අහළ පහළ නිවසක කොරෝනා රෝගියෙක් ඉන්නවා නම් කළ යුතු දේ දන්නවා ද?.

මේ මොහොතේ කොරෝනා වෛරසය ලංකාව ආක්‍රමණය කරගෙන පැතිරෙන වේගය වැඩි වෙලා තියන නිසා වෙනදට වඩා දෙතුන් ගුණයකින් ආරක්ෂාකාරී වෙන්න ඕන බව ඔබ දන්නවා. විශේෂයෙන් බස්නාහිර පළාත අධි අවදානම් කලාපයක් විදිහට නම් කරල තියනව වගේ ම, දිවයිනේ තවත් සමහර දිස්ත්‍රික්ක සහ නගර, ඒ තත්ත්වයට පත් වෙමින් පවතිනවා. මේ ව්‍යාප්තිය පාලනය කරන්න ඒ වගේ පැතිවලට නැවත දැනුම් දෙන තුරු ඇඳිරි නීතිය ක්‍රියාත්මකයි.

ඔබේ නිවස ආසන්නයේ හෝ ඔබ ජීවත් වෙන ප්‍රදේශය ආශ්‍රිතව කොවිඩ්-19 රෝගියෙක් ඉන්න බව ඔබට දැනගන්න ලැබුණොත් ඔබ මොකද කරන්නේ? මේ තියෙන්නේ එවන් අවස්ථාවක ඔබට අනුගමනය කළ හැකි පියවර කීපයක්..

අවුල් වෙන්න එපා!

අහළ පහළ කොරෝනා වෛරසය වැළඳුණු රෝගියෙක් ඉන්න බව දැනගන්න ලැබුණොත් ඕන ම කෙනෙක් කලබල වීම සාමාන්‍යයි. ඒත්, කලබල වෙලා ඔළුව අවුල් කරගන්න එපා. පුළුවන් තරම් සන්සුන්ව ඉන්න එක තමයි මේ වෙලාවේ වැදගත් ම. ඕනවට වඩා හිතන්න ගියොත් ඒක ඔබේ මානසික සෞඛ්‍යයටත් එතරම් යහපත් නෑ. මේ මොහොතේ කළ යුතු දේ ගැන එළඹ සිටි සිහිය පවත්වාගන්න. ප්‍රශ්න විසඳගන්න ලේසි එතකොටයි.

117/1999 අමතන්න

කොවිඩ්-19 ආශ්‍රිත ගැටලු සඳහා ම වෙන් කළ 24/7 දුරකතන අංක දෙකක් රජය විසින් හඳුන්වල දීල තියනවා. ඒ තමයි 117 සහ 1999. මේ අංකවලට කතා කළොත් මහජන සෞඛ්‍ය නිලධාරීන් සමග සම්බන්ධ වෙලා රෝගය, රෝග ලක්ෂණ, සිදු කළ යුතු පරීක්ෂණ සම්බන්ධයෙන් සහ, වළක්වා ගැනීමට අනුගමනය කළ යුතු ආරක්ෂක පියවර මොනවද කියල වැඩි විස්තර සහිතව දැනගන්න පුළුවන්. ඔබේ නිවස ආසන්නයේ සිටින කොවිඩ්-19 රෝගියා ගැන නිවැරදි තොරතුරු ඔවුන්ට ලබා දෙන්නත් අමතක කරන්න එපා.

එහෙම නැත්නම් ඔබට පුළුවන් ඔබේ ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරියා, කලාප වසංගත රෝග විශේෂඥයයෙකු හෝ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙකු (පීඑච්අයි) අමතන්න. එවිට ඔවුන් ඔබ හමුවට පැමිණ, පසුබිම සහ අවදානම විමසා බලා අවශ්‍ය පියවර ගැනීමට නිශ්චිත උපදෙස් සපයනු ඇති. 

ආරක්ෂක පියවර

දෑත් සේදීමේ සිට කැස්ස සහ කිවිසුම් නිසියාකාරව ආවරණය කරගැනීම දක්වා අප විසින් අනුගමනය කළ යුතු පූර්ව ආරක්ෂක පියවර රැසක් ඇති බව මේ වන විට අප හැමෝම දන්නවා. ඒ හැරුණු කොට, අදාළ රෝගියා මේ කාලය තුළ ඔබේ නිවසට පැමිණ ඇත්නම්, ඔහු/ඇය අතින් ස්පර්ශ වුණු ස්ථානවල වෛරසය රැඳී තිබෙනවා වෙන්න පුළුවන්. එවැනි තැන් දෑත් පිරිසිදුකාරක ද්‍රව්‍යයක් යොදා හොඳින් පිරිසිදු කරගන්න අමතක කරන්න එපා.

පිටතට යෑමෙන් වළකින්න

ඔබ තවමත් වෛරසයට නිරාවරණය නොවී ඇතිවා විය හැකියි. ඒත් වෛරසයට නිරාවරණය වීමේ ඉඩ හෝ අවදානම තවම පහව ගිහින් නැති බව අපි කවුරුත් මතක තබාගත යුතුයි. අපි කලින් කිව්වා වගේ ම රජය විසින් ඇඳිරි නීතිය සහ නිවාඩු දින ප්‍රකාශයට පත් කරන්නේ මේ අවදානම අවම කරගැනීම සඳහායි. ඒ නිසා ඔබ ඊට ගරු කළ යුතු බව සහ අවනත විය යුතු බව මතක් කළ යුතුයි.

ඔබේ අසල්වැසි ප්‍රදේශය ආශ්‍රිතව කොරෝනා වැළඳුණු රෝගියෙක් ඉන්නවා නම් ඔබ ආශ්වාස කරන වාතයේ වෛරසය රැඳී තිබෙනවා විය හැකියි. ඒ නිසා පුළුවන් තරං ගෙදරට ම වෙලා ඉන්න. දින 14ක් ස්වයං නිරෝධායනයට ලක් වෙන්න තීරණය කරන එක කොහොමටත් හොඳයි. හදිසියේවත් එළියට පහළියට යන්න සිද්ධ වුණොත් මතක ඇතිව අනෙක් අයට මීටරයක්වත් දුරින් ඉන්න. සෙනඟ ගැවසෙන තැන්වලට යෑමෙන් වළකින්න.

රෝග පාලන සහ වැළක්වීම් පිළිබඳ මධ්‍යස්ථානයට (CDC) අනුව හරිහැටි වාතාශ්‍රය ලැබීමට සලස්වා නැති කාමරවල සිටීමෙන් මේ රෝගය වැළඳීමේ අවදානම ඉහළ යනවා. ඔබ ඔබව ස්වයං නිරෝධායනයට ලක් කරන්න තීරණය කරනවා නම්, හොඳින් වාතාශ්‍රය ලැබෙන කාමරයක් ඒ සඳහා තෝරාගත යුතුයි. ඔබට වෛරසය වැළඳී ඇති බවට සාධාරණ සැකයක් ඇති වුණොත් මෙන්න මේ ගයිඩ් එක අනුගමනය කරන්න. ඔබ කළ යුත්තේ කුමක් දැයි ඒ අනුව ඔබට තීරණය කරන්න පුළුවන්.

Share on facebook
Share on twitter
Share on whatsapp

Highlights.

Latest.

KAMU.

Full’R Burgers is Flipping into Maharagama

by Vimasha Vishvadari If you're on the lookout for the ideal burger spot in the

Kamu

Yi Jing Unveiled: Sri Lanka’s Top Chinese Dining at ITC Ratnadipa Blends Tradition with Modern Flair

By Poornima Bandara Yi Jing Unveiled: Sri Lanka’s Premier Chinese Dining Experience at ITC Ratnadipa

Highlights Kamu

Seafood Watti Rice: A Flavorful Feast from Fathi’s Spice Attic

Watti Rice is a delightful Sri Lankan dish that combines various meats, such as seafood

Highlights Kamu

Shahi Mughal Dastarkhwan — An aromatic journey to the Mughal Era 

By Shamrina Carim From the Royal Kitchens of the Mughal Empire Chef Asif Qureshi, a

Highlights Kamu

Full’R Burgers Crowns Champion in Epic Gojira vs. Kong Burger Challenge

https://www.tiktok.com/@yamusrilanka/video/7371362033113107728 One of Sri Lanka's favorite burger joint, Full'R Burgers, recently concluded its highly anticipated

Kamu

Indulge in the North Indian themed ‘Delhi Bound’ at Harbour Court, The Kingsbury.

Ambience This restaurant offers a sophisticated yet warm ambience, with soft lighting. The bright colored

Highlights Kamu

Trending.

Paneer & Wine Pairing Sit Down Dinner

Elevating your dining experience at Alhambra Serving 50 years of exquisite North Indian Moghul Cuisine,

Trending

Yaki Maki & Bento at Tenku, Colombo’s Premier Japanese Restaurant

Embark on a celebration of Japanese culinary tradition at Tenku, renowned for its meticulous craftsmanship

Trending

DINIDU: Revolutionising Luxury Jewellery with a New Digital Experience 

DINIDU stands at the forefront of the luxury jewellery space, captivating audiences worldwide through dynamic

Highlights Trending

Stand-Up Music: A Fresh Entertainment Experience Coming to The Traveling Bruncher

In a city renowned for its vibrant arts and culture scene, a new show is

Trending

MAC Cosmetics Debuts Flagship Store In Sri Lanka With Exclusive Lines

MAC lovers rejoice as Exclusive Lines proudly announces the arrival of the world's leading professional

Trending

Yamu Guide.

10 Places To Celebrate Father’s Day 2024

By Fathima Rukaiya, Father’s Day is a special occasion dedicated to honoring fathers and celebrating

Highlights Yamu Guide

Top 10 Places to Work or Study in Colombo in 2024

By Fathima Rukaiya Hey there! Feeling the walls closing in at home while you work

Highlights Yamu Guide

Celebrate Mother’s Day with Shirohana

by Fathima Rukaiya, Mother's Day, a special occasion to honor mothers and motherhood, is celebrated

Highlights Yamu Guide

Steak Bar: A Grand Sunday Brunch at Kingsbury, Colombo

Written by Shamrina C Welcome to the ultimate brunch experience! Nestled in the heart of

Highlights Kamu Yamu Guide

9 Special Valentine’s Day Gift Ideas for Him

By Fathima Rukaiya Are you trying to find the perfect way to show your special

Highlights Yamu Guide

9 Special Valentine’s Day Gift Ideas for Her

Written by Fathima Rukaiya The season of love is upon us once more, and opinions

Highlights Yamu Guide