කෝච්චිවල යන හැමෝම අනිවාර්යයෙන් දැනගන්න ඕන ඉතිහාසගත දුම්රිය අනතුරු 6ක්.

කෝච්චිය, බස් එක කියන්නෙ දුප්පත් අපිට තියෙන ප්‍රධානම ප්‍රවාහන සේවා දෙකනෙ. ඔය දෙක නැත්නම් ලංකාවෙන් බාගෙට බාගයක්ම අනාථයි. රස්සාව වගේම සමහර උදවිය පරස්තාව කර ගන්නෙත් මේ කෝච්චිවල, බස්වල උදව්වෙන්. ඒ විතරක් නම් බැරියැ සමහරු නිදා ගන්න, පත්තරේ බලන්න පවා පාවිච්චි කරන්නෙත් කෝච්චියෙ, බස් එකේ යන වෙලාව. ඉතින්, මෙච්චරටම අපේ ජීවිත වලට ළංවෙලා කටයුතු කරන මේ පොදු ප්‍රවාහන සේවා දෙක ගැන දන්න නොදන්න හැම දෙයක්ම කතා බහ කරන එක අපේ යුතුකම කියල තමයි අපි හිතන්නෙ.

අන්න ඒ නිසාමයි කට්ටිය ඒ හැටි කතා නොකරන, ඒත් අනිවාර්යයෙන්ම කතා කළයුතු මාතෘකාවක් මෙතනට ඇදල ගන්න හිතුවෙ.

මේ, ‘අඟුරු කකා වතුර බිබී කොළඹ දුවන යකඩ යකා’, කෝච්චිය ගැන. එසේ මෙසේ විස්තරයකුත් නෙවෙයි, ඇස් අගට කඳුළු පිරෙන අවාසනාවන්ත දුම්රිය අනතුරු ටිකක් ගැන. එහෙනම්, මිනිස් ජීවිත බර ගණනක් බිලි ගත්තු මේ වගේ දුම්රිය අනතුරු ආයෙත් නොවේවා කියල හිතාගෙනම මේ ලිපිය කියවන්නකො.

1. 1863/1865 එඬේරමුල්ල දුම්රිය අනතුර

ලංකා ඉතිහාසයෙ පළවෙනි දුම්රිය අනතුර සිද්ධ වෙන්නෙ එඩේරමුල්ල දුම්රිය ස්ථානයට කිට්ටු ගොන්ගිතොට කියන ප්‍රදේශයෙ දි. 1863-1865 කාලෙ කියන්නෙ කෝච්චි පාරවල් හදල රේල් පීලි හයි කරකර තිබුණු කාලෙ නිසා මේ අනතුරෙන් මිය යන්නෙ දුම්රිය සේවකයින් පිරිසක් විතරයි. වැඩේ වෙලා තියෙන්නෙ, ඒ දවස් වල මේ හරිය තනිකරම වගුරු බිමක් නිසා රේල් පීලි එක්ක රෝද වල තියෙන්න ඕන සමබරතාවය නැතුව ගිහින් එන්ජිම පීලි පැනල කෝච්චිය පෙරළිච්ච එකෙන්. ඒ පීලි පැනපු කෝච්චි එන්ජිම අදටත් වගුරු බිමේ ගිලා බැහැලා තියෙනව කියල තමයි ප්‍රදේශවාසීන් නම් කියන්නෙ. කොහොම වුණත් ඔන්න ඔහොම තමයි සුද්දන්ගෙ කාලෙදිම, සුද්දො ගෙනාපු කෝච්චියක් ඉස්ඉස්සෙල්ලාම කියල අනතුරට පත්වුණේ.

2. 1928 කටුකුරුන්ද දුම්රිය අනතුර

ජායාරූපය: Melgaa Hike

ඔය කලින් කියපු සිද්ධිය හරියටම දන්නෙ නැති ගොඩ දෙනෙක් ලංකා ඉතිහාසයෙ පළවෙනි දුම්රිය අනතුර විදියට හඳුන්වන්නෙ 1928දි කටුකුරුන්දෙ සිද්ධ වෙච්ච මේ දුම්රිය අනතුර. හැබැයි ඔය අතරට 1923 අවුරුද්දෙ මැදවච්චියෙනුත් දුම්රිය අනතුරක් වාර්තා වෙලා තියෙනව. ඒත් ලොකු අලාභ හානි සිද්ධ වෙලා නැති පාටයි.

අවාසනාවට 1928 අනතුරෙන් නම් 28 දෙනෙක් මිය යනව. 50කට වැඩි ගාණක් තුවාල ලබනව. මොකද මේ අනතුර සිද්ධ වෙන්නෙ දුම්රිය දෙකක් මූණට මූණ ගැටිලා. මාර්තු 12 වෙනිදා හවස් 6ට කොළඹ ඉඳන් අලුත්ගම වෙනකම් ධාවනය වෙන්න තිබුණු නොම්බර 547 කෝච්චිය, කොළඹ කොටුවෙන් පිටත් වුණේ 7. 45 විතර වෙද්දි, දකුණු කළුතරට ලං වෙන්න හිතාගෙන. ඒත් මග දිගට සිද්ධ වෙච්ච එක එක ප්‍රමාද දෝෂ නිසා කෝච්චිය දකුණු කළුතරට එද්දි රෑ 8ටත් කිට්ටුයි. ඒ වෙද්දි හවස, ගාල්ල දුම්රිය ස්ථානයෙන් පිටත් වුනු නොම්මර 250 කෝච්චියත් දකුණු කළුතරට කිට්ටු කරල තිබුණෙ. ස්ථානාධිපතිවරු, මේ කෝච්චි දෙක දකුණු කළුතරදි මාරු කරන්න තීරණය කළත් ඒ විස්තරයක් නියාමකවරුන්ට දැනුම් දීලා තිබුණෙ නෑ.

තමතමන්ගෙ පාඩුවෙ වේගයෙන් ධාවනය වෙවී තිබුණු කෝච්චි දෙක මූණට මූණ හැප්පෙන්නෙ කටුකුරුන්ද, 58 කණුව වංගුවෙ බෝක්කුව උඩ දි. සාපේක්ෂ ප්‍රවේගය පැයට හැතැප්ම 50කට කිට්ටු වේගයකින් හැප්පෙන මේ කෝච්චි දෙකේම එන්ජිම් මුලුමනින්ම තැලිලා පොඩි වෙලා යනව. කොටින්ම කියනව නම් ගාල්ලෙ ඉඳන් ආපු කෝච්චියෙ එන්ජිම ගැලවිලා වීසි වෙලා ගිහින්. හැබැයි මේ අනතුරට වගකියන්න ඕන කට්ටියට නම් නිසි දඬුවම් ලැබිලා කියල තමයි ආරංචි.

3. 1964 විල්වත්ත දුම්රිය අනතුර

ජායාරූපය: Scouting Magazine

වීල්ලවත්තෙ සිද්ධිය කියන් කලින් කියන්න ඕන හරි හැටි විස්තරයක් නැති නානුඔය, උඩුපුස්සැල්ලාව, ප‍ටු ආමාන දුම්රිය මාර්ගයෙත් දුම්රිය අනතුරු කීපයක් සිද්ධ වෙලා තියෙනව. ගෙවල් දොරවල් වගේම ජීවිත හානිත් බරපතලයිලු. කියන්න බැරි වුණානෙ, ඒ 1935-1940 අතර කාලෙ.

ලංකාවෙ දෙවනියට සිද්ධ වෙච්ච ලොකුම දුම්රිය අනතුර විදියට හඳුන්වන්නෙ 1964 මීරිගම, වීල්ලවත්තෙ අනතුර. මේ සිද්ධියෙන් මගීන් 40ක් විතර මිය ගිහින් තවත් 100ක් විතර තුවාල වෙලත් තියෙනව. දුම්රිය දෙපාර්තමේන්තුවෙ අවසන් නිගමනයට අනුව මේ අනතුරේ වැරැද්ද පැටවෙන්නෙ රියදුරාට. මොකද මේ ‘තලෙයිමැනාර් එක්ස්ප්‍රස්’ කෝච්චියෙ භාණ්ඩ ප්‍රවාහන මැදිරි, මගී ප්‍රවාහන මැදිරි එක්ක ඔක්කොම මැදිරි 16ක් විතර තියෙද්දි තමයි වීල්ලවත්ත S හංදියෙ බෑවුමෙන්, මෙයා කෝච්චිය වේගෙන් අරගෙන තියෙන්නෙ. මේ අනතුරෙන් රේල් පාරත් අඩි 1500ක් විතර යනකම් විනාශ වෙලා.

කොහොම හරි ඔක්තෝම්බර් 16 වෙනිදා උදේ 6.30ට විතර මේ අනතුර සිද්ධ වෙන වෙලාවෙ, බාලදක්ෂ ජම්බෝරියකට යන ගමන් ඉඳපු බාලදක්ෂයො කට්ටියක් එ් කිට්ටුව ඉඳල තියෙනව. එයාලගෙ උදව් තිබුණෙ නැත්නම් මැරිච්ච ගාන 40ටත් වඩා වැඩි වෙන්න තිබුණ කියල තමයි අදටත් ඒ සිද්ධිය මතක් කරන ප්‍රදේශවාසී වැඩිහිටියො කියන්නෙ.

4. 1985 යාල්දේවි දුම්රිය බෝම්බ ප්‍රහාරය

ජායාරූපය: Dinamina

වේලාව උදේ 7.30ට විතර ඇති. යාපනේ ඉඳන් ආපු යාල් දේවි දුම්රිය මුරුක්කන්ඩි දුම්රිය ස්ථානය පහු කළා විතරයි. හමුදාවෙ කට්ටිය ගොඩ දෙනෙක් ඉඳපු පෙට්ටියක් මහ සද්දෙට පිපිරුණා. ගිනි ජාලාව මැදින් රේල් පාර දෙපැත්තෙ පේන්න තිබිලා තියෙන්නෙ අපේ හමුදාවෙ කොල්ලන්ගෙ මළ සිරුරු. සාමාන්‍ය මගීන් 11 දෙනෙකුත් මේ බෝම්බ ප්‍රහාරයෙන් මැරිලා තියෙනව. ගණන් බලපු විදියට හමුදාවෙ කොල්ලො 29ක් ලු.

5. 1989 අහුංගල්ල දුම්රිය අනතුර

ලංකා ඉතිහාසයේ සටහන් වෙච්ච ශෝචනීයම දුම්රිය අනතුරක් විදියට හඳුන්වන්න පුළුවන් සිද්ධියක්. මොකද මේ අනතුරෙන් මිය යන්නෙ පාසල් ළමයි 51 දෙනෙක්. ඒ හැරුණාම තවත් පාසල් ළමයි 61කුයි සිවිල් වැසියො 14 දෙනෙකුයිත් තුවාල වෙලා තියෙනව.

1989 ජනවාරි 17, අහුංගල්ලෙදි සිද්ධ වෙච්ච මේ දුම්රිය අනතුරට ලක්වෙන්නෙ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ගයක් පහු කරන ගමන් තිබුණු පාසල් බස් රථයක්. පුංචි ළමයි 38 දෙනෙක් එතනම මරු මුවට පත් කරලා මුලු රටක්ම අඬවපු මේ අනතුරට නම් මුලු දුම්රිය දෙපාර්තමේන්තුවම වග කියන්න ඕන.

6. 1996 දෙහිවල දුම්රිය බෝම්බ ප්‍රහාරය

කොටි ත්‍රස්තවාදීන් දියත් කරපු තවත් නිවට බෝම්බ ප්‍රහාරයක්. අංක 764 මගී දුම්රියෙ, පෙට්ටි කීපයක උඩ රාක්කවල, බෑග් ඇතුළෙ දාලා එක ළඟ අටවපු බෝම්බ 4ක් තමයි මේ විදියට දෙහිවලදි පුපුරල යන්නෙ. ජාති ආගම් භේද නැතුව සිවිල් වැසියො 64 දෙනෙක් මේ ප්‍රහාරයෙන් මැරෙනව. එතකොට 400කට කිට්ටු ගාණක් තුවාල වෙනව.

කොහාම වුණත් කියන්න සතුටුයි යාළුවනේ අද වෙද්දි නම් ඒ වගේ බෝම්බ ප්‍රශ්න නැතුව නිදහසේ පාරෙ බැහැලා යන්න පුළුවන්. ඇත්තටම ආඩම්බරයි තමයි. හැබැයි මතක තියා ගන්න කොටි ත්‍රස්තවාදීන් නැති වුනාට අනිත් අනතුරු වෙන්න පුලුවන් හොඳද.

Share on facebook
Share on twitter
Share on whatsapp

Highlights.

Latest.

KAMU.

Harpo’s Pizza and Pasta: Review

We dropped by Harpo’s Pizza and Pasta the other day, and it turns out it’s

Highlights Kamu

The Fort Café by Tasty Caterers – Review

By Linara Wimalaweera The Fort Café by Tasty Caterers offers a refreshing escape from the

Highlights Kamu Yamu Guide

Nihonbashi by Dharshan – Review

Written by Linara Wimalaweera When it comes to Japanese fine dining in Colombo, few names

Highlights Kamu

Yoroko at Cinnamon Life: An Unforgettable Sky-High Japanese Experience

Our visit to Yoroko was one for the books — and your bucket list. It’s

Highlights Kamu

The Chinwag- Review

By Sharon Nonis Chinwag has always been a crowd favorite, and now with their new

Highlights Kamu

A Review of The Commons Coffee House’s New Offerings

The Commons Coffee House, located on Flower Road in Colombo 7, has been around for

Highlights Kamu

Trending.

The Best Cities for Food in the World — Readers’ Choice Awards 2025

By Fathima Rukaiya, As travel and dining experiences evolve, food-savvy travelers are looking beyond just

Trending Yamu Guide

ITC Ratnadipa Celebrates the Spirit of the Season with its 2nd Annual Cake Mixing Ceremony

ITC Ratnadipa, the jewel in Colombo’s skyline, heralded the start of the festive season with

Trending

The Kingsbury, Colombo, Crowned Sri Lanka’s Leading Hotel 2025 at World Travel Awards

The Kingsbury, Colombo, is honoured to have been awarded Sri Lanka’s Leading Hotel 2025 at

Trending

8 Thai Restaurants to try in Sri Lanka

You can ask around – but it’s rare to find someone who doesn’t love Thai

Highlights Trending Yamu Guide

Radisson Hotels in Sri Lanka Earn Safehotels Premium Certification

Radisson Blu Resort Galle, Radisson Hotel Colombo, and Radisson Hotel Kandy have proudly earned the

Trending

A Yakitori Indulgence at Yoroko, Cinnamon Life

Tradition Meets Contemporary Flair at Cinnamon Life This October, elevate your dining experience as Yoroko,

Trending

Yamu Guide.

Baked with Love – Meet 9 of Sri Lanka’s sweetest home bakers

There’s something undeniably magical about home-bakes that café and bakery chains just cannot get right.

Highlights Yamu Guide

The Best Cities for Food in the World — Readers’ Choice Awards 2025

By Fathima Rukaiya, As travel and dining experiences evolve, food-savvy travelers are looking beyond just

Trending Yamu Guide

The Fort Café by Tasty Caterers – Review

By Linara Wimalaweera The Fort Café by Tasty Caterers offers a refreshing escape from the

Highlights Kamu Yamu Guide

9 Unique Wedding Venues in Sri Lanka

Say “Yes” differently - beyond the ballroom.  It’s 2025 and nowadays potential brides and grooms

Highlights Yamu Guide

8 Thai Restaurants to try in Sri Lanka

You can ask around – but it’s rare to find someone who doesn’t love Thai

Highlights Trending Yamu Guide

8 Food Courts to try in Sri Lanka

By Fathima Rukaiya, Looking to grab a bite at a spot that offers a wide

Highlights Yamu Guide