නිලියක් වන්නට කවදාවත් නොපැතූ ලාංකීය සිනමාවේ රන් ගැහැණිය: ස්වර්ණා.

අපේ රටේ සිනමාවේ අග්‍රගණ්‍ය නිළියක් බිහිකිරීමේ භාග්‍යය සිරි ගුණසිංහයන්ට ලැබෙන්නෙ අහඹු විදියට. සත් සමුදුර චිත්‍රපටියට නළු නිළියන් තෝරාගන්න කැඳවීම් කළාම, ඒකට ආපු එක ගෑනු ළමයෙක් දැකල, කැමරාකරණය කරපු ඩි.බී නිහාල්සිංහයන්ට හිතුණලු නැව් දහසක් පිටත් කරන්න පුළුවන් නහයක් ඒ ළමයට තියෙනවා කියල. අර ග්‍රීක දේව කතාවල සුරූපී ට්‍රෝයි හි හෙලන් වගේ. ඉන්ටවීව් පැනල් එක ඇහුවම ඇයි තාම ඉස්කෝලේ යන එකේ මේ රඟපාන්න ආවේ කියල, ඒ ගෑනු ළමය කිව්වලු ආවේ රඟපාන්න නෙමෙයි, තමන්ගේ ප්‍රියතම ලේඛකයෙක් වුණ සිරි ගුණසිංහයන් හම්බවෙන්න ආවේ කියල. අන්න එහෙම තමයි ගෙදරට හොරා, යාලුවෙක්ගෙන් සාරියක් ඉල්ලගෙන, උණ හදාගෙන, තම සිනමා ගමනට මුල් අඩිය ස්වර්ණා මල්ලවාරච්චි තියන්නේ.

මල් වෙනුවට පොල්ලක්, ස්වර්ණා

මේ ස්වර්ණා ගේ ස්වර්ණමය අවධියය. සත් සමුදුරෙන් පටන්ගත්ත ඇය දැන් සිංහල  සිනමාවේ අඩ සියවසක් සම්පුර්ණ කරනවා. ඇගේ ප්‍රතිභාව තවත් ඔප්නැංවෙන්නේ ඇය මෙතරම් සලකුණක් තබන්නේ වාණිජ සිනමාවට අත නොතියාම වගේ. ඇය නටන අවස්ථාවක් දකින්න පුළුවන් වෙන්නෙ අංජානා චිත්‍රපටයේ පමණයි. මල් ගස් වටේ රවුම්ගහනවා වෙනුවට ඇය දඩයම චිත්‍රපටියේ කාර් එකකට පොල්ලකින් දමල ගහනවා. ලංකාවේ ‘හොඳම නිළි’ සම්මානය වැඩිම වතාවක් දිනාගෙන ඇත්තේද ඇයයි. 

අසහාය අධ්‍යක්ෂක ලෙස්ටර් ජේම්ස් පීරිස් පැවසුවේ ශක්තිමත් චරිත අඩු, මල් ගස්වලින් හැදුණු සිමා පමණක් බිඳින ලාංකීය සිනමාවේ කාන්තා නියෝජනය අතරේ ස්වර්ණා එසේ නොකර, බුරුසු පහරින් පහර සියුම්ව සිත්තමක් අඳින්නා සේ, සියුම්ව ශක්තිමත් කාන්තා චරිත නිරුපණය කළ බවයි. 

‘ස්වර්ණ’මය මතකයක ඇරඹුම

ඇය සත් සමුදුරට පය තැබීමෙන් පසු අනර්ඝ සිනමාපට රැසකට දායක වුණා. ඒ නිම් වළල්ල, තුං මං හන්දිය, අහස් ගව්ව වගේ. හැබැයි ඒ කාලෙන් හුඟක්ම මතකහිටින රංගනයක් වෙන්න ඇත්තේ ඇය හන්තානේ කතාවේ කළ රංගනයයි. ඒ චිත්‍රපටයේ අධ්‍යක්ෂ සුගතපාල සෙනරත් යාපා පසු කාලෙක පවසලා තිබුණා ඒ චරිතයෙන් පේන්න ඕනේ හිතේ ආතතිය, වියවුල දැක්වීමට My Fair Lady චිත්‍රපටියේ ඔඩ්රි හෙප්බර්න්ගේ රඟපෑම අධ්‍යයනය කරන්න ස්වර්ණාට කිව්වා කියලත් ඒ චරිතයට අනර්ඝ ලෙස පණ දුන්නා කියලත්.

දෙවැනි ගමන

මේ බටහිර චිත්‍රපටිවලින් පාඩම් ඉගෙනගන්න එක ඇය උනන්දුවෙන් කරපු දෙයක්. ඇය ලංකාවෙන් බැහැර වෙලා කලක් එංගලන්තයේ කල් ගතකරනවා. ඒ කාලේ ඇය බටහිර චිත්‍රපටි උනන්දුවෙන් අධ්‍යයනය කරනවා. පාසලකට වඩා තම රසාස්වාදයට අනුව සාහිත්‍යය, සංගීතය, චිත්‍රපටි රසවිඳ අධ්‍යයනය කර ඉගෙන ගන්නවා. එහෙම වෙලා ආයි ලංකාවට එන්නෙ 1977දි සිංහබාහු චිත්‍රපටයේ රඟපෑමක් කරන්න. ආපහු එනකොට කර්මාන්තය වෙනස් වෙලා, අලුත් තරු නැගී ඇවිල්ල. ඉතින් ඇයට වෙනවා සහය චරිත කිහිපයක් රඟපාන්න; බිත්ති හතර, යහළු යෙහෙළි, සංඛපාලි සහ අංජානා. මේවාට ඇයට සම්මාන රැසක් ලැබෙනවා.

එයින් පසු ඇයට ලැබෙන්නෙ අදටත් ඉහළින් සැලකෙන ධර්මසිරි බන්ඩාරනායකයන්ගේ හංස විලක් චිත්‍රපටයයි. අසම්මතය නිසා සමාජයේ විවිධ තැන් අතර දෝලනය වෙන සංකීර්ණ චරිතයක් ඇය සාර්ථකව රඟදැක්වුවා. හංස විලෙන් පසුව ඇය දඩයම චිත්‍රපටියේ රන්මලී ලෙස ලංකාවම මවිත කළා. ඉන් පසුව සාගර ජලය, අනන්ත රාත්‍රිය, බව දුක, බව කර්ම වැනි චිත්‍රපටවල සුපිරි රංගන දක්වා, අසෝක හඳගමගේ චන්ද කින්නරී චිත්‍රපටියෙන් පසු ඇය නැවතත් තම සිනමා ගමනට කොමාවක් තියනවා. ඒ සෞඛ්‍ය ප්‍රශ්න නිසා. නමුත් ඇය ඒ කාලය තුළත් කාර්යබහුලව සිටියා. ඇය ව්‍යාපාරවලට අත ගැහුවා, විවිධ සුබසාධන කටයුතුවල නියත වුණා, විවිධ සිනමා උළෙල් හි ජූරිවලට ලාංකීය නියෝජනයක් එක් කළා.

50කට පස්සෙත්, ස්වර්ණා අපේ ඇස අග

නමුත් දැන් ඇගේ අවසන් රංගනයෙන් දශක දෙකකට පසුව, ඇගේ ස්වර්ණමය වසරේ නැවතත් හඳගම චිත්‍රපටියකින් ඇය රසිකයින් වෙතට එනවා. ඇගේ ඇස අග චිත්‍රපටයෙත් ඇගේ පෙර චිත්‍රපට මෙන් සංකීර්ණ සැබෑ ගැහැනියකගේ චරිතයක් පෙන්වනවා. චිත්‍රපටි රසිකයෙක් නං, ඒක අනිවාර්යයෙන් නැරඹිය යුතුයි.

ඒ වගේම නරඹන්නම ඕනේ, මග නොහැරිය යුතු අවස්ථාවක් ජාතික චිත්‍රපටි සංස්ථාව උදාකරදීලා තියෙනවා. ඒ “ස්වර්ණා ය: සිනමාවේ ගැහැනිය" නම් වූ ස්වර්ණා මල්ලවාරච්චි සිනමාභිමාන චිත්‍රපටි උළෙලයි. නොමිලේ ඇතුළුවීම. පුළුවන් කෙනෙක් ගිහිං බලන්න. මෙහෙම චාන්ස් එකක් ආයි කවද එයිද දන්නේ නෑ.

Share on facebook
Share on twitter
Share on whatsapp

Highlights.

Latest.

KAMU.

Harpo’s Pizza and Pasta: Review

We dropped by Harpo’s Pizza and Pasta the other day, and it turns out it’s

Highlights Kamu

The Fort Café by Tasty Caterers – Review

By Linara Wimalaweera The Fort Café by Tasty Caterers offers a refreshing escape from the

Highlights Kamu Yamu Guide

Nihonbashi by Dharshan – Review

Written by Linara Wimalaweera When it comes to Japanese fine dining in Colombo, few names

Highlights Kamu

Yoroko at Cinnamon Life: An Unforgettable Sky-High Japanese Experience

Our visit to Yoroko was one for the books — and your bucket list. It’s

Highlights Kamu

The Chinwag- Review

By Sharon Nonis Chinwag has always been a crowd favorite, and now with their new

Highlights Kamu

A Review of The Commons Coffee House’s New Offerings

The Commons Coffee House, located on Flower Road in Colombo 7, has been around for

Highlights Kamu

Trending.

Browns Hotels & Resorts Unwraps the Festive Season with Joyful Cake Mixing Celebrations

Browns Hotels & Resorts officially unwrapped the festive story for 2025 with grand cake mixing

Trending

The Best Cities for Food in the World — Readers’ Choice Awards 2025

By Fathima Rukaiya, As travel and dining experiences evolve, food-savvy travelers are looking beyond just

Trending Yamu Guide

ITC Ratnadipa Celebrates the Spirit of the Season with its 2nd Annual Cake Mixing Ceremony

ITC Ratnadipa, the jewel in Colombo’s skyline, heralded the start of the festive season with

Trending

The Kingsbury, Colombo, Crowned Sri Lanka’s Leading Hotel 2025 at World Travel Awards

The Kingsbury, Colombo, is honoured to have been awarded Sri Lanka’s Leading Hotel 2025 at

Trending

8 Thai Restaurants to try in Sri Lanka

You can ask around – but it’s rare to find someone who doesn’t love Thai

Highlights Trending Yamu Guide

Radisson Hotels in Sri Lanka Earn Safehotels Premium Certification

Radisson Blu Resort Galle, Radisson Hotel Colombo, and Radisson Hotel Kandy have proudly earned the

Trending

Yamu Guide.

Top Affordable Countries in Asia : Budget Destinations 

Sitting at your office desk wishing you’d have a little getaway for yourself - but

Highlights Yamu Guide

Baked with Love – Meet 9 of Sri Lanka’s sweetest home bakers

There’s something undeniably magical about home-bakes that café and bakery chains just cannot get right.

Highlights Yamu Guide

The Best Cities for Food in the World — Readers’ Choice Awards 2025

By Fathima Rukaiya, As travel and dining experiences evolve, food-savvy travelers are looking beyond just

Trending Yamu Guide

The Fort Café by Tasty Caterers – Review

By Linara Wimalaweera The Fort Café by Tasty Caterers offers a refreshing escape from the

Highlights Kamu Yamu Guide

9 Unique Wedding Venues in Sri Lanka

Say “Yes” differently - beyond the ballroom.  It’s 2025 and nowadays potential brides and grooms

Highlights Yamu Guide

8 Thai Restaurants to try in Sri Lanka

You can ask around – but it’s rare to find someone who doesn’t love Thai

Highlights Trending Yamu Guide