ගමට නමක් හැදුණු හැටි.

ඉස්සර ගමේ ගොඩේ ගෙවල්වලට හරි අපූරු නම් තිබුණා. දෙහි තියෙන ගෙදර දෙහි ගෙදර; රේන්ද මහන ගෙදර රේන්ද ගෙදර; හේනේ මාමගේ ගෙදර හේනේ ගෙදර; උඩහ ගෙදර, පහළ ගෙදර, කන්දෙ ගෙදර, වෙලේ ගෙදර, මල් ගෙදර, ඉඳිආප්ප ගෙදර ; ඔය වගේ නා නා ප්‍රකාර නම්. මේ හැම නමට මුල් වුණේ, ඒ ඒ ගෙදර තියෙන මොකක් හරි විශේෂත්වයක්.

ගම්වලට නම් හැදුණෙත් ඔයිට සමාන විදියට. භූමි ලක්ෂණ, ගස් වල්, සත්තු සීපාවන් වගේ නොයෙකුත් දේවල් මුල් කරගෙන තමයි මේ ගම්වලට ඒ නම් පට බැඳුණේ. ඉතින් ඒ වගේ පසුබිම් කතා කිහිපයක් ගැන කතා කරන්නයි මේ සූදානම.

1. නුගේගොඩ

මහින්ද කුමාර දළුපොත මහත්මයාගේ “මේ ගමට නම හැදුනු හැටි” පොතේ සඳහන් වෙන විදියට නම්, නුගේගොඩ නගරයට නම හැදිලා තියෙන්නේ මෙහේ තිබුණු ලොකු නුග ගහක් නිසයි.

කෝට්ටේ කිට්ටුව පිහිටලා තියෙන නුගේගොඩ ඒ කාලේ වගුරු බිමක්. දැනටත් දියවන්නාව, නුගේගොඩ ආශ්‍රිතව තැනින් තැන පිහිටලා තියෙන වගුරු බිම්, මේ කතාවට සාක්කි සපයන හොඳම උදාහරණයක්. ඒ කාලේ මේ පැත්තේ තිබුණු දිය පාරක් අද්දර තමයි අර කලින් කියපු විසාල නුග ගහ තිබිලා තියෙන්නේ. ඉතින් ඒ දිය පාර තරණය කරන්න මිනිස්සු පාවිච්චි කරලා තියෙන්නෙත් මේ නුග ගහේ පහළට එල්ලිලා වැටෙන නුග මුල් ලු. නුග ගහෙන් එගොඩ වෙලා යන්න පුරුදු වුණු මිනිසුන් නිසා, කාලයක් යද්දී මේක “නුගෙන් එගොඩ” බවට පත්වෙලා තියෙනවා. නුගෙන් එගොඩ, පස්සේ කාලෙකදී “නුගේගොඩ” බවට පෙරළුණු බව තමයි කියැවෙන්නේ.

2. කොල්ලුපිටිය

අපි දැන් කොල්ලුපිටිය කියලා හඳුන්වන ප්‍රදේශය, ඉස්සර හැඳින්වුණේ බරන්දෙණිය කියලා. දැන් තියෙන කෑ කෝ ගාගත්ත, ජනාකීර්ණ ගතිය වෙනුවට ඒ දවස්වල තිබුණේ පොල්වතු, කුරුඳු ගස් එහෙම සරුවට හැදුණු නිස්කලංක පරිසරයක්.

ඕලන්ද පාලන කාලයේදී අඹන්වෙල අප්පුහාමි නමින් හැඳින්වෙන උඩරැටියෙක්, මේ ප්‍රදේශයේ ලොකු පොල් වත්තක් වගා කරන්න පටන්ගත්ත. ලන්දේසින්ට කත් ඇද්ද මේ මනුස්සයා, ඒ හයියත් අරගෙන බරන්දෙණියේ මුල් පදිංචිකාරයන්ගේ වතු පිටිත් කොල්ලකමින් තමයි මේ පොල් වගාව කරගෙන ගියේ. අසාධාරණයට පත්වුණු ඒ ජනතාව, ඔවුන්ගේ “පිටිය කොල්ල කෑ” බව කියමින් ඊට විරෝධය පළ කළා. ඉතින් “කොල්ල කෑ පිටිය”, කොල්ලුපිටිය වුණු බව තමයි ජනප්‍රවාදයේ සඳහන් වෙන්නේ.

3. ගාල්ල

ගාල්ල නගරය අද ලංකාවේ තියෙන ප්‍රධානම සංචාරක පුරවරයන් අතුරින් එකක්. අතීතයේදී පවා වෙළඳ, සංචාරක අංශවලින් ගාල්ලට තිබුණු ජනප්‍රියතාවය, ඉබන් බතූතා, වස්කෝ ද ගාමා වගේ දේශාටකයන්ගේ වාර්තාවලිනුත් පෙන්නුම් කරනවා. ඉස්සර කාලේ වෙලදාම් වැඩවලට වැඩිපුරම පාවිච්චි වුණේ ගොන් කරත්තනේ. ඒ වගේ කරත්ත ගාල් කරලා තියපු ප්‍රදේශය “ගාල” වූ බවටත්, පසු කාලීනව “ගාල්ල” බවටත් පෙරළුණු බවට මතයක් ජනප්‍රවාදයේ තියෙනවා.

4. කොළඹ

කොළඹ නගරයේ නම හැදුණු විදිය ගැන අර්ථ විවරණ කීපයක් තියෙනවා. රාජාවලියේ කොළඹ ගැන සඳහන් වෙන්නේ “කලන්තොට” විදියට. ඉතින් “කලන්තොට”, පස්සේ කාලෙකදී “කොළඹ” වුණු බව ඉතිහාසය සඳහන් කරනවා.

1344දී කොළඹ ආශ්‍රිතව සංචාරය කරපු ඉබන් බතූතා ඒ ප්‍රදේශය ගැන සඳහන් කරන්නේ “කලම්පු” නමින්. කොළඹ කියන්නේ මෙයින් නිර්මාණය වුණු පදයක් විදියටත් සමහර තැනක අර්ථකථනය වෙනවා.

මීට අමතරව, පෘතුග්‍රීසි දේශාටකයෙක් වුණු කොලොම්බස්ගේ නම ඈඳලා කොළඹ නගරයට ඒ නම වැටුණාය කියලත් විශ්වාසයක් තියෙනවා. මොකද පෘතුග්‍රීසි ලේඛන ගොඩක්  කොළඹ ගැන සඳහන් වෙන්නේ Kolahamba, Kolomba වගේ පදවලින්. සමහර ඉතිහාසඥයන් කියන්නේ තමන්ගේ දේශයෙන්ම ආ කොලොම්බස්ට ගෞරවයක් වීම සඳහා, කොළඹට ඒ නම දුන්නු බවයි.

5. මාතර

Source : ceylontouradvisor.com

මාතර නගරයට නම හැදුණු විදි කිහිපයක්ම ගැන ඉතිහාසය සාක්කි දරනවා. දෙවැනි පරාක්‍රමබාහු රජතුමාගේ සෙල්ලිපිවල සඳහන් වෙන විදියට, මහාතීර්ථය නම් වෙළඳ මධ්‍යස්ථානයක් දෙවි නුවර කිට්ටුව තිබිලා තියෙනවා.

නිල්වලා ගඟ ගලා බසින්නේ මාතර නගරය මැදින්. එයින් එතෙර වෙන්න තිබුණු විශාල තොට යන්න අර්ථවත් කරන්න දාපු නම “මහ තොට” විදියටත්, මාතර යන්න එකෙන් නිර්මාණය වුණු නමක් බවත් ඇතැම් අය විශ්වාස කරනවා.

පෘතුග්‍රීසි ජාතික කිව්රෝස් පූජකයාණන් කියලා තියෙන විදියට නම්,  අද අපි කියන මේ මාතර විශාල බලකොටුවක්. ඒ නිසා “මාලා තොට” විදියට මේක හඳුන්වපු බවත්, පසුව ඒක “මාතර” වුණු බවත් ජනප්‍රවාදයේ කියනවා.

6. වත්තල

මේ නම හැදුණු විදි දෙකක් ගැන, අපේ ජනප්‍රවාදයේ කියැවෙනවා. එකක් තමයි “වත්හල” යන වචනයෙන් වත්තල කියන නම හැදුණු බව. ඉස්සර තිබුණු ඇඳුම් කර්මාන්තශාලාවක් නිසා, මේ නම ඊට පටබැඳුණා ලු. “වත්” යන්නෙන් වස්ත්‍ර ද, “හල” යන්නෙන් ශාලාව ද අර්ථවත් වෙනවා.

කේ. ජයතිලක මහත්මයා කියන විදියට නම්, තිසර සංදේශයේ “වස්තු ශාලාව” විදියට සඳහන් කරලා තියෙන්නේ වත්තල ගැන ලු. වස්තු ශාලාව, “වත්හල” වූ බවත්, පස්සේ කාලේදී ඒක වත්තල වුණු බවත් තමයි ඔහුගේ මතය.

7. කොග්ගල

කොග්ගල  කියද්දී අපට මතක් වෙන්නේ උපාලිවයි, ජින්නාවයි. ඒ මාර්ටින් වික්‍රමසිංහයන් “මඩොල් දූව” පොතෙන්  අපට එකතු කරපු මතකයන් නිසායි. කොග්ගලට නම හැදුණු විදියත් ඒ වගේම හරි අපූරු කතාවක්.

කොග්ගල කියන්නේ කලපුවක් වග ඔයාලා දන්නවා ඇති. කඩොල් ගහණ පරිසරයක් වගේම, කොක්කුත් මේ හරියේ හොඳ හැටියට ඉන්නවා. ඉතින් මේ කොග්ගල ජලාශය මැද්දේ තියෙන ගල් පර්වතවල තමයි මේ කොක්කු ලැගලා ඉන්නෙත්. “කොකුන් ලැග ගත් ගල” යන තේරුම දෙන්න එය “කොක්ගල” වූ බවත්, ඊටපස්සේ ඒක කොග්ගල වුණු බවටත්, බොහෝ දෙනාගේ මතයක් තියෙනවා.

8. යක්දෙස්සාගල

Source : serendib.btoptions.lk

ඇතෙක්ගේ හැඩේ ගත්ත ඇතාගල, කුරුණෑගල තියෙන බොහොම ප්‍රසිද්ධ පර්වතයක්. මීට තරමක් එහායින් තියෙන යක්දෙස්සාගල, ලංකාවේ ඈත ඉතිහාසයේ කොටසක් හංගාගෙන ඉන්න තැනක්.

ලංකාවේ පළමුවෙනි රජතුමා විදියට හැඳින්වෙන්නේ “විජය” රජතුමායි. ඔහු මුලින්ම විවාහ කරගත්තේ කුවේණි නම් යක්ෂ ගෝත්‍රයට අයත් කාන්තාවක්. නමුත් තමන්ගේ රාජ්‍ය බලය තහවුරු කරගත්තට පස්සේ, ඉන්දියාවෙන් එන වෙනත් කුමරියක්ව කසාද බැඳගන්න විජය රජතුමා, කුවේණිවත් ඔවුන්ගේ දරුවන් දෙන්නාවත් මාලිගාවෙන් පළවා හරිනවා.

තමන්ට වුණු අසාධාරණය ගැන විජය රජතුමාට දෙස් දෙවොල් තියන්න, කුවේණිය පාවිච්චි කලේ අපි අද “යක්දෙස්සාගල” නමින් හඳුන්වන පර්වතයයි. “යක්ෂ ගෝත්‍රික කතක් දෙස් දෙවොල් තැබූ ගල”, මේ විදියට “යක්දෙස්සාගල” වුණු බවට මතයක් තියෙනවා.

9. ඔලුවාවත්ත

Source : tripmondo.com

මහනුවර, පහත හේවාහැට පැත්තේ පිහිටලා තියෙන ඔලුවාවත්ත ගමේ නම පිටිපස්සේ තියෙන කතාව මෙන්න මේ වගේ එකක්.

දුටුගැමුණු රජතුමාගේ දසමහ යෝධ බල ඇණියේ ඉඳපු යෝධයෙක් තමයි ගෝඨයිම්බර. රිටිගල ජයසේන හා ගෝඨයිම්බර යෝධයා අතර ඇතිවුණු ගැටුමකදී, තමන්ගේ අසමසම ශක්තියම පාවිච්චි කරපු ගෝඨයිම්බර යෝධයා, රිටිගල ජයසේනගේ ඔළු ගෙඩියට හොඳවැයින් පයින් පාරක් දුන්නා. කඳෙන් වෙන් වුණු ජයසේනගේ හිස පතිත වුණේ මීට ගවු දෙකක් විතර එහායින් තියෙන ගල් තලාවක් උඩට. “ඔළුව ආ වත්ත” කියන පද පෙළේ තේරුම ඇතිව මේ ප්‍රදේශය “ඔලුවාවත්ත” වුණු බව තමයි බොහොමයක් දෙනා පවසන්නේ.

ඉතින් ඔයාලාගේ ගමට නම් හැදුණේ කොහොමද? කමෙන්ට් එකක් දාලා අපටත් කියන්නකෝ.

Share on facebook
Share on twitter
Share on whatsapp

Highlights.

Latest.

KAMU.

Full’R Burgers is Flipping into Maharagama

by Vimasha Vishvadari If you're on the lookout for the ideal burger spot in the

Kamu

Yi Jing Unveiled: Sri Lanka’s Top Chinese Dining at ITC Ratnadipa Blends Tradition with Modern Flair

By Poornima Bandara Yi Jing Unveiled: Sri Lanka’s Premier Chinese Dining Experience at ITC Ratnadipa

Highlights Kamu

Seafood Watti Rice: A Flavorful Feast from Fathi’s Spice Attic

Watti Rice is a delightful Sri Lankan dish that combines various meats, such as seafood

Highlights Kamu

Shahi Mughal Dastarkhwan — An aromatic journey to the Mughal Era 

By Shamrina Carim From the Royal Kitchens of the Mughal Empire Chef Asif Qureshi, a

Highlights Kamu

Full’R Burgers Crowns Champion in Epic Gojira vs. Kong Burger Challenge

https://www.tiktok.com/@yamusrilanka/video/7371362033113107728 One of Sri Lanka's favorite burger joint, Full'R Burgers, recently concluded its highly anticipated

Kamu

Indulge in the North Indian themed ‘Delhi Bound’ at Harbour Court, The Kingsbury.

Ambience This restaurant offers a sophisticated yet warm ambience, with soft lighting. The bright colored

Highlights Kamu

Trending.

Paneer & Wine Pairing Sit Down Dinner

Elevating your dining experience at Alhambra Serving 50 years of exquisite North Indian Moghul Cuisine,

Trending

Yaki Maki & Bento at Tenku, Colombo’s Premier Japanese Restaurant

Embark on a celebration of Japanese culinary tradition at Tenku, renowned for its meticulous craftsmanship

Trending

DINIDU: Revolutionising Luxury Jewellery with a New Digital Experience 

DINIDU stands at the forefront of the luxury jewellery space, captivating audiences worldwide through dynamic

Highlights Trending

Stand-Up Music: A Fresh Entertainment Experience Coming to The Traveling Bruncher

In a city renowned for its vibrant arts and culture scene, a new show is

Trending

MAC Cosmetics Debuts Flagship Store In Sri Lanka With Exclusive Lines

MAC lovers rejoice as Exclusive Lines proudly announces the arrival of the world's leading professional

Trending

Yamu Guide.

10 Places To Celebrate Father’s Day 2024

By Fathima Rukaiya, Father’s Day is a special occasion dedicated to honoring fathers and celebrating

Highlights Yamu Guide

Top 10 Places to Work or Study in Colombo in 2024

By Fathima Rukaiya Hey there! Feeling the walls closing in at home while you work

Highlights Yamu Guide

Celebrate Mother’s Day with Shirohana

by Fathima Rukaiya, Mother's Day, a special occasion to honor mothers and motherhood, is celebrated

Highlights Yamu Guide

Steak Bar: A Grand Sunday Brunch at Kingsbury, Colombo

Written by Shamrina C Welcome to the ultimate brunch experience! Nestled in the heart of

Highlights Kamu Yamu Guide

9 Special Valentine’s Day Gift Ideas for Him

By Fathima Rukaiya Are you trying to find the perfect way to show your special

Highlights Yamu Guide

9 Special Valentine’s Day Gift Ideas for Her

Written by Fathima Rukaiya The season of love is upon us once more, and opinions

Highlights Yamu Guide