නැව ගිලුණත් බෑන්චූන්?: “ලංකා ඉතිහාසයේ දරුණු ම වෙරළ දූෂණය” සිද්ධවුණේ මෙහෙමයි.

නයිට්‍රික් ඇසිඩ් ටොන් 25ක් ඇතුළු විෂ සහිත රසායනික ද්‍රව්‍ය ප්‍රවාහනය කරපු සිංගප්පූරුවට අයිති එක්ස්ප්‍රස් පර්ල් නැව ලංකාවට ආසන්න මුහුදේ දි ගිනිගන්නෙ මැයි 20 වෙනි දා. මේ ගින්නෙ ප්‍රමාණය මේ වෙද්දි සෑහෙන දුරට කුඩාකරන්න පුළුවන් වුණත් තවම සම්පූර්ණයෙන් ගින්න නිවාගන්න බැරිවුණු බව තමයි  ඊයේ (31) ශ්‍රී ලංකා නාවික හමුදාව ප්‍රකාශ කළේ. 

Image: AP/ Sri Lanka Air Force

‍විශේෂඥයෝ විශ්වාසකරන විදියට මේ ගින්නට හේතුව නයිට්‍රික් ඇසිඩ් කාන්දුවක්. නැව ලංකාවට අයිති මුහුදට ඇතුල්වෙනකොටත් මේ කාන්දුව ගැන නැවේ කාර්යමණ්ඩලය දැනගෙන හිටපු බවත්, කල්තියා ‍ඒ ගැන කටයුතු කළා නම් ගින්න වළක්වාගන්න ඉඩ තිබුණු බවත් සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ සභාපති දර්ශනී ලහඳපුර AFP පුවත් සේවයට ප්‍රකාශ කළා. නැවේ කාර්ය මණ්ඩලය මේ කාන්දුව ගැන දැනුවත් ව හිටපු බව නැව අයිති එක්ස්ප්‍රස් ශිපිං සමාගම තහවුරු කරලා තිබුණා. කොහොම වුණත් කටාර් සහ ඉන්දියාව නැවට තමන්ගේ මුහුදු තීරයේ රඳවන්න අවසර නොදුන් බව තමයි එක්ස්ප්‍රස් ශිපිං සමාගම කියන්නෙ.

Image: AP/ Sri Lanka Air Force

විෂ රසායනවලට අමතර ව ප්ලාස්ටික් බෑග් නිෂ්පාදනයට යොදාගන්න කුඩා ප්ලාස්ටික් ගුලි ටොන් ගාණකුත් මේ වෙනකොට නැවෙන් මුහුදට වැටිලා තියෙනවා. නයිට්‍රික් ඇසිඩ් නිසා විනාශ වුණු සමුද්‍ර ජීවීන්ට අමතර ව මේ ප්ලාස්ටික් ගුලි ගිලදැමීම සහ කරමල්වල හිරවීම නිසා මාළු විශාල ප්‍රමාණයක් මියගිහින්. ලංකාවේ මුහුදුවෙරළට ගොඩගහපු මේ ප්ලාස්ටික් ගුලි ඇතුළු අතින් අපද්‍රව්‍ය ඉවත්කිරීමේ කටයුතු මේ වෙනකොටත් සිද්ධවෙනවා. මීට අමතර ව නැවෙන් කාන්දුවුණු තෙල් තට්ටුත් වෙරළ තීරයේ තැන්පත්වෙලා තියෙනව දකින්න පුළුවන්.

Image: AP/ Eranga Jayawardena

මේ විනාශය නිසා කිලෝමීටර් 80ක විතර වෙරළ කලාපය ඇතුළත ධීවර කර්මාන්තයේ යෙදීම රජය විසින් තාවකාලික ව තහනම් කරලයි තියෙන්නෙ. විෂ රසායන ගැන අනතුරු හැඟවීම් නොතකා නැවෙන් ගොඩගහපු ද්‍රව්‍ය එකතුකරගෙන යන පිරිස් පහුගිය දවස් කීප‍යෙ දි ම දකින්න ලැබුණා. 

ලංකා ඉතිහාසයේ සිදුවුණු දරුණුම වෙරළ දූෂණය මේක කියලයි සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය කියන්නෙ. මේ රසායනික ද්‍රව්‍ය මුහුදු ජලයට එකතුවීම නිසා කොරල් පර ඇතුළු සමුද්‍ර ජීවීන්ට විශාල හානියක් වෙන්න පුළුවන් බවයි අධිකාරිය කියන්නෙ. එයාලා කියන විදියට මයික්‍රො ප්ලාස්ටික් මුහුදුට එකතුවීමේ බලපෑම තව අවුරුදු ගාණක් යනතුරු තියෙන්න පුළුවන් බවයි.

"Probably the worst beach pollution in our history", authorities in #SriLanka said debris from a burning container ship has caused.
A vessel, carrying tonnes of chemicals caught fire ? last week.#LKA #MVXPressPearl #XPressPearlhttps://t.co/mBdecO9ze4 pic.twitter.com/qQDizQWmt7

— Sri Lanka Tweet ?? (@SriLankaTweet) May 31, 2021

වෙරළ තීරය සුද්ධ පවිත්‍ර කරන්න සති හෝ මාස කීපයක් වුණත් යන්න පුළුවන් බවයි සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ සභාපති දර්ශනී ලහඳපුර කියන්නෙ. 

Image: Ishara S. Kodikara/AFP/Getty Images

මේ සිද්ධිය නිසා මරණයට පත්වුණු කැස්බෑවන්, මසුන් ඇතුළු සතුන් පිළිබඳ පහුගිය සතිය පුරා ම වගේ මාධ්‍ය වාර්තා කළා. කලපු සහ කඩොලානවලට මෙයින් වෙන්න පුළුවන් බලපෑම ගැන පරිසරවේදීන් මේ වෙනකොට අධ්‍යයනය කරමින් ඉන්නවා.

මේ සිද්ධියේ බලපෑමට ලක්වුණු ප්‍රදේශ “අන්තරායකාරී ප්‍රදේශ” හැටියට නම්කරලා ජනතාව ඒ ප්‍රදේශවලින් ඈත්කරල තියන්න ඕන කියන එකයි මධ්‍යම පරිසර අධිකාරියේ අදහස. 

Image: Lakruwan Wanniarachchi/AFP/Getty Images

යම් විදියකින් මේ නැව ගිලුණොත් ‍නැවේ තියෙන ටොන් සිය ගාණක තෙල් මුහුද කාන්දු වෙලා දැනටත් වඩා දැවැන්ත හානියක් වෙන්න පුළුවන් බවයි විශේෂඥයන් ප්‍රකාශ කරන්නෙ. 

2020 සැප්තැම්බර් මාසයේ ලංකා මුහුදේ දී ගිනිගත් නිව් ඩයමන්ඩ් නැවේ සුන්බුන් ඉවත්කිරීම වෙනුවෙන් ශ්‍රී ලංකාව ඇමරිකන් ඩොලර් මිලියන 17ක් අදාළ සමාගමෙන් ඉල්ලා ඇතිබව France24 පුවත් සේවය වාර්තා කළා

Share on facebook
Share on twitter
Share on whatsapp

Highlights.

Latest.

KAMU.

Where Sunday Carvings Meet Sophistication – Kings Steak Bar’s Famous Brunch Buffet

By Vimasha Weerawansha  Nestled in the heart of Colombo, Kings Steak Bar by The Kingsbury

Highlights Kamu

A Luxurious Seafood Experience at Fat Crab Colombo

Fat Crab Colombo offers a wonderful dining experience that combines luxury, live music, and an

Highlights Kamu Yamu Guide

Radisson Colombo’s Indian Night – Review

By Sahasni Gamage We recently had the pleasure of enjoying a wonderful Indian Night at

Kamu Yamu Guide

Introducing Burger King’s New Premium Burger Range

by Jordain de Mel Burger King's Premium Range offers some of the most flavorful gourmet

Highlights Kamu

NH Collection’s Iftar Buffet: A Feast to Remember

A Warm Welcome: Exceptional Hospitality at NH Collection From the moment you enter NH Collection’s

Kamu

An Exquisite Iftar Buffet Experience at Cinnamon Lakeside Colombo

By Sahasni Gamage  Ramadan is all about reflection, togetherness, and, of course, enjoying some amazing

Highlights Kamu Trending

Trending.

Radisson Blu Resort Galle Welcomes Kedar Dighe as New General Manager

Radisson Blu Resort Galle is pleased to announce the appointment of Kedar Dighe as its

Trending

Excel World Launches First-Ever Ramadan Kareem Iftar Buffet

Excel World Entertainment Park in Colombo recently celebrated the launch of its first-ever Ramadan Kareem

Trending

A Trio of Radisson Hotels Gears Up for Markdown Mania 2025 at The World Trade Center

Radisson Hotel Kandy Radisson Hotel Colombo Radisson Blu Resort Galle Kristofer Quadros – Cluster General

Trending

An Exquisite Iftar Buffet Experience at Cinnamon Lakeside Colombo

By Sahasni Gamage  Ramadan is all about reflection, togetherness, and, of course, enjoying some amazing

Highlights Kamu Trending

Embark on a Culinary Journey with Chef Riza Bhatti at Cinnamon Lakeside’s Ithar Promotion

Cinnamon Grand Colombo is thrilled to welcome the celebrated Pakistani chef, Chef Riza Bhatti, for

Trending

Cinnamon Red Colombo invites you to a blessed Iftar – bring 3, 4th dines free

This Ramadan, Cinnamon Red Colombo warmly welcomes guests to experience a truly special Iftar –

Trending

Yamu Guide.

A Luxurious Seafood Experience at Fat Crab Colombo

Fat Crab Colombo offers a wonderful dining experience that combines luxury, live music, and an

Highlights Kamu Yamu Guide

Radisson Colombo’s Indian Night – Review

By Sahasni Gamage We recently had the pleasure of enjoying a wonderful Indian Night at

Kamu Yamu Guide

Iftar Deals for Great Value in 2025

By Fathima Rukaiya, Iftar doesn’t have to be expensive to be delicious! Whether you’re craving

Highlights Trending Yamu Guide

IFTAR Buffet List – 2025

by Fathima Rukaiya, As Ramadan 2025 approaches, food lovers and families are on the lookout

Highlights Trending Yamu Guide

Colombo’s BYOB Gems: 15 Perfect Spots to Pair Your Drink with Delicious Food

by Vimasha Weerawansha Are you on the hunt for dining spots where you can bring

Yamu Guide