, දෙහි ඇඹුල්, මිරිස් කුඩු, ගම්මිරිස් කුඩු, එනසාල්, කරාබු කුඩු එක්ක වැනිලා චුට්ටකුත් දාලා.. රස පදම බලලා දුඹුරු සීනිත් දාලා අතින් අනන්නයි තියෙන්නෙ හැබැයි පොඩි නොවෙන්න ඈ.. වැඩේ ඉවරවෙලා වරුවක් විතර පැහෙන්න තියලා..

වැඩේට බහින්නකො.

3. ඉඟුරු, මුද්දරස්පලම් පුඩිම්

එච්චර හිතුවෙ නැතිවුනාට මාර ටේස්ට් ඩෙසට් එකක් ඈ..

මේකට ඔ්න කරනවා මුලින්ම බිත්තර කහමද, සීනි, බටර් එකට දාලා හොඳට ගහලා හදපු මිශ්‍රණයක්. ඊට පස්සෙ ඒකට බේකින්ග් පවුඩර් සහ පාන්පිටි දදා ආයෙත් ඝනේට එනකම් ගහන්න. ඒ අතරට හදාගන්න සීනිපැණියක් උණුවෙන්න තියලා, ඒකට හීනියට ලියලා ලාවට තලපු ඉඟුරුයි, හීනියට ලියපු මුද්දරස්පලමයි දාලා සිරප් එකක්. අන්තිමට ඒ සිරප් එක දැම්මා අර පිටි මිශ්‍රණයට, හොඳට බීට් කලා, තෙල් කඩදාසියක් තියලා ප්ලේට් එකට ඇතිරුවා, ස්ටීමර් එකේ තැම්බුවා..

4. මීකිරි බොන්ඩා

උඳුපිටි, හීනියට ලියාගත්ත අමුමිරිස්, ලූණු, රම්පෙ කරපිංචා, ලුණු, ගිතෙල්.. පදම බලලා දාලා, හොඳහැටි අනලා පිටිමෝලියක් හදලා පිපෙන්න තියන්න. තියලා ඒ අතරට හදාගන්න මීකිරි, ලුණු, හීනියට තලපු ඉඟුරු, දුරු, අබ, කෝන්ෆ්ලා දාපු මිශ්‍රණයක්. කැමති නම් ඒකට හොඳ සැරට තෙල්දාපු කැරට්, ලීක්ස්, බිත්තර ටිකකුත් දාන්න පුලුවන්. කොහොමහරි අන්තිමට උඳුපිටි මිශ්‍රණයෙන් ඝනේට රොටි වගේ හදලා.. මැද්දට මීකිරි මිශ්‍රණය මදිනොකියන්න පුරවලා.. මුලු නවලා අතින් බෝල කරලා ගැඹුරු තෙලේ බැදගන්න.

ආයෙ මසාලා ටී එකක් හරි වැඩි කහට ටී එකක් එක්ක හරි.. බලන්න එපැයි!

5. හකුරු කිරි රොටි

ගන්න ඔයා කලින් දවසෙ ගෙනාපු පාන්ගෙඩිය ඉතුරු හරිය. අරගෙන.. ඒකට හාල්පිටියි, සීනියි, පොල්වතුරයි දාලා හොඳට අනලා වරු 2ක් විතර පිපෙන්න අරින්න. ඊට පස්සෙ ඒකටම දාන්න ලුණුයි, පොල් ගෙඩියක මිටි කිරියි. දාලා, ආයෙ අනලා.. තව වරු බාගයක් විතර තියෙන්න අරින්න. එහෙම තිබ්බට පස්සෙ ඔයාට පුලුවන් මේ මිශ්‍රණයෙන් වාටි නැති ආප්ප හදන්න. ඒ හදන අතරට ඔයා තව හදාගන්න ඕන හකුරු බෑයක් හිනියට ලියල අරගෙන, ඒකට හාල්පිටි මේස හැන්දකුයි, ලුණු ටිකකුයිත් දාලා ලිපේ උණු කරල හදපු දැවටුමක්. අන්න ඒ දැවටුමේ.. අර උණු උණු රොටි ගිල්ලල තියල කොහොමහරි ලා රස්නෙත් එක්කම වගේ..

බලන්න කෙහෙල් ගෙඩියකුත් කිට්ටු කරගෙන!

Share on facebook
Share on twitter
Share on whatsapp

Highlights.

Latest.

KAMU.

A Vintage Affair at Sky Lounge

An Evening of Fine Wine and an Italian Touch The Kingsbury, Colombo, invites you to

Highlights Kamu Trending

Taste the World: 7 Cuisines in 7 Days

Are you craving a culinary adventure? 7 Cuisines in 7 Days is your ultimate guide

Highlights Kamu Trending

The Avenue, Colombo – Review

From the moment you walk in, the space offers a sense of comfort. Its simple

Highlights Kamu Trending

7 Fine Dining Restaurants You Must Try in Colombo

Sri Lanka’s culinary scene is rapidly evolving, blending its rich heritage with global gastronomic trends.

Highlights Kamu Trending

Tea Trails & Tastes: : Best Eats in Nuwara Eliya and Ella.

By Fathima Rukaiya, Let’s take a flavorful journey through the culinary landscapes of Ella and

Highlights Kamu Trending

Press Conference: Celebrating 50 Years of The London Grill & Welcoming Visiting Chef Phillip Davenport

Colombo, Sri Lanka – 14 May 2025 – Cinnamon Grand Colombo is pleased to invite

Highlights Kamu Trending

Trending.

A Vintage Affair at Sky Lounge

An Evening of Fine Wine and an Italian Touch The Kingsbury, Colombo, invites you to

Highlights Kamu Trending

Browns Hotels Opens Turtle Conservation Hub at Dickwella Resort

On 23rd May, to celebrate World Turtle Day, Browns Hotels & Resorts (BHR) began a

Trending

Best Waterfalls in Sri Lanka (Including Hidden Gems)

By Fathima Rukaiya, There are many beautiful waterfalls in Sri Lanka, but are you unsure

Highlights Trending Yamu Guide

Taste the World: 7 Cuisines in 7 Days

Are you craving a culinary adventure? 7 Cuisines in 7 Days is your ultimate guide

Highlights Kamu Trending

The Avenue, Colombo – Review

From the moment you walk in, the space offers a sense of comfort. Its simple

Highlights Kamu Trending

7 Fine Dining Restaurants You Must Try in Colombo

Sri Lanka’s culinary scene is rapidly evolving, blending its rich heritage with global gastronomic trends.

Highlights Kamu Trending

Yamu Guide.

Best Waterfalls in Sri Lanka (Including Hidden Gems)

By Fathima Rukaiya, There are many beautiful waterfalls in Sri Lanka, but are you unsure

Highlights Trending Yamu Guide

The 2025 High Tea Round-Up

Looking for the perfect place to enjoy a relaxing high tea? Whether you're into sweet

Highlights Yamu Guide

A Curated List of 9 Japanese Restaurants in Sri Lanka

1.Salmon and Maki - Thalawathugoda Japanese Fusion Cuisine 11.00 AM - 10.30 PM (everyday) Visit:

Highlights Yamu Guide

Father’s Day Gift Guide 2025

By Linara Wimalaweera Father's Day is an opportunity to acknowledge the dedication and influence of

Yamu Guide

Top Must-Try Restaurants in Ahangama for 2025

Ahangama, a charming surf town on Sri Lanka's southern coast, is becoming a popular spot

Highlights Yamu Guide

8 Gift Ideas to Celebrate Your Mom This Mother’s Day

Mother’s Day is a special time set aside to honor the amazing women who shape

Yamu Guide