සොඳුරු ගාන්ධර්වයෙකුගේ සිනමා මතක.

වාද්දුව, තල්පිටිය ගමේ පදිංචි වෙලා හිටි සයිමන් පෙරේරා මහත්මයට, තමන්ගේ බිරිඳ තවත් වරක් ගැබ් අරගෙන බව දැනගත්තම, තරමක චකිතයක් ඇති නොවුණාම නෙවෙයි. මොකද ඔහුගේත් ඇලන් නෝනාගේත් පවුලට එකතුවෙන්න යන දහතුන්වෙනි සාමාජිකයා තමයි මේ. දැනටත් එදිනෙදා වියදම ගැට ගහගන්නේ අමාරුවෙන් වුණත්, මේ යුවල හිත හදාගත්තේ “වැලේ ගෙඩි වැලට බර නැහැ” කියලා හිතලයි.

කේමදාස පෙරේරා (පසුකාලීනව ප්‍රේමසිරි කේමදාස) උපදින්නේ ඔන්න ඔය වගේ පවුල් පසුබිමක. ඔහුට අධ්‍යාපනයක් ලබා දෙන්න තරම් වත්කමක් හෝ ඕනෙකමක් කේමදාසගේ පවුලේ අයට තිබුණේ නැහැ. අඩු තරමේ, ඉස්කෝලේ යන වයසට ආවම කේමදාසව ඉස්කෝලෙට භාර දෙන්නවත් කෙනෙක් හිටියේ නැහැ. සය හැවිරිදි මේ කොලු පැටියා තනියෙන්ම ඉස්කෝලෙට ගිහින් භාර වුණේ ඒ නිසයි.

ගැටවර වියේදීම බටනලාවට ඇලුම් කරපු කේමදාස, කොළඹ – පානදුර රේල්ලුවෙත් ඒ වාදනයන් ඉදිරිපත් කළ බව බොහොමයක් දෙනා දන්නා කාරණයක්. ඉස්කෝලේ ජ්‍යෙෂ්ඨ සහතික පත්‍ර විභාගයට  මුහුණදුන්නු දවසෙම, ලංකා ගුවන් විදුලි සේවයේ සම්මුඛ පරීක්ෂණයටත් සහභාගී වුණු ඔහු, එයිනුත් සමත් වුණා. ප්‍රේමසිරි කේමදාස යන නම තුඩතුඩ රැඳෙන්නට පටන් ගත්තේ එයින් පසුවයි.

ශ්‍රී ලාංකේය සංගීතයට මහඟු දායාද රැසක් පරිත්‍යාග කළ එතුමාගේ නවවැනි ගුණ සමරුව යෙදෙන්නේ අද දවසේයි. මේ නිසාම, ඔහු තනු නිර්මාණය කළ, එදා වගේම අදටත් අපි බොහොම ආසාවෙන් රස විඳින සිනමාපට කිහිපයක් ගැන මතකය අවදි කරන්න, අපි කල්පනා කළා.

1. ගොළු හදවත

මතකද මේ සංගීත ඛණ්ඩය? අදටත් මේක ඇහෙද්දී, රූමත් අනුලා කරුණාතිලකයන්, කඩවසම් වික්‍රම බෝගොඩයන් රඟපෑ ඒ රූපරාමු  අපේ හිතේ මැවෙනවා.

ආදරය ගැන අංශු මාත්‍රයක්වත් නොදැන හිටි අපේ හුඟක් අයට, ඒ ගැන කියලා දුන්නු පළමුවෙනි පොත තමයි කරුණාසේන ජයලත් මහත්මයාගේ “ගොළු හදවත”. දම්මිගෙයි සුගත්ගෙයි මේ ආදර කතාව ජීවමාන කරන්න, 1969 අවුරුද්දේ තිරගත වුණු ගොළු හදවත චිත්‍රපටියට පුළුවන් වුණා.පාසල් ප්‍රේමයේ මිහිරියාව මේ තරම් හොඳින් පෙන්නුම් කරපු තවත් සිනමාපටයක් නැති තරම්. ප්‍රේමසිරි කේමදාස මහත්මයාගේ අද්විතීය සංගීතය, ඒ හැඟීම් වඩාත් හොඳින් අපේ මතකයට කා වැදෙන්න හේතුවක් වුණා.

2. නිධානය

නිධානයක් ගන්න දෙන බිල්ල විදියට තමන්ගේ බිරිඳව ඝාතනය කරන විලී අබේනායකගේ පාපොච්චාරණය දැක්වෙන නිධානය චිත්‍රපටය, 1972 වසරේ බිහිවුණු එකක්. ජී.බී සේනානායකයන් ලියපු කෙටි කතාවක් තමයි මේකට පදනම් වුණේ. ගාමිණි – මාලිනී යුග රංගනය, ලෙස්ටර් ජේම්ස් පීරිස් අධ්‍යක්ෂණය, කේමදාස සංගීත නිර්මාණය; මේ හැමදේම එකතු කරපු සිනමාපටයක් විදියට මේක හඳුන්වන්න පුළුවන්. නරඹන්නාගේ කුතුහලය අවුස්සමින්, හැම රූප රාමුවකටම ඔවුන්ව ආකර්ෂණය කරගන්න පුළුවන් විදියේ හැකියාවක් මෙහි සංගීතය තුළ ගැබ්වෙලා තිබුණා. 

3. අහස් ගව්ව

සමඟි පෙරමුණ ආණ්ඩු සමයේ දැකගන්න ලැබුණු, උගත් තරුණ පරපුරේ විරැකියාව ගැන පෙන්නුම් කරපු චිත්‍රපටියක් විදියට අහස් ගව්ව හඳුන්වන්න පුළුවන්. 1974 අවුරුද්දේ තමයි මේ සිනමාපටය තිරගත වුණේ. ප්‍රේමසිරි කේමදාසයන්ගේ අතින් හැඩවුණු මේකේ සංගීතය, එවන් තරුණ පරම්පරාවක සිතුම් පැතුම් අතරට යන්න ප්‍රේක්ෂකයාට අවස්ථාව ලබාදුන්නේ හරිම අපූරු විදියට.

4. බඹරු ඇවිත්

ආදරයේ ඔබ ඔබමයි
මා ඔබ නොව
ඔබ මා නොව
දවසක්දා…
හඳුනාගත්තොත් ඔබ මා

සුනිලා අබේසේක සහ ටී. එම් ජයරත්නයන් ගයන මේ ගීය ඇහෙද්දී අපට මැවිලා පේන්නේ වෙන කිසිම දෙයක් නෙවෙයි, පරක් තෙරක් නොපෙනෙන මුහුද දිහා බලන් ඉන්න සොඳුරු මාලනී ෆොන්සේකාවන්ගේ මුහුණ. ප්‍රේමසිරි කේමදාස මහත්මයාගේ ඒ උත්කෘෂ්ට සංගීත නිර්මාණය අඩුවක් නැතුවම රස විඳින්න පුළුවන් වුණු චිත්‍රපටයක් තමයි මේකත්. 1978 අවුරුද්දේ බිහිවුණු මේ සිනමාපටයේ චරිතවල හැඟීම් හොඳින්ම ඉස්මතු කරන්න, ඒ තනුවලට පුළුවන්කම ලැබුණා.

5. හංස විලක්

හෙමින් සැරේ පියා විදා – සුමුදු සයනේ සිනිඳු ඇතිරිල්ලෙන්
පලා ඇවිත් සිතුම් සියොතුන් – සුමුදු සයනේ සිනිඳු ඇතිරිල්ලෙන්

අසම්මත ආදරයේ පැතිකඩක් පෙන්වන “හංස විලක්”, කේමදාසයන්ගේ සංගීතයේ සුන්දරත්වය නිරූපණය කරන තවත්  චිත්‍රපටයක්. සුනිලා අබේසේකරයන් සහ ටී.එම් ජයරත්නයන් ගායනා කරන මේ ගීතය ඇහෙද්දී, අදටත් අපේ මතකය මේ සිනමාපටයේ රූපරාමු අතරට යන්නේ ඉබේටම. ධර්මසිරි බණ්ඩාරනායක, ස්වර්ණා මල්ලවාරච්චි, හෙන්රි ජයසේන, වසන්ති චතුරාණි වගේ රංගන ශිල්පීන්, ශිල්පිනියන් රැසක් මෙහි රඟපෑවා.

මේ චිත්‍රපටයේම එන “සඳුන් සිහින මණ්ඩපයේ" ගීතයත්, හරි අපූරු එකක්. නන්දා මාලිනියන්ගේ හඬට මුසු වුණු කේමදාසයන්ගේ සංගීතය, විවාහක කාන්තාවකගේ හිතේ නලියන නැවුම් ප්‍රේමය හොඳින්ම පිළිඹිබු කළා. 1980 අවුරුද්දේ තමයි “හංස විලක්" තිරගත වුණේ.

6. කලියුගය, යුගාන්තය

මහා ගත්කතුවර මාර්ටින් වික්‍රමසිංහයන්ගේ තුන් ඈදුතු නවකතා පෙළ චිත්‍රපටවලට නැංවුණේ 60 සහ 80 දශකවලදී. ඉන් දෙකකම සංගීතය නිර්මාණය කරන්න ප්‍රේමසිරි කේමදාසයන්ට හැකියාව ලැබුණේ, අපේ වාසනාවකට වෙන්න ඇති.

පවුලක හැදීම, විස්තාරණය වගේ දේවල් එක්ක, ඒ ඒ කාලවලදී සමාජය ඒවත් එක්ක ගැටෙන හැටි තමයි මේ කතාවේ තිබුණේ. කලියුගය, යුගාන්තය චිත්‍රපට දෙකේ තිබුණේ යුග දෙකක්. ඉතින් ඒ ඒ යුගයන්ට හරියන විදියට සංගීතයත් ගළපන්න, කේමදාසයන් සමත් වුණා.

7. රිදී නිම්නය

කරුණාසේන ජයලත් මහත්මයාගේ රිදී නිම්නය නවකතාව, චිත්‍රපටයකට නැඟුනේ 1982 අවුරුද්දේදී. අනාගත දේශපාලනය ගැන දැක්මක්, වර්තමාන දේශපාලනය වෙනස් වෙන්න ඕනේ විදිය ගැන පුංචි ඉඟියක් දුන්නු මේ චිත්‍රපටයේත් සංගීතය නිර්මාණය වුණේ ප්‍රේමසිරි කේමදාසයන් අතින්. සනත් ගුණතිලක, ස්වර්ණා මල්ලවාරච්චි, නදීකා ගුණසේකර වගේ රංගන ශිල්පීන්, ශිල්පිනියන් තමයි මේ චිත්‍රපටියේ චරිතවලට පණ පෙව්වා.

8. අග්නිදාහය

කාන්නු ගොයියක් කන්දේ ලාලා පන්ද ලාලුයි – කයිගොන් මීයක් කාලේ වේලා පාල වේලුයි
කාරෝ උයියක් කානේ හේලා පාන හේලුයි – කල්ලෝ බයියක් කටවරලා කීම ගේලුයි

වෙනස්ම විදියේ කතා ආරයක් ගත්ත “අග්නි දාහය" ප්‍රේක්ෂකයන්ට තිලිණ වුණේ 2002 අවුරුද්දේදී. සමන්ත පෙරේරා මහත්මයා ගායනා කරන මේ ගීතය අඩංගු වුණෙත් ඒ චිත්‍රපටයේමයි. ජන ගී තනුවල ආභාසය හරි අපූරුවට අරගෙන, මේ චිත්‍රපටයේ කතාවට ගළපන්න කේමදාසයන්ට හැකි වුණා. කමල් අද්දරආරච්චි, යශෝධා විමලධර්ම, ජැක්සන් ඇන්තනී වගේ බොහොමයක් රංගන ශිල්පීන්, ශිල්පිනියන් රැසක් මෙහි රඟපෑවා.

9. ගරිල්ලා මාකටින්

භින්නෝන්මාදයෙන් පෙළෙන තිසර, නගරයේ සංකර ගතිය උකහාගත්ත රංගි, චාම් බවේ ප්‍රතිමූර්තියක් වුණු සුරම්‍යා; මේ “ගරිල්ලා මාකටින්” චිත්‍රපටියෙන් මුණගැහුණු චරිත කීපයක්. දේශපාලන කතිකාවතක් එක්ක ගැටුණු මේ වගේ චරිතවල කතාන්දරය තමයි මේ සිනමාපටයේ තිබුණේ. සංගීතා වීරරත්න, කමල් අද්දරආරච්චි, යශෝධා විමලධර්ම, සහ ජැක්සන් ඇන්තනී ප්‍රධාන චරිත රඟපෑ මේ සිනමාපටය තිරගත වුණේ 2005දී.

මේකට සංගීත නිර්මාණය කරද්දී නිරෝගීව හිටියත්, අවාසනාවකට වගේ ඒක තිරගත වෙද්දී කේමදාස මාස්ටර් හිටියේ එතරම් සනීපයකින් නෙවෙයි. ඒ වකුගඩු රෝගයක් නිසා ශල්‍යකර්මයකට මුහුණ දෙන්න වුණු නිසාවෙන්.

10. අම්මාවරුනේ

මේ ලෙස්ටර් ජේම්ස් පීරිස් මහත්මයාගේ අන්තිම චිත්‍රපට නිර්මාණයයි. දරුවන් තුන්දෙනෙක්ව මේ ලෝකෙට ජාතක කරපු වැන්දඹු අම්මා කෙනෙක්ගේ කතාව මේ සිනමාපටයෙන් පෙන්නුම් කෙරුණා. මේ කතාවේ තියෙන සංවේදී බව හොඳින්ම විදහා දක්වන්න, කේමදාස මහත්මයාගේ සංගීතයට හැකිවුණු බව නොකියාම බැහැ.

අපි මේ සඳහන් කළේ, ප්‍රේමසිරි කේමදාසයන් තනු නිර්මාණය කරපු චිත්‍රපටි අතරින් අතලොස්සක් විතරයි. දේශීය විදේශීය චිත්‍රපටි ගණනාවක් වගේම, ටෙලි නාට්‍ය, වේදිකා නාට්‍ය ගණනාවකම සංගීතය එතුමා අතින් නිර්මාණය වුණා. ඒ විතරක් නෙවෙයි, එතුමා නිර්මාණය කරපු අග්නි ඔපෙරාව, ලංකාවේ සංගීතයට පෙරළපු අලුත් පිටුවක්. බටහිර, පෙරදිග, වගේම ජන සංගීතයත් එකට කැටි කරපු මේ ඔපෙරාව එතුමාගේ අසමසම සංගීතඥානයේ ප්‍රතිඵලයක්.

සරලවම කිව්වොත්, කේමදාස මාස්ටර් කියන්නේ තමන් විසින්ම ගොඩ නැඟුණු කෙනෙක්. කිසිම සංගීත පසුබිමක් නැතිව, කිසිම මග පෙන්වීමක් නැතිව තමන්ටම ආවේණික වුණු ශෛලියක් නිර්මාණය කරගන්න තරම් ඔහු දක්ෂයෙකු වුණා. අදටත් සංගීත ඛණ්ඩයක් ඇහෙද්දී, ඒක කේමදාසයන්ගේ බව අඳුනාගන්න අපට අමුතුවෙන් අටුවා ටීකා අවශ්‍ය වෙන්නේ නැහැ. නදීක ගුරුගේ, ඉන්දිකා උපමාලි වගේ සංගීතඥයින් එතුමාගෙන් ගුරුහරුකම් ලැබූ අයයි.

සංගීත ක්ෂේත්‍රයේ ශ්‍රී ලාංකේය සලකුණ බඳු වූ ඔහු, අපෙන් සමු ගත්තේ 2008 අවුරුද්දේ අද වගේ දවසක. ඉදින් මේ අලුත් කළ මතකය, සංගීතය වෙනුවෙන් එතුමා කළ අද්විතීය මෙහෙවර වෙනුවෙන් පිදෙන උපහාරයක් ම වේවා!

Image Credits : srilankamirror.com, vod.lkdailynews.lkpremasirikhemadasa.comsarasaviya.lk
Share on facebook
Share on twitter
Share on whatsapp

Highlights.

Latest.

KAMU.

Welcoming the Year of the Horse at Yue Chuan, The Kingsbury

Yue Chuan, the award-winning Chinese restaurant at The Kingsbury, Colombo, invites guests to usher in the

Highlights Kamu

Soho Hospitality Charts First Expansion into South Asia with Charcoal’s Colombo Debut

Bangkok-based international hospitality group selects Sri Lanka for its game- changing dining brand Charcoal Tandoor

Highlights Kamu

Brunch at ITC Ratnadipa – Review

By Ranugi Thihansa If you’re looking for a Sunday brunch that brings together incredible food,

Highlights Kamu Yamu Guide

Harpo’s Pizza and Pasta: Review

We dropped by Harpo’s Pizza and Pasta the other day, and it turns out it’s

Highlights Kamu

The Fort Café by Tasty Caterers – Review

By Linara Wimalaweera The Fort Café by Tasty Caterers offers a refreshing escape from the

Highlights Kamu Yamu Guide

Nihonbashi by Dharshan – Review

Written by Linara Wimalaweera When it comes to Japanese fine dining in Colombo, few names

Highlights Kamu

Trending.

Here are the must visit Iftar spots for 2026

Ramadan 2026 brings with it a beautiful season of reflection, gratitude, and shared meals. Across

Highlights Trending Yamu Guide

Valentine’s Celebrations Unfolded at NH Collection Colombo

Valentine’s celebrations at NH Collection Colombo concluded on a high note, with guests enjoying an

Highlights Trending

Newburgh Ella: Where Sri Lanka’s Tea Heritage Rises Above the Clouds

A Tea Factory Reimagined High above the emerald hills of Ella, where mist drifts lazily

Highlights Trending

ITC Ratnadipa Presents ‘An Italian Affair’ in Partnership with the Italian Embassy, Sri Lanka

ITC Ratnadipa, Colombo in collaboration with the Embassy of Italy in Sri Lanka will host

Trending

Browns Hotels & Resorts Unwraps the Festive Season with Joyful Cake Mixing Celebrations

Browns Hotels & Resorts officially unwrapped the festive story for 2025 with grand cake mixing

Trending

The Best Cities for Food in the World — Readers’ Choice Awards 2025

By Fathima Rukaiya, As travel and dining experiences evolve, food-savvy travelers are looking beyond just

Trending Yamu Guide

Yamu Guide.

Here are the must visit Iftar spots for 2026

Ramadan 2026 brings with it a beautiful season of reflection, gratitude, and shared meals. Across

Highlights Trending Yamu Guide

IFTAR BUFFET LIST – 2026

With Ramadan 2026 now underway, families and friends are gathering in prayer, reflection, and devotion

Highlights Yamu Guide

Break Fast by the Lake: A Meaningful Ramadan at Cinnamon Lakeside Colombo

Colombo, Sri Lanka, 23rd February 2026 - This Ramadan, Cinnamon Lakeside Colombo invites guests to embrace the spirit

Highlights Yamu Guide

A Beautiful Beginning to Ramadan : Iftar at Cinnamon Grand Colombo

Colombo, Sri Lanka – 23rd February 2026 – This Ramadan, Cinnamon Grand Colombo welcomes guests to gather in reflection and

Highlights Yamu Guide

Velvet Splash, Valentine’s Day pool party

If candlelit dinners aren’t your thing this Valentine’s Day, Ravana Pool Club in Ella has

Yamu Guide

ROSES & ROMANCE – VALENTINE’S AT ITC RATNADIPA

WHEN THE CITY FALLS IN LOVE 1.INDIAN OCEAN PAVILION - Valentine's Dinner Buffet Price: LKR

Highlights Yamu Guide