හුළඟේ හැටියට කාලගුණේ කියපු අපේ මුතුන්මිත්තෝ.

“පායනවා කිව්වොත් තක්කෙට ම නා කපන සයිස් එකට වැස්සක් වැටෙනවා. වහිනවා කිව්වොත් පොළොව පැළෙන ගාණට පායනවා”; සාමාන්‍යයෙන් ලංකාවේ කාලගුණ අනාවැකි ඔය වගේනේ.

දැන් වගේ ඔහොමවත් කාලගුණ අනාවැකි කියන්න දෙපාර්තමේන්තුවක් අපේ මුතුන්මිත්තන් ට තිබුණේ නැහැ. එදිනෙදා එයාලාට මීටර් වෙන දේශගුණයේ වෙනස්කම් අනූව තමයි එයාලා පහුවෙනිදට එන අව්ව, වැස්ස ගැන කතා කළේ. ගොඩක් වෙලාවට මේකට එයාලා උපයෝගී කරගත්තේ සුළඟේ ස්වභාවය.

සුළඟේ හැටියට අපේ මුතුන්මිත්තෝ කාලගුණය ගැන අනාවැකි කිව්වේ මෙහෙමයි.

1. වැලි හුළඟ

Image Source : ipsnews.net

වැලි කැට, දිරාපත් වෙච්ච කොළ එහෙම එකට එකතුවෙලා සුළියක් වගේ උඩට ගහගෙන යන හුළඟට අපි අද කියන්නේ ටොනේඩෝ කියලා වුණත්, අපේ පරණ ගැමියන් ඕකට කිව්වේ “වැලි හුළඟ” කියලා. මේක ටොනේඩෝ තරම් බලවත් හෝ බරපතල නැහැ. හැබැයි ඉඩෝර කාලෙක මේ වගේ හුළඟක් දැක්කොත්, ඒක හොඳ දෙයක් නම් නෙවෙයි. මේක මේ වියළි දේශගුණය තව දුරටත් අල්ලා හිටින බව පෙන්වන ලකුණක්.

2. කොළ හුළඟ

කොළ, රතු පාටවලට හැරුණු ගස්වලින් හැලෙන “ඔටම්” කියලා සෘතුවක් ලෝකේ ගොඩක් රටවල්වලට බලපානවා. ලංකාවට මේ වගේ සෘතුවක් නැති බව හැබෑව. ඒත් ගස්වල ඉදුණු කොළ ගලවාගෙන හමන වියළි සුළඟ ඉඳලා හිටලා අපට දැකගන්න ලැබෙනවා. අපේ මුතුන්මිත්තන් මේක හැඳින්වූයේ “කොළ හුළඟ” විදියට. මේකත් ඉඩෝර කාලය ඇරඹෙන්න කිට්ටු බව පෙන්වන්නක් විදියටයි ඔවුන් සැලකුවේ.

3. හූ කියන හුළඟ

Image Source : absolutesrilankansafari.com

මේ සුළඟට ඒ නම ලැබිලා තියෙන්නේ “හූ” සද්දෙන් හමන නිසයි. ගොඩක් වෙලාවට මේක  ඇතිවෙන්නේ වියළි දේශගුණයක් තියෙද්දී. ගස් රහිත වැව්, කමත්, කුඹුරු ආශ්‍රිත පරිසරයේදී මේ හුළඟේ හඬ හුඟක් හොඳින් අහන්න ලැබෙනවා. මේක එක දිගට නොකඩවා හමන සුළඟක් නෙවෙයි. හමන්නේ කඩින්කඩ වගේ. පැරැන්නන් ට අනූව මේකත් ඉඩෝරය තවත් කල් තියෙන බව පෙන්නපු සාධකයක්.

4. ගහගෙන යන හුළඟ

පොළොව මට්ටමේ දී හරි ම වේගෙන් හමන මේ සුළං වර්ගය බිම තියෙන වැලි කැට, දිරාපත් වෙච්ච කොළරොඩු සේරම ගහගෙන යන්න සමත් එකක්. ඒ වේගය නිසා ම මේක “ගහගෙන යන හුළඟ” විදියට අපේ මුතුන්මිත්තන් හැඳින්වූවා. මේ හුළඟ හමන්නේ එක ම දිසාවකට. ගහගෙන යන සුළං රැළිවලින් කියවුණේත් වියළි දේශගුණය තවත් කල් තියෙන බවයි.

5. පොළොව පැළෙන හුළඟ

Image Source : sundaytimes.lk

තදට ම පායන කාලෙට හමන වියළි හුළඟ, සමහර වෙලාවට පොළොව ඉරි තලන්න තරම් සමත් වුණා. “වලං පැළෙන සුළඟ”, “පොළොව පැළෙන සුළඟ” වගේ නම් අපේ පැරැන්නෝ මේ හුළඟට දුන්නේ ඒ නිසයි. මේකත් ඉඩෝරය ඉදිරියට පැවතෙන බව පෙන්වපු සලකුණක්.

6. හීල් හුළඟ

Image Credits :  Buddika Muhandiram

ලොකු ඉඩෝර සමයකට පස්සේ හමන හීල් සුළඟ, පැරණි ගැමියාගේ හිතට සතුටක් ගෙන දුන්නා. මොකද එක වැස්ස කාලය අත ළඟ බව නිරූපණය කරන්නක්. ඇල් හුළඟ විදියටත් මේක හැඳින්වුණා. හීල් හුළඟ ඇඟේ දැවටෙද්දී දැනුණේ හරි ම සිසිල් ගතියක්. මොකද මේක වැස්ස වහින පැතිවල ජල අංශුත් අරගෙන එමින් හමන සුළඟක්. හීල් හුළඟ හමන දිසාව අනූව, වහින්නේ මොන පැත්තට ද කියලා අනාවැකි කියන්නත් ගැමියෝ සමත් වුණා. “හීල් සුළඟට වැස්ස සැර සාරයි” යන කියමනත් පැරැන්නෝ අතරේ තිබුණේ මේ නිසාමයි.

Image Source : lankapura.com

ඉස්සර මිනිස්සු පරිසරයට සැලකුවේ තමන්ගේ ම නෑදෑයෙක් ට වගේ. ඒ තරම් සමීප සම්බන්ධතාවයක් ඔවුන්ට ස්වභාව ධර්මයත් එක්ක තිබුණා. හමන සුළඟේ හැටියට කාලගුණ අනාවැකි කියන්න තරම් එයාලට හුරුවක් ලැබුණෙත් මේ හිතවත්කම නිසයි.

Share on facebook
Share on twitter
Share on whatsapp

Highlights.

Latest.

KAMU.

The Delightful Indian Cuisine at Navaratna by Taj Samudra

Navaratna is an Indian Restaurant located in Taj Samudra Colombo. Taj Samudra is a 5-star

Kamu

10 Places to Get Sushi in Colombo

By Janani Vithanage A Japanese dish most often presented as vinegared sticky rice, seafood or

Highlights Kamu Yamu Guide

An ideal dinner date spot in Colombo – Ward 7

By Shamrina Carim Are you struggling to decide where you could have a decent fancy

Kamu

Reaching new heights at Virticle by Jetwing’s rooftop bar & restaurant

We were so excited to go to the highest rooftop bar & restaurant in Colombo

Highlights Kamu

Satisfy your Kottu cravings at KottuLabs

Located in Nawala down a little lane, Kottulabs is home to the widest and most

Highlights Kamu

A flavorful journey to the North East by Paadum Meen

An ecstatically beautiful place located down Frankfort place, Bambalapitiya has caught a significant eye for

Highlights Kamu

Trending.

Savor The Salt Of The Sea At Hilton Colombo

Fresh from the seafood markets to your table Colombo, Sri Lanka – 20th June 2022 – Partake

Trending

10 Types of Sri Lankans in Petrol Queues

By Janani Vithanage These days, spending time in the petrol queue is almost every Sri

Highlights Trending

Celebrating life with Perera & Sons

by Shamrina Carim Perera & Sons holds a privileged history of catering to the most

Highlights Trending

Before You Watch… Jurassic World Dominion

By Shamrina Carim The movie On a critic of honest opinions, Jurassic World Dominion is

Trending

Treats fit for a King at Ramada Colombo this Father’s Day!

Enjoy Father's Day special Grill, Lunch, Dinner, Deliveries, and Stays… This June 19th, we all

Trending

Celebrate Father’s Day with your Super Dad at Hilton Colombo!

Looking to express your gratitude for the superhero of your household this Father’s Day? Hilton

Trending

Yamu Guide.

10 Places to Get Sushi in Colombo

By Janani Vithanage A Japanese dish most often presented as vinegared sticky rice, seafood or

Highlights Kamu Yamu Guide

The ideal skin care routine with Bio Oil

By Shanali Fernando Feeling overwhelmed, confused, and/or frustrated by the multitude of competing messages about

Highlights Yamu Guide

5 common causes of Dry Skin

The general cause of itchy, dry skin might seem like a no-brainer: It's a lack

Highlights Yamu Guide

7 Places to Watch the SL Vs. AUS ODI Matches

By Janani Vithanage Sri Lankan cricket may ot have been on its best footing over

Highlights Yamu Guide

5 Cooking Tips from Knorr

By Janani Vithanage Being a mother in today’s world is no easy task. From waking

Highlights Yamu Guide

How Bio Oil reduces scars

By Shanali Fernando Still curious about this little pink bottle of magic and what it

Highlights Yamu Guide