පොත්ගුල්ලෙක්ද? ඉන්ස්ටග්‍රෑම් ඉන්නවද? එහෙනං මේ අකවුන්ට්ස් 9 ෆලෝ කරන්න!.

පතපොත කියවන බොහෝ දෙනෙක් දැන් පොත් කියවීමෙන් නොනැවතී, ඒ පොත් ගැන තමන්ට දැනෙන දේ සෝෂල් මීඩියා හරහා අනෙක් අයත් එක්කත් බෙදාගන්න උනන්දුවක් දක්වනවා. ඒක ඇත්තට ම හොඳ ප්‍රවණතාවක්. තවත් අය පොත් කියවන්න පොළඹවන්න වගේ ම, පොතක අන්තර්ගතය ගැන පිරිසක් අතරේ කතිකාවක් ඇති කරන්නත් ඒ ක්‍රමයෙන් පුළුවන් වෙනවා.

අපි මේ පහළින් ලිස්ට් කරලා තියෙන්නේ ඉන්ස්ටග්‍රෑම් අකවුන්ට්ස් නවයක්. මේගොල්ලො කරන්නේ එයාල කියවපු සිංහල පතපොත ගැන තමන්ගෙ අදහස් ඉන්ස්ටග්‍රෑම් ඔස්සේ අනෙක් අයත් එක්ක බෙදාගන්න එක. ඉතින් ඔයත් සිංහල පොත් කියවන පාඨකයෙක් නං, මේ ඉන්ස්ටග්‍රෑම් අකවුන්ට්ස් පැත්තේ ගිහින් බැලුවොත් ඔයාටත් ජීවිතේට එකතු කරගන්න දෙයක් තියෙයි. 

මේ වගේ ඕගොල්ලො දන්න, අපිට මඟ ඇරුණ තව ඉන්ස්ටග්‍රෑම් අකවුන්ට්ස් තියනවා නං, කමෙන්ට්ස්වලින් අපිට කියන්න.. අපි ඒවත් මේ ලැයිස්තුවට එකතු කරන්නං!

thebookshelf_sl

බොහොම උද්‍යෝගයෙන් සිංහල නවකතා කියවන පොත්ගුල්ලෙකුගේ අඩවියක් වෙන ද බුක් ශෙල්ෆ් ඔස්සේ අපිට සිංහල පොත්වල රස ගුණ විඳගන්න පුළුවන්. පොතෙන් උපුටනයක් හෝ පොත ගැන පොඩි විචාරාත්මක අදහසක් පළ කරන්නත් මේ පාඨකයා අමතක කරලා නෑ.

itsonlywords_lk

ඉට්ස් ඔන්ලි වර්ඩ්ස් බ්ලොග් එක කරන ඇය වෘත්තියෙන් ඩිසයිනර් කෙනෙක්. කියවීම ඇගේ විනෝදාංශය. ඉතින් ඇය කියවන සිංහල පොත් ගැන ඇගේ මතය සටහන් කරලා ඉන්ස්ටග්‍රෑම් වෙත මුදාහරින්න ඇය කටයුතු කරනවා. 

the_booklooks 

ද බුක් ලුක්ස්. සිංහල නවකතා සහ විශේෂයෙන් පරිවර්තන වගේ පොත්වල මනරම් රූප එක්ක, පොත ගැන අදහස් පළ කරන බ්ලොග් එකක්. ඊට අමතරව පොත්වලින් උපුටාගත්ත අරුත්බර වැකි එහෙමත් මේ අකවුන්ට් එකේ පොත් ගැන කතා කරන අතරට වරින් වර පළ කරනවා.

gihan_de_alwis

මුහුදු වෙරළ, දුම්රිය ස්ථාන, මහ මඟ වගේ විවිධ තැන් පසුබිම් කරලා පොත්වල පින්තූර ගන්න ගිහාන් ද අල්විස්, ඒවා ඉන්ස්ටග්‍රෑම් අකවුන්ට් එකේ පළ කරන්නේ අදාළ පොත ගැන තමන්ගේ අදහස හෝ පොතේ උපුටනයක් එක්කමයි. නවකතා, කවි වගේ ම වෙනත් ශාස්ත්‍රීය පතපොතත් ඔහුගේ පොත් එකතුවේ තියෙනවා. 

wintersbookjournal

ග්‍රැෆික් ඩිසයිනර් කෙනෙක් වෙන චමෝදි වෛද්‍යතිලක පවත්වාගෙන යන බුක් රිවීව් බ්ලොග් එක තමයි වින්ටර්ස් බුක් ජර්නල්. මේ අකවුන්ට් එකෙන් ඇය තමන් කියවපු සිංහල සහ ඉංග්‍රීසි පොත් ගැන ඇයට දැනෙන දේ සහ ඇගේ අදහස් අනෙක් අයත් එක්ක බෙදාගන්නවා. ඒ පොත්වල ලස්සන පින්තූරත් එක්ක. මීට අමතරව ඇගේ ටයිපොග්රැෆි සහ ඉලස්ට්‍රේෂන් දස්කම් බලන්න කැමති නං winterjournal_18 අකවුන්ට් එක පැත්තේ යන්න.

short_notes_art 

සිංහල ඉංග්‍රීසි පොත් වගේ ම, චිත්‍රපට ගැනත් තමන්ගේ අදහස ලියා පළ කරන ෂෝට් නෝට්ස් ආට් බ්ලොග් එකේ අයිතිකාරයා ගැන නං මට අදහසක් නෑ. හැබැයි ඔහු හෝ ඇය කලාව ගැන පළ කරන අදහස් නං හරිම නැවුම් සහ සෘජුයි. ඒ වගේ ම කියවන්නෙක් අලුත් විදිහට හිතන්න පොළඹවන සුලුයි. සරල භාෂාවෙන් වගේ ම කෙටියෙන් ලියන නිසා ඕන කෙනෙකුට ලේසියෙන් වටහාගන්නත් පුළුවන්.

ramblingsofa_reader

සිංහල සහ ඉංග්‍රීසි පොත්පත් ගැන දැනගන්න වගේ ම, ලස්සන ලස්සන පුංචි පුංචි ස්ටේෂනරි බඩුමුට්ටු ගැන දැනගන්නත් පුළුවන් මේ අකවුන්ට් එක පැත්තට ගොඩ වුණොත්. පොත් ගැන තමන්ගේ අදහස් පළ කරන අතරෙ ම ඒවට පොඩි රේටිං එකක් දෙන්නත් මෙයා උනන්දුයි.

read.and.click 

රීඩ් ඇන්ඩ් ක්ලික් ඉන්ස්ටග්‍රෑම් අකවුන්ට් එකේ හිමිකාරියත් සිංහලෙන් වගේ ම ඉංග්‍රීසියෙනුත් කියවන්නියක්. පොත් ගැන ටිකක් දිග අදහස් දැක්වීමක් හෝ විස්තරාත්මක කොටසක් ඇය ඡායාරූපවලට අමතරව ඉන්ස්ටග්‍රෑම් එකට එකතු කරනවා.

read_with_kavee 

ඉංග්‍රීසි සිංහල භාෂා දෙකෙන් ම කියවන කවීගේ බ්ලොග් එක රීඩ් විත් කවී. ඇය පොත ගැන පුංචි විස්තරයකුත් එක්ක පොතේ ලස්සන පින්තූරයක් මේ බ්ලොග් එකට එකතු කරනවා. සිංහල පොත් අතර, නවකතා සහ පරිවර්තනවලට තමයි ඇගේ වැඩි මනාපය.

Share on facebook
Share on twitter
Share on whatsapp

Highlights.

Latest.

KAMU.

Ramada High Tea buffet – 2023

High Teas are quite the “Fash-un” these days, and we are stepping into a trendy

Kamu

Street Burger Hitting It Off With The Festive Menu!

By Shamrina Carim Christmas has gotten merrier with their mouth watering Festive menu this December

Highlights Kamu

Indulge your cravings at Indulge Desserts. Co

By RR Everyone’s favourite spot for a well-deserved chocolate overdose has opened their doors in

Kamu

Trying Scope Kitchen’s new menu – Dec 2022

By Hashini Pathirana Scope Cinemas, ever since their launch as Sri Lanka’s first multi-sensory luxury

Kamu

Cinnamon Lakeside’s delicious High Tea spread- 2022

Cinnamon Lakeside has made an exotic appearance at the main lounge, serving a range of

Kamu

Cooking with the Silvermill Coconut Culinary Range

As a Sri Lankan, can you imagine cooking without coconut? It is a universally accepted

Highlights Kamu

Trending.

Hilton Colombo Goes ‘Coconuts’

Unique Coconut infused dishes at Café Kai Colombo, Sri Lanka – 23 January 2023 - Café

Trending

Emperor’s Wok Celebrates Chinese New Year With Auspicious Cantonese Dishes

Hilton Colombo’s Chinese restaurant will offer a Reunion set menu, in addition to À la

Trending

Uber’s 2022 Cravings report reveals Sri Lanka’s love and hate relationship with onions

Uber looked at how you ordered on UberEats last year and discovered Sri Lanka’s love

Trending

Courtyard By Marriott Debuts In Sri Lanka With The Opening Of Courtyard By Marriott Colombo

Courtyard by Marriott, part of Marriott Bonvoy’s extraordinary portfolio of 30 brands, today announced the

Trending

What you missed at the Fairway Street Food Festival

By Hashini Pathirana Renowned to be known as one of the finest City hotels in

Highlights Trending

Yamu Guide.

7 Places to Hike in 2023

Have you ever thought of arranging a travel bucket list to climb a mountain this

Highlights Yamu Guide

Yamu’s Top Restaurant Picks for 2023

New Year, New Reviews? Say “hell yeah”! We have sorted out a few restaurants that

Highlights Yamu Guide

7 movies to look forward to in 2023

With the passing of another year, brings us a set of new movies to cherish

Highlights Yamu Guide

Gym Round Up 2023

By RR This one's for all of you who’ve had that exact same new year

Highlights Yamu Guide

7 New Year’s Eve Parties in Colombo (2022)

By RR That’s another year down and boy, what a year it’s been.  It’s time

Highlights Yamu Guide

5 Places to buy Christmas Decorations

By Hashini Pathirana In the spirit of Christmas, the most wonderful time of the year,

Yamu Guide