ආයෙත් කර්ෆිව්, ලොක්ඩවුන් සීන් එකේ..
පෝර්ක් එක්ක පොල්රොටි කරලියට එන්න කලින්, ඔන්න දැන්මම කාලා තියාගන්න!
පෝර්ක් කරි එක්ක උණු උණු පරාටා.. නැත්නම් පෝරණු පාන්…
මාලඹේ, අතුරුගිරිය පාරෙ තියෙන නොම්මර එකේ බත් කඩයක්. හරි ලස්සනට පොල්අතු, මැටි පාවිච්චි කරලා ගැමි ගතිය එන්න හදල තියෙනවා.. ඒ වගේම තමයි මෙයාලගෙ කෑමත්! ටොප්ම ගමේ රහට. විශේෂයෙන්ම පෝර්ක් කරිය එහෙම.. බාගෙට බාගයක් බ්ලැක් පෝර්ක් වගේ. රු. 200යි වෙන්නෙත්. හැබැයි හොඳහැටි බැදපු තුනපහ එක්ක, ගොරක සුදුළූණු අබ ගම්මිරිස් අඩුම කුඩුම සියල්ල අඹරලා දාලා.. ලාවට හොද්ද තියෙන්න හින්දල නිසා.. ආයෙ ඉතින් ඒකත් එක්ක පාන්, පරාටා කියන්නේ..
බොරලැස්ගමුව, ‘නෙලුම් කොලේ’ කිව්වාම නොදන්න කෙනෙක් නැති තරම්. ඒ වගේම තමයි මෙයාලගෙ පෝර්ක් කරියත්.. ‘පෝර්ක්’ හොයන කරන අය අතරෙ සෑහෙන්න ප්රසිද්ධයි. රු. 300ක් වගේ වුනාට ලොවෙත් දෙන්නෙක්ට හොඳහැටි කන්න පුලුවන් තරමට තියෙනව වගේම තමයි මිරිස්, තුනපහත් ගාණටම දාලා තෙල් මතු නොවෙන්න පදමට හින්දලා නිසා.. පරාටා කෙසේ වෙතත් පාන් වලට නම්..!
මේකත් බොරලැස්ගමුවෙ.. හන්දියෙ ඉඳන් පිළියන්දල පාරෙ පොඩ්ඩක් ඉස්සරහට යද්දි තියෙන්නෙ. බත් කන්න වගේම, හිතේ හැටියට පෝර්ක් කන්නත් කියාපුම තැන. හැබැයි මෙයාලගෙ පෝර්ක් කරිය ටිකක් වෙනස්. තද මිරිසට තමයි හැදෙන්නෙ. ඒ වගේම තෙල් එහෙමත් හොඳහැටි උඩ ඇවිල්ලා. පොඩි පොඩි පෝර්ක් කෑලි වලට මදි නොකියන්නම මිරිස් තුනපහ අල්ලල එහෙම!. කරියක් රු. 200ක් වගේ වෙනවා මෙතන. හැබැයි මස් කෑලි වලින්ම එන නිසා..
පරාටා වලට වගේ..
පෙරහැර පාරේ පෝර්ක් ප්ලේස් එක! බත් කන්න වගේම පාන්, රොටි ඔ්නම දෙයක් කන්න කියාපු පෝර්ක් කරිය. රු. 200යි. හොඳහැටි මස් කෑලිත් තියෙනවා. හොද්දත් මිරිසෙන් තුනපහෙන් අඩු නැතිව. තෙල් ගතිය මතු වෙන්න හිඳිච්ච බොර හොද්දත් එක්ක..
බත්තරමුල්ල, පන්නිපිටිය පාරට හැරෙද්දිම තියෙන වලව්වෙ..
උදේ ඉඳන් රෑ වෙනකම් තියෙනවා පෝර්ක් කරි උණු උණුවෙ. කියල වැඩක් නෑ යාළු ටොප් ගමේ ටයිප් පෝර්ක් කරිය. බැදපු තුනහ, මිරිස් අඩු නැතුව.. ඒ වගේම තමයි තරමක් හිඳිච්ච හොද්දෙ තෙල් ගතියත් ලාවට උඩ ඇවිල්ලා..
සත්තයි, ඒක නම් රු. 300ට ලොවෙත් පාඩු නෑ. මොකද හොඳහැටි මස් කෑලිත් පිරිලානෙ.
The 2021 edition of buffets in Colombo.
A list of 15 places for your next day outing.
Nelum Kole is a rice-and-curry kade in Boralesgamuwa that provides a convenient and cost-effective lunch spread.
Flavours of Asia delivered to your doorstep.
High tea round-up of 2021.
Delete Comment