ගෙදර ආදරේ මුසුවුණු, අපේ උදේ කෑම.

"මට රෝල් එකකුයි, පැටිස් එකකුයි දෙන්න"

"අපට පරාටා දෙකකුයි, බිත්තර රොටියකුයි ගේන්න"

"අයියේ, ස්ප්‍රයිට් එකක්. අහ්! ඒක නැත්තන් කොකාකෝලා බඩියක් දෙන්නකෝ"

පහුගිය දවසක උදේ වරුවේ බම්බලපිටිය පැත්තේ කඩේකට ගිය මගේ කණට වැටුණු කතා දෙක තුනක් තමයි මේ. උදේට කන්න වෙලාවක් නොතිබුණු නිසා, ඔෆිස් එකට යන්න කලින් මොනවහරි බඩට දාගන්නයි මාත් මේ පැත්තට ඇදුණේ. මං වගේම එතැන ඇවිත් ඉඳපු අයගෙන් එන මේ කතා බහ ඇහෙද්දී මට හිතුණේ අපේ ජීවිත කොච්චර සංකීර්ණ වෙලාද, කාර්යබහුල වෙලාද කියන එක. ගෙදර අයත් එක්ක එකට වාඩිවෙලා උදේ කෑම කන්න දැන් අවස්ථාව ලැබෙන්නේ හරිම කලාතුරකින්. ඒ වෙනුවට, නන්නාඳුනන කාණ්ඩයක් මැද වාඩිවෙලා, කඩේක හැදුණු කෑම කන්න අපි පුරුදුවෙලා.

ඒත් ගෙදර ආදරෙත් එකතුවෙලා, උදේට ගෙදර කුස්සියේ හැදෙන මේ වගේ කෑමවල රස මතක් වෙද්දීත් අපේ බඩ පිරෙනවා.

1. තම්බපු බතල, මඤ්ඤොක්කා

Image Credits : zimbokitchen.com

දැන් වගේ නෙවෙයි, ඉස්සර අපේ අත්තම්මලා, සීයලා එහෙම තමන්ගේ උදේ වේල සරි කරගන්නේ මේ වගේ කෑමකින්. රතු ළූණු ටිකක් පොඩි කරලා, ලුණු, මිරිස්, ඇඹුල් පදමට දාලා හැදෙන ලුණු මිරිසකුත් මේකට එකතු වෙනවා. ඒ විතරක් නෙවෙයි, හීනියට ගාගත්ත පොල් ටිකකුත් තියෙනවනම් තවත් මරු.

2. ආප්ප

දුම් දදා මේසෙට එන ආප්ප කන්නත් හොඳටම ගැළපෙන්නේ හොඳ සැරට හදපු කට්ට සම්බෝලයක් තමයි. ඒ නැත්තන් හොඳ කිතුල් හකුරු කෑල්ලක් තියෙන්න ඕනේ.

3. ඉඳි ආප්ප

රතු හාලෙන් වගේම සුදු හාලෙන් හැදෙන ඉඳි ආප්ප කන්න, උණු කිරි හොද්දක්, අල හොද්දක්, මාළු හොද්දක් එහෙම වරදින්නේ නැහැ. ලුණු, ඇඹුල් යහමින් දාපු පොල් සම්බෝලෙකුත් මේකට එක්කාසු වුණාම ඉඳි ආප්ප සීයකට වුණත් වග කියයි අපේ කට්ටිය.

4. පිට්ටු

පොල් කිරි චුට්ටක් එකතු කරපු කුරක්කන් පිට්ටු කෑල්ලක රස දන්නේ ඒක කාලා තියෙන කෙනෙක් විතරයි. දියවැඩියාව තියෙන අයටත් ගුණයි මේවා. කුරක්කන් පිටිවලින් විතරක් නෙවෙයි, හාල් පිටිවලිනුත් පිට්ටු හදනවනේ. කරපිංචා, උළුහාල් එහෙම දාලා හදපු කිරි හොදි ටිකකුත් වත්කරගත්තම මේකෙන් එන්නේ කොහොමවත්ම බැහැයි කියන්න බැරි රසක්.

5. තම්බපු කඩල/මුං ඇට/කව්පි

Image Credits : Aasai Rasai ආසයි රසයි

දැන් කාලේ පොඩ්ඩෝ ධාන්‍ය කන්නේ සීරියල් විදියට වුණත්, අපි ඒවා කෑවේ තම්බලා. කඩල, මුං ඇට, කව්පි වගේ ඇට වර්ග පැයක් දෙකක් වතුරේ පෙඟේන්න තියලා තමයි තම්බන්න ගන්නේ. තම්බපු පමණින් නම් මේවයෙන් හොඳ රසක් එන්නේ නැහැ. ඒ නිසා හීනියට ගාගත්ත පොල් ටිකක්, ලුණු මිරිස් ටිකක් මේවට එකතු කරගන්න අපි පුරුදු වෙලා හිටියා. සමහර වෙලාවට අපේ අම්මලා හැදුවේ තෙම්පරාදු කරපු කඩල. වියළි මිරිස්, ළූණු, කරපිංචා, අබ, වගේම පොල් කෑලි කපලා දාලා හැදෙන මේ තෙම්පරාදු කඩලවල හොඳින්ම රස එන්නේ උණුවෙන් තියෙද්දී තමයි.

6. පොල් රොටි

යස කට්ට සම්බෝලයක් එක්ක කැපෙන තවත් කෑමක් විදියට පොල් රොටි හඳුන්වන්න පුළුවන්. පාන් පිටි රොටි වගේම  කුරක්කන් පිටි රොටිත් ඒ දවස්වල අපේ ගෙවල්වල හැදුණා. කුරක්කන් රොටි ගොඩක් වෙලාවට දෙන්නේ දියවැඩියාව හැදිලා ඉඳපු අපේ ආච්චිලට සීයලට.

7. කිරි බත්

පොල් කිරි වැඩිවෙන තරමට රස වැඩිවෙන කිරිබත් කන්නත් හරියන්නේ කට්ට සම්බෝලයක්ම තමයි. කිතුල් හකුරු කෑල්ලකුත් තිබුණම තවත් රස හොඳයි. මාළු ඇඹුල් තියල් එක්කත් කිරිබත් කන්න පුරුදු වුණු අය ඉන්නවා මේ අතරේ. ඒ විතරක් නෙවෙයි, කිරිබත් කියන්නේ සීනි සම්බෝල එක්කත් කන්න පුළුවන් උදේ කෑමක්නේ.

Image Credits : cukbook.blogspot.com​

හැමදාම කන කිරිබත එපා නොවෙන්න, ඒකට පොඩි විවිධත්වයක් දෙන්න තමයි අපේ අම්මලා ඉඹුල් කිරිබත්, මුං ඇට කිරිබත් එහෙම හැදුවේ. ඉඹුල් කිරිබත් හදන්නේ කිරිබත මැද්දට පොල් පැණි තට්ටුවක් දාලා. මේ පොල් පැණි එක කිතුල් හකුරුවලින් හැදුවම එන්නේ දිව්‍යලෝක රසක්.

Image Credits : srilankanfoodforever.blogspot.com

කිරිබත හදද්දිම, මුං ඇට එකතු කරලා හැදෙන මුං ඇට කිරිබත් එකේ රස වගේම හොඳ ගුණයකුත් තිබුණා.

8. වණ්ඩු ආප්ප

Image Credits : TheCulinarycorner

වණ්ඩු ආප්ප කියලා කිව්වට මේක තවත් ආප්ප වර්ගයක් නෙවෙයි. පොල්, උණු කරපු සීනි, හාල් පිටි මිශ්‍රණයක් පැහෙන්න තියලා, කැන්ද කොළ ගොටුවලට පුරවලා, හුමාලයෙන් තම්බලා හදන වණ්ඩු ආප්පවල රස මතක් වෙද්දී අදටත් අපේ කටවල්වලට කෙළ උනනවා.

9. කුරක්කන් තලප

Image Credits : sinhalajanakavi.com

හැට පැන්නත් කිසි මහන්සියක් නැතුව ගෙදරදොරේ වැඩ කරන්න, කුඹුරු යායක් වුණත් අස්වද්දන්න අපේ ආච්චිලා සීයලාට හයි හත්තිය ලබා දුන්නේ මෙන්න මේ වගේ කෑම වර්ග. ඉතින් ඉඳලා හිටලා අපේ ගෙවල්වලත් කුරක්කන් තලප හැදුණේ ඒ නිසාම වෙන්නැති. මේකත් එක්ක කන්න, කොරළි මාළු හොද්දක්, තිබ්බොටු මැල්ලුමක් එහෙම වරදින්නේ නැහැ.

10. රතු හාලේ බත්

Image Credits : karma.lk

හොඳ පොල් සම්බෝලයක්, මිරිස් මාළු හොද්දක් තියෙනවා නම්, අපේ උන්දැලා රතු හාලේ බත් මුට්ටියකට වුණත් වග කියයි. පොල් සම්බෝලේ නැත්තන්, නිකන් පොල් ටිකක් වුණත් මේකට මරු.

මේ කොයි කෑම වර්ගයක් වුණත් කෑවට පස්සේ, හොඳ උණු ප්ලේන්ටියක් බොන්නම ඕනේ. මොකද තේ තියන්නේ අපේ ජාතික බීම වගේනේ. උදේට එන කම්මැලිකම, නිදිමත ගතිය ක්ෂණයෙන් නැති කරන්න වගේම, උදේ කෑම වේල සම්පූර්ණ වුණා කියලා අපට දැනෙන්නෙත් ප්ලේන්ටියක් බිව්වම තමයි.   

"උදේට කන්න ඕනේ රජෙක් වගේ, රෑට කන්න ඕනේ හිඟන්නෙක් වගේ"; මේ අපේ අත්තම්මා හැමවෙලේම කියන්න පුරුදු වෙලා උන්නු කතාවක්. ඇත්තම කිව්වොත්, උදේ කෑම වේල කියන්නේ කොච්චර වැදගත් එකක්ද කියන එක තහවුරු කරන්න මේ වචන ටිකම ඇති. දැන් කාලේ උදේට කන ගොඩක් කෑම වර්ගවලින් අපේ බඩ පිරෙන්නේ ඒ වෙලාවට විතරයි. කොච්චර ෂෝට්-ඊට්ස්, පරාටා, බිත්තර රොටි කෑවත් දවල් එකොළහ, දොළහ වෙද්දී අපට බඩගිනි වෙන්නෙත් මේ නිසයි. ඒ විතරක් නෙවෙයි, මේවයේ ඒ හැටි ගුණයකුත් නැහැනේ.

ඉතින් සතියට දවසක් දෙකක් හරි මේ කිව්ව කෑම වර්ගයක් උදේ කෑමට එකතු කරගන්න පුළුවන් නම්, ඔයාලගේ හිතයි බඩයි දෙකම පුරවගන්න පුළුවන් වෙයි. අනික කඩෙන් කන්න වියදම් නොවෙන නිසා, අතෙත් කීයක් හරි ඉතුරු වෙනවනේ.

Share on facebook
Share on twitter
Share on whatsapp

Highlights.

Latest.

KAMU.

The Sweetest Valentine’s Treat from The Sweet Room!

by Shamrina Carim February is here and love is in the air—So is the irresistible

Kamu

Sawan for Seven! A Gigantic North Indian Meal from Rosewood Ceylon

By Shamrina Carim If you’re craving an indulgent North Indian meal that brings together bold

Kamu

Culinary Adventure at Long Feng by Cinnamon Lakeside Colombo : The Chinese Food Festival 2025

If you’ve never journeyed to China, a  grand opportunity to immerse yourself in its true

Kamu

Cheers Pub at Cinnamon Grand Colombo: The Ultimate Spot for Great Vibes, Delicious Food, and Fun

By Sharon Nonis Looking for a place that blends great food, refreshing drinks, live music,

Highlights Kamu

Across Borders: A Culinary Bridge Between India and Sri Lanka Through Peshawri’s Timeless Flavors

By Vimasha Vishvadari Peshawri, a renowned restaurant chain, originated from the iconic Bukhara restaurant in

Highlights Kamu

Tenkū – a hidden Gem of the Japanese Cuisine

By Vimasha Weerawansha Ambience  The Kingsbury Rooftop offers a breathtaking panorama of the cityscape and

Highlights Kamu

Trending.

A Valentine’s Day to Remember at The Kingsbury

This Valentine’s Day, let your love story unfold at The Kingsbury, Colombo. Set against the

Trending

Celebrate Love at Amaya Hills and Amaya Beach This Valentine’s Day

Celebrate Love at Amaya Hills and Amaya Beach This Valentine's Day This Valentine’s, embrace the

Trending

Hilton Colombo Residences to Host ‘A Balinese Affair’ from 7 to 21 February 2025

Hilton Colombo Residences presents ‘A Balinese Affair’, an exclusive dining experience transporting guests to the

Trending

Heritance Hotels and Resorts Partners with Galle Literary Festival as Exclusive Opening Night Sponsor

Heritance Hotels and Resorts, the flagship brand of Aitken Spence Hotels, proudly announces its continued

Trending

A Night to Remember at Excel World’s Indian Food Festival

Excel World came alive on the evening of January 11th with the grand opening of

Highlights Trending

Dine as Much as Your Heart Desires this Chinese New Year at The Kingsbury’s Yue Chuan

Celebrate the vibrant traditions of the Chinese New Year with a culinary experience like no

Trending

Yamu Guide.

Colombo’s BYOB Gems: 15 Perfect Spots to Pair Your Drink with Delicious Food

by Vimasha Weerawansha Are you on the hunt for dining spots where you can bring

Yamu Guide

14 Romantic Places to Spend  February 14th – Valentine’s Day

Valentine’s Day is just around the corner, and if you're looking for the perfect place

Highlights Yamu Guide

Valentine’s Gift Guide for Him 2025

by Fathima Rukaiya Looking for the perfect way to show your special guy how much

Highlights Yamu Guide

9 Valentine’s Day Picks for Her 2025

By Fathima Rukaiya, With Valentine’s Day just around the corner, hearts are filled with anticipation.

Highlights Yamu Guide

New Year’s Eve at The Kingsbury Colombo

Embrace the wonder of Christmas with a world of joy and togetherness this New Year’s

Trending Yamu Guide

Tea, Treats, and Tidings: The Christmas Menu of t-Lounge by Dilmah

By Vimasha Weerawansha t-Lounge by Dilmah is a sophisticated tea experience that blends tradition with

Highlights Yamu Guide