පොෂ් එකේ..! සුව පහසුව වාඩි වෙලා බත් වේලක් රස බලන්න කියාපු අවන්හල් 9ක්.

රයිස් ඇන්ඩ් කරි කියන්නෙ අපේ ජාතික ආහාරයනෙ. අන්න ඒ නිසාම හොඳ පදමට මිරිස් තුනපහ දාලා, උයපු රස බත් වේලක් බඩට වැටුණෙ නැත්නම් අපේ කට්ටියට නින්ද යන්නෙ නැති ගාණයි. ඔෆිස් එකට ගියත්, ඉස්කෝලෙට ගියත් නැත්නම් වෙන වැඩකට ගියත් අම්මගෙ අතින් හරි බිරිඳගෙ අතින් හරි බැදෙන බත් මුලක් අනිවාර්යයෙන් අරන් යන පුරුද්දක් අපිට තියෙනව.

හැබැයි ඔය කොහොම වුනත් මාසෙකට සැරයක් හරි එළියෙන් කෑවෙ නැත්නම් ඒත් අපේ හිතට මොකක්ද වගේනෙ. අතේ තියෙන ගාණ බලල එක එක කට්ටිය එක එක පැලැන්තියෙ කඩවල් වලට ගොඩ වෙනව. සමහරු නම් අල්ලන්නෙ ගමේ රහට කෑම හැදෙන පුංචි කඩයක්. තවත් සමහරු තරමක් සුව පහසුව ඉඳගෙන හිතේ හැටියට බත්, ව්‍යංජන රස බලන්න පුලුවන් මධ්‍යම පන්තියෙ කඩයක් අල්ලනව. ඔය අතරෙ තවත් කට්ටියක් ඉන්නව හොඳ හයි ෆයි අවන්හලක් අල්ලල අතමිට දිග ඇරල වියදම් කරන ගමන් බඩයි හිතයි දෙකම පිරෙන කම් බත් කන.

අන්න ඒ කට්ටියට තමයි අපි අද මේ කතාව කියන්න යන්නෙ. කතාවක් කිව්වට ඇත්තටම මේක අවන්හල් ලැයිස්තුවක්. හැබැයි එසේ මෙසේ එකක් නෙවෙයි. අතමිට දිග ඇරල බත් කන්න යන කට්ටියට නියමෙටම ගැලපෙන සුපිරි පන්නයේ අවන්හල් ටිකක්.

අද හෙටම ගියා නම් තමයි හොඳ. ගිහින් හිතේ හැටියට බත්, ව්‍යංජන ටිකක් රස බලන්නකො. බලල හොඳ නරක, අඩු පාඩු ගැන අපිටත් කියන්න.

1. Kaema Sutra

නියම පොල් කිරි දාලා හදන අල පරිප්පු, රස පදමට මිරිස් තුනපහ දාල හදන මස් මාලු,  ලුණු ඇඹුල් අඩු නැතුව වැටිලා හැදෙන කොළ මැල්ලුම්, උණු උණු සම්බා හාලේ බතට එකතු වුනාම ගමකට කත හැකි. ඒ අතරට එකතු වෙන රියල් කට ගැස්ම, බැදපු මිරිස්, පපඩම් ටික දිවට ගේන රස, පංකාදු පහයි. නිදහස් චතුරස්‍ර කෑම සූත්‍ර අවන්හලේ බත් වේලක් රු.1000, 1500 වගේ ගාණක් වෙන්නෙ. ඒ වුනාට බඩ කට වගේම හිතත් පිරෙන්න කන්න පුලුවන් නිසා යනවද නැද්ද කියන එක ගැන නම් දෙපාරක් හිතන්න දෙයක් නෑ.

2. Colombo City Hotel

මුලු මනින්ම අපේ ටයිප් බත් වේලක් නොවුනට කොටුව සිටි හෝටලයෙ තියෙන රයිස් ඇන්ඩ් කරි එකට අපේ ලිස්ට් එකේ දෙවනි තැන දෙන්නෙ ඒකෙ තියෙන වෙනස්ම රස නිසා. බාස්මතී හාලේ බතයි චීන, මැලේසියන් වගේ රසට හදපු මස් කරියයි එක්ක චොප්සිය එහෙම නියමෙට ගැලපෙනව. හැබැයි ඉතින් එළවලු නම් තම්බල තමයි මේසෙට එන්නෙ. ලුණු ගම්මිරිස් ටිකක් දාගත්තාම මරේ මරු. විශේෂයෙන්ම කියන්න ඕන මෙයාලගෙ චිකන් කරියෙ තියෙන රස, සෝස් මිශ්‍ර රසක් වුනාට බත් පිඟන් එකකට නෙවෙයි දෙකකට වුනත් වග කියන්න පුලුවන් තරම් රසයි. ගාණත් රු. 1000, 1500 අතරෙනෙ.

3. Upali’s 

ටවුන්හෝල් උපාලිස් එක ගැන නම් ගොඩ දෙනෙක් දැනටමත් දන්නව. උපාලිස් එක කෑම සූත්‍ර අවන්හලට දෙවනි වෙන්නෙ ගාණෙන් විතරයි. ඇත්තටම මෙතනදි නම් රු. 1000කට බඩ පැලෙන්න බත් කන්න පුලුවන්. ඇති තරම් බතුත් ලැබෙනව. මදි පාඩු එළවලු ටිකත් ලැබෙනව. විශේෂයෙන්ම මෙයාලගෙ චිකන් කරිය, මාලු ඇඹුල් තියල් එක එහෙම පට්ට රසයි. කොටින්ම කියනව නම් ඒ ඇති බත් කන්න. හොඳ පදමට තුනපහ දාලා හදපු එළවලු ජාතිත් 4,5කුත් ලැබෙනවනෙ. පොඩි අවුලකට කියල තියෙන්නෙ කෑම වල සැර ගතිය මදි එක තමයි.

4. Palmyrah

ගොඩ දෙනෙක් මේ අවන්හල දන්නෙ රේණුකා හෝටලයෙ අවන්හල කියල. තියෙන්නෙ කොල්ලු පිටියෙ. කලින්ම කියන්නම් මෙයාල ලගත් තියෙන්නෙ ඔරිජිනල් ශ්‍රී ලංකන් රයිස් ඇන්ඩ් කරි නම් නෙවෙයි. පොඩ්ඩක් විතර ඉන්දියානු, මැලේසියානු ආභාෂය තියෙනව. කට්ටිය දන්නවනෙ තුනපහ රසයෙන් ටිකක් එහාට ගියපු සෝස් රස මිශ්‍ර වෙච්ච ව්‍යංජන. අන්න ඒ නිසා අපිට හුරු පුරුදු පොල් කිරි රස, තුන පහ රස ලොකුවටම බලාපොරොත්තුවෙන් මෙතනට යන්න එපා. එහෙමයි කියල අවුලක් ගන්න ඕන නෑ. මෙයාල ලඟ තියෙනව පට්ට රස සී ෆුඩ් කරි. එකක් ගත්ත නම් අනිත් ව්‍යංජන ටිකත් එකතු කරගෙන රු. 1000කටත් අඩු ගාණකට බඩ කට පිරෙන්න බත් ගිලින්න පුලුවන්.

5. The Gardenia Coffee Shop

මේකත් තියෙන්නෙ හෝටලයක. කොල්ලුපිටිය රාමදා හෝටලය කිව්වාම තමයි කට්ටිය දන්නෙ. රු. 1000ක් වගේ වියදම් කරල හොඳ බත් වේලක් කන්න කියාපු තවත් තැනක්. එකම අවුල තමයි මෙයාලගෙ ව්‍යංජන වලටත් ඉන්දියානු, චීන ආභාෂයන් මිශ්‍ර වෙලා තියෙන එක. එ් වුනාට රසේ කිසිම අඩුවක් නම් නෑ. සෝස් රසයි, මිරිස් තුනපහ රසයි හරි අපූරුවට ගලපල උයල තියෙනව. දැක්කාම කටට කෙල උනන ගාණයි. ඇත්තටම රාමදා හෝටලයෙන් බත් කාපු කෙනෙක්ට නම් ඒ රස අමතක වෙනව බොරු.

6. Siam House

මදි නොකියන්න පොල් කිරි, මිරිස් තුනපහ දාලා හදන පට්ට රස මස් කරියක් එක්ක බාස්මතී හාලේ බත් ටික් රස බලන්න, යන්න බම්බලපටියෙ සියාම් හවුස් එකට. ගාණ නම් ටිකක් සැරයි. රු. 1500ක් විතර වෙනව. ඒ වුනාට රස හොඳයිනෙ. මස් කරිය විතරක් නෙවෙයි, කටට සැරට හැදෙන ඉස්සො බෝංචි කරියකුත් තියෙනව මෙයාල ලග. ඒ හැරුණාම අලුත් එළවලු දාලා හදන සලාදයක්, රස වෑහෙන තායි ව්‍යංජනයක් එහෙමත් මේසෙට එනව. රස වැටිල කාගෙන කාගෙන යද්දි ව්‍යංජන ජාති එහෙම මග ඇරෙන්න පුලුවන් නිසා හොඳ කල්පනාවෙන් කන්න ඕන හොඳද.

7. Flavoured

කොල්ලුපිටිය සිනමන් රෙඩ් හෝටලයෙ අවන්හල තමයි ෆ්ලේවර්ඩ් කියන්නෙ. ටොප් එකට බත් ටිකක් කන්න කියාපු තැන. කෙලින්ම අපේ රසමයි. නියම ගාණට කිරි දාලා හදපු අල, බෝංචි ව්‍යංජන, සැර අඩුවෙන් තුනපහ රස වැඩියෙන් එන්න හදපු මාලු කරිය එතකොට සැරයි, තුනපහයි දෙකම හොඳ හැටි තියෙන මස් කරිය, මතක් වෙද්දිත් කටට කෙල උනනව. සම්බා හාලේ බතට ඔය ටික එකතු වුනාම මදැයි, ඉස්මුරුත්තාව එනකම් කන්න බැරියැ. ලොකු ගාණකුත් නෑනෙ. උපරිම වුනොත් රු. 1000ක් වෙයි.

8. Raja Bojun

ඇත්තටම රාජ බෝජන පරාදයි. කොල්ලුපිටිය ඩුප්ලිකේෂන් පාරෙ තියෙන රජ බොජුන් එකේ කෑම වල රස මේචර කල් දැනන් හිටියෙ නිතර දෙවේලෙ යන එන අය විතරයිනෙ. ඔන්න අද ඉඳන් අනිත් අයත් දැන ගනීවි. රජ බොජුන් එකේ කෑම ඇවිල්ල කෙලින්ම ගැමි ගෙදරක හදන කෑම වගේම රසයි. සමහර වෙලාවට ඊටත් වඩා රසයි. පංකාදු පහට හැදෙන්නෙ මෙයාලගෙ මස් කරි ටිකයි ඇඹුල් තියල් එකයි තමයි. ඒ හැරුණාම කිරි මාලු එකත් මරු. හැම ව්‍යංජනයකටම හොඳ හැටි පොල් කිරි, මිරිස් තුනපහ දාලා උයන නිසා සුදු බත් වලට විතරක් නෙවෙයි රතු බත් වලටත් නියමෙට ගැලපෙනව. හැබැයි ඉතින් මෙයාලගෙ ගාණ නම් රු. 1000ක් 1500ක් විතර වෙනව.

9. Indian Summer

විහාරමහා දේවි පාර්ක් එක පැත්තෙ ඉඳන් බොරැල්ල පැත්තට යද්දි හමුවෙන හොර්ටන් ප්ලේස් පාරෙ තමයි ඉන්දියන් සමර් අවන්හල තියෙන්නෙ. මෙයාලගෙ රයිස් ඇන්ඩ් කරි එක මුලු මනින්ම ඉන්දියානු එකක් වුනාට වෙජිටේරියන් නම් නෙවෙයි. හොඳ සැරට හැදෙන චිකන් කරියක් තියෙනව, පට්ට රසයි. ඒ හැරුණාම පරිප්පු ව්‍යංජනයත් මරු. හැම දෙයකටම වඩා රස ඉන්දියන් රියිස් ඇන්ඩ් කරි එකටම එන ව්‍යංජන ටික තමයි. සමහර ඒව මසාලා රසයෙන් අනූනයි. එතකොට මී කිරි දාලා හදපු ව්‍යංජන ටිකත් නියමෙටම තියෙනව. බාස්මතී හාලේ සුවඳ දැනෙද්දි කාටද නොකා ඉන්න පුලුවන්, නේ. ඒ වෙලාවට රු. 1000 මොන කජ්ජක්ද?

ඔය හැරුණාම හිල්ටන්, සිනමන් ග්‍රෑන්ඩ් වගේ හෝටල් වල තියෙන අවන්හල් වලත් පට්ට රසට හැදෙන රයිස් ඇන්ඩ් කරි තියෙනව. හැබැයි ඒව නම් සෑහෙන්නම ගණන්. රු. 1500නුත් එහා පැත්තෙ. ඒ නිසා ඒව ගැන වෙනම දවසක කියන්නම්. එතකන් මේ අවන්හල් වලින් බත්, ව්‍යංජන ටිකක් රස බලන්නකො. ඒ විතරක් නෙවෙයි අපිට මග හැරුණු තැන් තියෙනව නම් ඒවත් කමෙන්ට් කරන්න හොඳද.

Share on facebook
Share on twitter
Share on whatsapp

Highlights.

Latest.

KAMU.

Sri Lanka’s First Hotpot Conveyor Belt Launches at We Ai Family in Colombo

Colombo has just welcomed an exciting new culinary experience with the launch of Sri Lanka’s

Highlights Kamu Trending

A Vintage Affair at Sky Lounge

An Evening of Fine Wine and an Italian Touch The Kingsbury, Colombo, invites you to

Highlights Kamu Trending

Taste the World: 7 Cuisines in 7 Days

Are you craving a culinary adventure? 7 Cuisines in 7 Days is your ultimate guide

Highlights Kamu Trending

The Avenue, Colombo – Review

From the moment you walk in, the space offers a sense of comfort. Its simple

Highlights Kamu Trending

7 Fine Dining Restaurants You Must Try in Colombo

Sri Lanka’s culinary scene is rapidly evolving, blending its rich heritage with global gastronomic trends.

Highlights Kamu Trending

Tea Trails & Tastes: : Best Eats in Nuwara Eliya and Ella.

By Fathima Rukaiya, Let’s take a flavorful journey through the culinary landscapes of Ella and

Highlights Kamu Trending

Trending.

Churros at The Kingsbury Celebrates World Chocolate Day

The Kingsbury Colombo's beloved pâtisserie, Churros, marked World Chocolate Day in true decadence with an

Highlights Trending

Sri Lanka’s First Iris Photography Experience by Eye Craft

On June 29th, the iconic Virticle by Jetwing hosted the grand launch of Eye Craft,

Trending

Hilton Named Best Workplace in Sri Lanka

This milestone marks the first time the hospitality company is recognized as the top employer

Trending

Bello Beach Bar by Browns Hotels & Resorts Redefines Coastal Leisure on Sri Lanka’s East Coast

Pasikuda’s coastline, known for its calm waters and untouched beauty, welcomed a refreshing new addition

Trending

MasterChef Franchise Makes Landmark Debut in Sri Lanka with Star-Studded Launch

Global culinary hit commissioned in 71 territories following latest Banijay Rights dealRs 3 Million, a

Trending

Sri Lanka’s Most Acclaimed Japanese Restaurant, Nihonbashi, Celebrates 30 Years

Marking three decades of popularizing "Washoku" in Sri Lanka, Chef Dharshan Munidasa’s flagship restaurant celebrates

Trending

Yamu Guide.

A Curated List of 9 Japanese Restaurants in Sri Lanka

1.Salmon and Maki - Thalawathugoda Japanese Fusion Cuisine 11.00 AM - 10.30 PM (everyday) Visit:

Highlights Yamu Guide

Best Waterfalls in Sri Lanka (Including Hidden Gems)

By Fathima Rukaiya, There are many beautiful waterfalls in Sri Lanka, but are you unsure

Highlights Trending Yamu Guide

The 2025 High Tea Round-Up

Looking for the perfect place to enjoy a relaxing high tea? Whether you're into sweet

Highlights Yamu Guide

Father’s Day Gift Guide 2025

By Linara Wimalaweera Father's Day is an opportunity to acknowledge the dedication and influence of

Yamu Guide

Top Must-Try Restaurants in Ahangama for 2025

Ahangama, a charming surf town on Sri Lanka's southern coast, is becoming a popular spot

Highlights Yamu Guide

8 Gift Ideas to Celebrate Your Mom This Mother’s Day

Mother’s Day is a special time set aside to honor the amazing women who shape

Yamu Guide